601. ලිංග භේදයේ අරුමය ද? කරුමය ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදු දහමට අනුව ස්ත්‍රිත්වය යනු පෙර ආත්මයක සිදු කරනු ලැබු අකුසල කර්මයක ප්‍රතිපලයක් බවත් පුරුෂයකුව ඉපදිම පෙර ආත්ම බවයක සිදු කරනු ලැබු කුසල් හා දිගින් දිගටම කරනු ලැබු බලවත් කුසල්හි ප්‍රතිපලයක් බවත් සදහන් වේ. ධර්මය තුලින් පැහැදලි කිරිමක් අවැසිය.

A. "කාම මිථ්‍යාචාරයේ විපාක.
... පුරුෂයෝ ස්ත්‍රීහු වෙති. ස්ත්‍රීහු ස්ත්‍රීත්වයෙන් නො මිදෙති. ...”

"... සත්ත්ව ශරීරවල පමණක් නොව තෘෂ්ණාවේ ද ස්ත්‍රී පුරුෂ භේදය ඇත්තේ ය. ස්ත්‍රීන්ට පමණක් අයත් වූ කරුණු පිළිබඳ ව ඔවුන් කෙරෙහි ඇති වන තෘෂ්ණාව ස්ත්‍රීතෘෂ්ණාව ය. පුරුෂයන්ට පමණක් අයත් වූ කරුණු පිළිබඳ ව ඔවුනට ඇති වන තෘෂ්ණාව පුරුෂ තෘෂ්ණාව ය. භවයෙහි සත්ත්වයාගේ නැවත නැවත ඉපදීමට තෘෂ්ණාව ද බලවත් හේතුවකි. අප්‍ර‍හීණත්වයෙන් ස්ත්‍රී තෘෂ්ණා සහගත කර්මයෙන් ප්‍ර‍තිසන්ධිය ගෙන දෙන කල්හි ප්‍ර‍තිසන්ධි චිත්තය සමඟ ම ස්ත්‍රී භාවරූපය ද ඇති වේ. අප්‍ර‍හීණත්වයෙන් පුරුෂ තෘෂ්ණා සහගත කර්මයෙන් ප්‍ර‍තිසන්ධි චිත්තය සමඟ ම පුරුෂ භාව රූපය ද ඇති කරනු ලැබේ. ප්‍ර‍තිසන්ධි චිත්තයේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැත. ස්ත්‍රීන් කෙරෙහි ඇති වන කර්ම අප්‍ර‍හීණත්වයෙන් ස්ත්‍රී තෘෂ්ණා සහගත වන බැවින් ද, පුරුෂයන් කෙරෙහි ඇති වන කර්ම පුරුෂ තෘෂ්ණා සහගත වන බැවින් ද ජාතියෙන් ජාතිය ස්ත්‍රීහු ස්ත්‍රීන් ව ම ද, පුරුෂයෝ පුරුෂයන් ව ම ද උපදිති. එය වෙනස් වන්නේ එසේ නො වීමට යම්කිසි විශේෂ හේතුවක් ඇති වුවහොත් පමණකි. ..."

ස්ත්‍රී තණ්හාවෙන් ක්‍රමක්‍රමයෙන් (ටිකින් ටික) ඉවත්වන අතර, ක්‍රමක්‍රමයෙන් (ටිකින් ටික) පුරුෂ තණ්හාවෙන් පුරුෂ ආත්ම-භාවයක් පතා (අරමුණු කොට), පිං / කුසල් කිරීමෙන් (හා පව් / අකුසල් නොකිරීමෙන්), පුරුෂයෙකු වී ඉපදිය හැකි බව ඉහත (රේරුකානේ නාහිමියන්ගේ පොත් ආශ්‍රිත) ධර්මානුකූල උපුටන තුළින් ගම්‍ය කරගත හැක.

{ගැහැණියක නැවත පිරිමි භාවයක් ලැබීමට නම්, අනිවාර්යයෙන් ම පිරිමියකුගෙන් / තම ස්වාමියාගෙන් / තම ස්වාමි පුරුෂයාගෙන් “වරම්” (අවසර) ගත යුතු බවක් ඇතැම් සමාජයක/කෙනෙක් අතර දක්නට ඇතත්, එය අපට (මට) එලෙසින් ම ධර්මානුකූලව පිළිගත නො හැක - ධර්මානුකූලව පිළිගත හැක්කේ ඉහත කරුණු ය.}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll