860. යේ ධම්මා හේතුප්පභවා?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "යේ ධම්මා හේතුපභවා"
ගාථාව හා එහි අර්ථය කියා දෙන්න.

A. 20. "යෙ ධම‍්මා හෙතුප‍්පභවා - තෙසං හෙතුං තථාගතො ආහ,
තෙසං ච යො නිරොධො - එවං වාදී මහාසමණො’ති.

20. හේතුයෙන් උපන් යම් ධර්ම කෙනෙක් ඇද්ද, තථාගතයෝ ඒ ධර්ම‍යන්ගේ ප්‍රභවහේතුව වදාළහ. යළි ඔවුන්ගේ යම් නිරොධයෙක් ඇද්ද, එ ද වදාළහ, මහාශ්‍රමණ වූ තථාගතයෝ මෙබඳු වාද ඇත්තාහ’යි.

හෙතුප‍්පභවා ධම‍්මා දුක‍්ඛං, හෙතු සමුදයො, යං භගවතො වචනං අයං මග‍්ගො, තෙසං යො නිරොධො, අයං නිරොධො.

හෙතුයෙන් ප්‍රභව වූ ධර්මයෝ ‘දුක්ඛ’ යැ. හෙතුව සමුදය යැ, භාග්‍යවත්හුගේ යම් (දෙශනා) වචනයෙක් ඇද්ද මේ මාර්ග යැ, ඒ ධර්ම‍යන්ගේ යම් නිරොධයෙක් ඇද්ද මේ නිරොධ යි.

යෙ හි කෙචි සංයොජනියෙසු ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සිනො විහරන‍්ති, කිලෙසා තණ‍්හා පවඩ‍්ඪති තණ‍්හාපච‍්චයා උපාදානං. -පෙ- එවමෙතස‍්ස කෙවලසස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති. තත්‍ථ යං සංයොජනං, අයං සමුදයො. යෙ සංයොජනීයා ධම‍්මා යෙ ච සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති, ඉදං දුක‍්ඛං. යා සංයොජනියෙසු ධම‍්මෙසු ආදීනවානුපස‍්සනා, අයං මග‍්ගො. පරිමුච‍්චති ජාතියා ජරාය ව්‍යාධීහි මරණෙන සොකෙහි පරිදෙවෙහි, යාව උපායාසෙහි. ඉදං නිබ‍්බානං.

යම් කිසි කෙනෙක් සංයෝජනයන්ට හිත වූ ධර්මයන්හි ආස්වාද විසින් දක්නාසුලු වැ වාස කෙරෙත් ද, ඔවුනට කෙලෙස් වූ තෘෂ්ණාව වැඩෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වෙයි ... මෙසෙයින් තෙල හුදු දුඃඛරාශිහුගේ සමුදය වේ. එහි යම් සංයෝජනයෙක් ඇද්ද, මේ ‘සමුදය’ යැ. යම් සංයොජනියධර්ම කෙනෙක් ඇද්ද, යම් සොක – පරිදෙව – දුක්ඛ – දොමනස්ස – උපායාස කෙනෙකුත් උපදිත් ද, මේ ‘දුක්ඛ’ යැ. සංසොජනිය ධර්මයන්හි යම් ආදීනව විසින් පුනපුනා බැලීමෙක් වේ ද, මේ මාර්ග යැ. ජාතියෙන් ජරායෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශොකයෙන් පරිදෙවයෙන් – උපායාසය දක්වා – මිදෙයි. මේ නිබ්බාන’යි.

ඉමානි චත‍්තාරි සච‍්චානි.
මේ සතර සත්‍යයෝ යි."

https://tipitaka.lk/kn-petk-1/7-1/sinh
https://tipitaka.lk/kn-petk-1/7-1/pali
https://tipitaka.app/?a=es0-110-si

{T / S. "විස්තර:- මෙහි හේතු යනු - වචනාවයවය, කාරණ්‍ය, මූලය යන මොවුනට ව්‍යවහාර වේ. (ප්‍ර‍තිඥා- හේතු යනාදීන්හි නෛය්‍යායිකයෝ සාධතාවයවය හේතුය යි ය කියති. ප්‍ර‍තිඥා- හේතු- උදහරණ- උපනය- නිගමනයැ යි අනුමානර්‍ථ ප්‍ර‍තීතිය සඳහා පඤ්චාවයවයක් ගැනේ. හේතුව ද මින් එකෙකි.) ශාසනයෙහි “යෙ ධම්මා හෙතුප්පභවා”[1] යනාදීන්හි කාරණයෙහි වේ."

286. ‘‘යෙ ධම්මා හෙතුප්පභවා, තෙසං හෙතුං තථාගතො ආහ;
තෙසඤ්ච යො නිරොධො, එවං වාදී මහාසමණො’.

286. “හේතු ප්‍රභවවූ හෙවත් හේතූන් නිසා ඇතිවන්නාවූ, යම් ඒ ධර්‍ම කෙනෙක් ඇත්නම් එම (ඵල) ධර්‍මද, එකී ඵල ධර්‍මයන්ගේ ඇතිවීම වන්නාවූ හේතු ධර්‍මද, තථාගතයන් වහන්සේ වදාළහ. (එසේම උන්වහන්සේ) මෙකී හේතු ධර්‍මයන්ගේ වැළැක්ම (නිරෝධය) ද, හේතු නිරෝධයෙන් ඇති වන්නාවූ ඵල නිරෝධයද වදාළ සේක. මහා ශ්‍රමණවූ බුදුරජාණන් වහන්සේ මෙබඳු කථා ඇති සේක යනුයි.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll