Q. චිත්ත වීථියක් අවසන නැවත චිත්ත වීථියක් ඇතිවන්නේ භවාඞ්ග සිතකිනි. එහි අරමුණ ප්රතිසංධි සිත ගත් අරමුණ මැයි. දැන් මෙම නව චිත්ත වීථියේ අරමුණ පෙර චිත්ත වීථියේ අරමුණම වීමට සලස්වන්නේ කෙසේද?
A. (පෙර භවයේ) මරණාසන්න චිත්ත වීථියේ ජවන සිත් (05) මඟින් ගත් අරමුණ ම (මේ භවයේ) ප්‍රතිසන්ධි (හෝ භවාංග හෝ ච්‍යුති) සිතේ අරමුණ වනුයේ, වෙනත් අරමුණක් නැති විටක දී හා භවාංග සිත් ඇති වන විට දී ය; සිතක් මඟින් තවත් සිතක් ද අරමුණු කරන බැවින්, පෙර චිත්ත වීථියේ අරමුණ ම, වෙනත් (නව) චිත්ත වීථියක් මඟින් අරමුණු කරනු ලැබේ. [අතීතාරම්මණය අරමුණු කොට වෙනත් සිත් පහළ වීමට ද හැක.]
{මෙය කර්තෘ [සත්ත්ව / පුද්ගල / ආත්ම / ...] භාවයකින් තොරව සිදුවන [හෙතු-ඵල / නියාම] ධර්මය කි.}
Q. ''පෙර චිත්ත වීථියේ අරමුණම වෙනත් (නව ) චිත්ත වීථියක් මගින් අරමුණු කරනු ලැබේ. '
මට දැනගන්න ඕන, ඇයි එහෙම වෙන්නෙ කියලයි.
නව චිත්ත වීථියේ භවාඞ්ග සිත ඇතිවන අවස්ථාව වන විට පෙර චිත්ත වීථියේ සියලු සිත් භංග වී හමාරය.
එතකොට නව වීථිය පෙර වීථියේ තිබූ අරමුණ කුමක්ද කියා දන්නේ කොහොමද?
A. පිළිතුර හොඳින් කියවා බලන්න.
1. මෙය කර්තෘභාවයකින් සිදුවන්නක් නොවේ.
2. සිතක් විසින් තවත් සිතක් අරමුණු කිරීම හා/හෝ අතීත අරමුණ අරමුණු කරමින් ම සිත් පහළ වීම (“සිතේ හැකියාවකි” ලෙස කීවත් කම් නැත) ධර්මතාවයකි. (චිත්ත නියාමය.)
[මෙය මීට වඩා සරලව කෙටියෙන් පැහැදිලි කළ නොහැක; නොතේරේ නම්, කණගාටු නොවන්න - ඔවැනි ප්‍රශ්න ඔබට ම දිනෙක විසඳෙනු ඇත; ඔබේ තත්ත්වය සතුටුදායක ය - ඒ බව සිතා සතුටු වන්න.]
A. හොඳයි - මං වෙන විදිහකට ඒ පිළිතුර ම පැහැදිලි කරන්නම්.
ඕනෑම චිත්ත විථියක් අවසානයේ දී සිත භවාංග වෙනවනි; දැන් මේ භාවංග සිත් පරම්පරාවට “අතීත ආරම්මණය”ක් ලෙසින්, ඒ ඉපිද නිරුද්ධ වූ ආරම්මණය ම (හෝ වෙනත් සිතක් හෝ චෛතසිකයක් හෝ ප්‍රඥප්තියක් හෝ ආදී ලෙස හෝ “වර්තමාන ආරම්මණය”ක් ලෙස රූපයක් / ශබ්දයක් /... ආදිය හෝ) අරමුණු වී, ඒ භවාංග පරම්පාරව, භාවංග චලන ආදී ලෙස නැවත බිඳී, අලුත් ම චිත්ත විථියක් ඇති වේ; නැවත භවාංග වේ; මේ ක්‍රමයෙන් දිගින් දිගට ම සිදු වේ - (මනොද්වාර විථි ද අධ්‍යයනය කරන්න). දැන් පැහැදිලි ද?
A. “අනුබන්ධක මනෝද්වාර වීථි” - ඔබව තව දුරටත් නිරවුල් කරනු ඇති - https://pitaka.lk/books/abhidharma-margaya/5-11.html
මෙය ද මැනවින් කියවන්න - https://pitaka.lk/books/abhidharma-margaya/5-10.html