176. තියෙන්නෙ කොහෙ ද? (IV)

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 01) භාවනාව සම්බන්දව තුබස්සෙහි සිටින නාගයා ඇල්ලීමට තුබසෙහි සිදුරු 5 ක් වසා එක් සිදුරක් දෙස බලන්න යන අදහස ඇති සුත්‍රය කුමක්ද?

02) සන්තති ඇමති රහත් භාවයට පත් වූ බව සඳහන් සූත්‍රය කුමක්ද?

03) සුද්ධෝධන / සුද්ධෝදන රජතුමා රහත් භාවයට පත් වූ බව සඳහන් සුත්‍රය කුමක්ද?

(සුත්‍ර පිටකය මා අධ්‍යනය කරන්නෙකු බැවින් ඒ පිලිබදව නිතර විමසනවා. සුත්‍රයන් පිලිබවැව විමසා ඔබ සියලු දෙනා කරදරයට පත් කිරීම පිලිබදව සමාව ඉල්ලා සිටිමි. ඔබ සියලු දෙනාට බොහොම පින් සිදුවේවා. සසරෙන් එතෙර වීමට උපකාර වේවා. තෙරුවන් සරණයි.)

A. 01)  වම්මික සූත්‍රය.

A. 02). "නිවනට පැමිණීමට සියලු කෙලෙසුන් නසා රහත් විය යුතුය. ඇතැම්හු ඉතා පහසුවෙන් අර්හත්වයට පැමිණෙති. ඇතැමුන්ට අර්හත්වයට පැමිනීමට බොහෝ දුක් ගන්නට සිදු වේ. පසේනදී කොසොල් රජු ගේ ඇමතියෙකු වූ සන්තති මහාමත්‍ය තෙමේ නාටිකාංගනාවකගේ මරණයෙන් වූ ශෝකය ඉවසිය නො හැකිව එය සන්සිඳවා ගැනීමට බුදුරදුන් වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ ඔහුට:

“යං පුබ්බෙ තං විසොධෙහි - පච්ඡා තෙ මාහු කිඤ්චනං
මජ්ඣෙ ච නො ගහෙස්සති - උපසන්නො චරිස්සති”
http://pitaka.lk/411315/955/cs,aps
යන ගාථාව දේශනා කළ සේක. එය ඇසීමෙන්ම සන්තති මහාමාත්‍ය තෙමේ එකෙණෙහි ම ගිහිව සිට ම සකල ක්ලේශයන් ප්‍රහාණය කොට අර්හත් ඵලයට පැමිණියේය." http://pitaka.lk/books/rc/Punyopadeseya.htm#_Toc459413235
මහාසතිපට්‌ඨානසුත්‌ත අටුවාව - සොකපරිදෙවානං සමතික්‌කමායාති සොකස්‌ස ච පරිදෙවස්‌ස ච සමතික්‌කමාය පහානායාති අත්‌ථො, අයඤ්‌හි මග්‌ගො භාවිතො සන්‌තතිමහාමත්‌තාදීනං විය සොකසමතික්‌කමාය, පටාචාරාදීනං විය පරිදෙවසමතික්‌කමාය සංවත්‌තති. තෙනාහ ‘‘සොකපරිදෙවානං සමතික්‌කමායා’’ති. කිඤ්‌චාපි හි සන්‌තතිමහාමත්‌තො –
‘‘යං පුබ්‌බෙ තං විසොධෙහි, පච්‌ඡා තෙ මාතු කිඤ්‌චනං;
මජ්‌ඣෙ චෙ නො ගහෙස්‌සසි, උපසන්‌තො චරිස්‌සසී’’ති.

A / R. 03). "අපරෙන සමයෙන බොධිසත්තො මහාභිනික්ඛමනං නික්ඛමිත්වා සබ්බඤ්ඤුතං පත්වා ලොකානුග්ගහං කරොන්තො අනුක්කමෙන කපිලවත්ථුං පත්වා නගරං පිණ්ඩාය පාවිසි. අථස්ස පිතා සුද්ධොදනමහාරාජා අන්තරවීථියංයෙව ¶ ධම්මකථං සුත්වා සොතාපන්නො අහොසි. අථ දුතියදිවසෙ නන්දො පබ්බජි, සත්තමෙ දිවසෙ රාහුලො. සත්ථා අපරෙන සමයෙන වෙසාලිං උපනිස්සාය කූටාගාරසාලායං විහරති. තස්මිං සමයෙ සුද්ධොදනමහාරාජා සෙතච්ඡත්තස්ස හෙට්ඨා අරහත්තං සච්ඡිකත්වා පරිනිබ්බායි."

R. "අපරභාගෙ අම්හාකං සත්ථරි උප්පජ්ජිත්වා පවත්තිතවරධම්මචක්කෙ අනුපුබ්බෙන තත්ථ තත්ථ වෙනෙය්‍යානං අනුග්ගහං කරොන්තෙ වෙසාලිං උපනිස්සාය කූටාගාරසාලායං විහරන්තෙ සුද්ධොදනමහාරාජා සෙතච්ඡත්තස්ස ¶ හෙට්ඨා අරහත්තං සච්ඡිකත්වා පරිනිබ්බායි."

R. "අථාපරෙන සමයෙන සත්ථරි වෙසාලිං උපනිස්සාය කූටාගාරසාලායං විහරන්තෙ සුද්ධොදනමහාරාජා ¶ සෙතච්ඡත්තස්ස හෙට්ඨාව අරහත්තං සච්ඡිකත්වා පරිනිබ්බායි."

සුද්ධෝදන මහ රජතුමන් මරණ මංඡකයේ ම රහත්භාවයට පත්ව, ගිහි උතුමෙකු ලෙසම පිරිනිවන් පෑ බව නොයෙක් තැනවල සඳහන් වුවද, ඇතැම් විට එය එකී මූලාශ්‍ර හා සැසඳෙන්නේ නැති බවක් පෙනේ. ඉහත පදිරි අට්ටකතා තුළ නම් දැකිය හැක.

“... and when he was about to die, the Buddha came from Vesāli to see him and preach to him, and Suddhodana became an arahant and died as a lay arahant (ThigA.141).”
http://www.palikanon.com/english/pali_names/s/suddhodana.htm

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll