992. බ්‍රහ්ම ලෝකේ යන කාන්තාවෝ කොයි වගේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ධ්‍යානලාභී ස්ත්‍රියක් මියදුනොත් ඇයට බ්‍රහ්ම ලෝකයේ උපදින්න බැරිද?

A. ස්ත්‍රියක් නිසා පළමුව බ්‍රහ්ම පාරිසජ්ජයට යා යුතු වෙනවා. ඉන් පසු ඉහළ බ්‍රහ්ම තල වලට යා හැකියි. (ස්ත්‍රියක් එකවර ඉහළ බ්‍රහ්ම තල වලට යන්නේ නැත)

"ස්ත්‍රීලිංගය පමණක් නොව පුරුෂලිංගයද බ්‍රහ්ම ලෝකයෙහි නැත. එහෙයින් පුරුෂයෙක් බ්‍රහ්මබව කරන්නේය යන යමක් වේද? මෙකරුණ විද්‍යාමාන වේයයිද නොකිය යුතු වන්නේය. නොකිවයුතු වන්නේද නොවේ. කුමක් හෙයින්ද යත්? මෙහිලා පුරුෂයා එහි උපදින බැවිනි. බ්‍රහ්මත්තං යන්නෙන් මහාබ්‍රහ්ම බව අදහස් කරලදී ස්‍ත්‍රියද මෙහි ධ්‍යාන වඩා කළුරිය කොට බ්‍රහ්මපාරිසද්‍යයන් සමඟ සහවාසයෙහි උපදියි. මහාබ්‍රහ්මයන් සමඟ නොවේ. පුරුෂයා වනාහි එහි නූපදිතැයි නොකිව යුතුය. (ස්ත්‍රීපුරුෂ) උභය ලිංගයා‍ගේ අභාවය සමානව ඇති කල්හි බ්‍රහ්මයෝ පිරිමි සටහන් ඇත්තෝම වෙත්, ගැහුණු සටහන් ඇත්තෝ නොවෙත්, එබැවින් මෙය මනාව කියන ලද්දේම වෙයි."


"නනු ච යථා ඉත්‍ථිලිඞ‍්ගං, එවං පුරිසලිඞ‍්ගම‍්පි බ්‍රහ‍්මලොකෙ නත්‍ථි. තස‍්මා “යං පුරිසො බ්‍රහ‍්මත‍්තං කාරෙය්‍ය, ඨානමෙතං විජ‍්ජතී”තිපි න වත‍්තබ‍්බං සියාති. නො න වත‍්තබ‍්බං. කස‍්මා? ඉධ පුරිසස‍්ස තත්‍ථ නිබ‍්බත‍්තනතො. බ්‍රහ‍්මත‍්තන‍්ති හි මහාබ්‍රහ‍්මත‍්තං අධිප‍්පෙතං. ඉත්‍ථී ච ඉධ ඣානං භාවෙත්‍වා කාලං කත්‍වා බ්‍රහ‍්මපාරිසජ‍්ජානං සහබ්‍යතං උපපජ‍්ජති, න මහාබ්‍රහ‍්මානං. පුරිසො පන තත්‍ථ නුප‍්පජ‍්ජතීති න වත‍්තබ‍්බො. සමානෙපි චෙත්‍ථ උභයලිඞ‍්ගාභාවෙ පුරිසසණ‍්ඨානාව බ්‍රහ‍්මානො, න ඉත්‍ථිසණ‍්ඨානා. තස‍්මා සුවුත‍්තමෙවෙතං."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll