487. නන්දිරාගය යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. නන්දිරාගය කියන වචනෙ තෙරුම කුමක්ද?

A / R. 1. සත්ත්වයා කුමන හෝ භවයක, කොතැනක දී හෝ බාහිර අරමුණක් නිසා හෝ තමා ම විසින් හෝ සතුටු වෙයි ද එයට “නන්දිය” යැයි කියනු ලැබේ. එකී “නන්දිය”ට ම බැසගෙන රසවිඳින අර්ථයෙන් ද “නන්දි රාගය” යැයි කියනු ලැබේ.

2. රස විඳින බැවින් (රස විඳීම් වශයෙන්) ද බැසගෙන රසවිඳින අර්ථයෙන් ද, බෙහෙවින් ම සතුටු වන (අභිරමණය කරන) බැවින් ද “නන්දි රාගය”කියනු ලැබේ.

3. යම් අරමුණක පළමුවෙන් ම ඇතිවන තණ්හාව “නන්දිය” වේ - නැවත නැවත ඇතිවන තණ්හාව “නන්දි රාගය” වේ.

4. පරමාර්ථ වශයෙන් “නන්දි රාගය යනු “තණ්හාව” ට ම නමකි.
(“නන්දි රාගය හා “තණ්හාව අර්ථ වයෙන් එකකි; ලක්ෂණ වශයෙන් දෙකකි.)

{“රඤ්ජනවසෙන රාගො. බලවරඤ්ජනට්ඨෙන සාරාගො. විසයෙ සත්තානං අනු අනු නයනතො අනුනයො. අනුරුජ්ඣතීතිඅනුරොධො, කාමෙතීති අත්ථො. යත්ථ කත්ථචි භවෙ සත්තා එතාය නන්දන්තීති නන්දී, සයං වා නන්දතීති නන්දී. නන්දී ච සාරඤ්ජනට්ඨෙන රාගො චාති නන්දිරාගො. තත්ථ එකස්මිං ආරම්මණෙ සකිං උප්පන්නා තණ්හා නන්දී, පුනප්පුනං උප්පජ්ජමානානන්දිරාගොති වුච්චති. චිත්තස්ස සාරාගොති යො හෙට්ඨා “බලවරඤ්ජනට්ඨෙන සාරාගො”ති වුත්තො, සො න සත්තස්ස, චිත්තස්සෙව සාරාගොති අත්ථො.”

“නන්දනට්ඨෙන නන්දී, රඤ්ජනට්ඨෙන රාගො. යො ච නන්දිරාගො, යා ච තණ්හා, උභයමෙතං එකත්ථං, බ්‍යඤ්ජනමෙව නානන්ති තණ්හා “නන්දිරාගෙන සද්ධිං අත්ථතො එකත්තං ගතා”ති වුත්තා. රාගසම්බන්ධෙන “උප්පන්නස්සා”ති වුත්තං. රූපාරූපභවරාගො විසුං වක්ඛතීති කාමභවෙ එව භවපත්ථනාඋප්පත්ති වුත්තාතිවෙදිතබ්බා”

(ඉහත ආශ්‍රිත පාළි පාඨවල සමස්ථ අර්ථයෙන් උකහාගත්, ඉහත ම සිංහල පරිවර්තන “අපගේ පෞද්ගලික අදහස” පරිදි ය.)

[And, thanks to - https://tipitaka.app/ too.]}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll