141. විපාකයකුත් නෙවෙයි විපාක දෙන ස්වභාව දහමකුත් නෙවෙයි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "නෙව විපාක න විපාක ධම්මධම්මා" - රූපස්කන්ධය "විපාකයකුත් නෙවෙයි විපාක දෙන ස්වභාව දහමකුත් නෙවෙයි (කර්ම නෙවෙයි)". රූපස්කන්ධය විපාකයක් නෙවෙයි කියන මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද?

A. ‘රූපය’ විපාක ඇති කරවන්නෙත් නෑ, විපාක දෙන්නෙත් නෑ. (විපාක ඇති කරවන්නෙත්, විපාක දෙන්නෙත්, දෙකම කරන්නේ ‘කර්මය’ යි. “... සංඛාර පච්චයා විඤ්ඤාණං - විඤ්ඤාණං පච්චයා නාම රූපං ...”)

Q. රූප උපාධානස්කන්ධය කර්ම සහගත නොවේද?

A. රූප උපාදානස්කන්ධය කර්ම “සහගත” නොවේ; ‘රූප උපාදානස්කන්ධය’ කර්ම ඉපදවීමට “ප්‍රත්‍ය” (“හේතු/උදව්/උපකාර...”) වේ.
 
[ වැඩිදුර - එනම් උපාදානස්කන්ධය/උපාදානය තුළ/සතුව කර්ම නැත; එහෙත් උපාදානස්කන්ධය/උපාදානය නිසා කර්ම හට ගනී. මෙය ඕනෑම උපාදානස්කන්ධයයකට සාධාරණය/පොදුය - “... උපාදාන පච්චයා භවෝ ...” - ‘රූපය’ නොහොත් … ‘රූපස්කන්ධය’ … ආදිය ම යි උපාදානයට උපකාර/හිත මිතුරු වෙන්නෙත් හා ‘රූප උපාදානස්කන්ධය’ ආදිය ලෙස උපාදානය කරගන්නෙත්. ...

http://pitaka.lk/20109/cs,aps
http://www.thripitakaya.org/tipitakaya/Index/724?s=22208
http://www.nirwanaya.com/%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0.../ ]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll