383. "පටිච්චරූපය!"?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "චක්ඛුං ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං..." මෙහි පටිච්ච රූපය ලෙස ඔබ අවබෝධ කරගෙන ඇත්තේ කුමක්ද?

A / R. “පටිච්ච රූපය” කියා දෙයක් නොමැත. සරලව ම, එහි ‘පටිච්ච’ යනු ‘හේතුකොටගෙන’ යනුයි.

 [චක්ඛුඤ්චාවුසො = චක්ඛුඤ්ච (චක්ඛුඤ් + ච = ඇස ද) + ආවුසො (ආයුෂ්මතුණි)].

රූපය” යනු ඇසට පෙනෙන (චතුසමුට්ඨානික) වර්ණ සටහනයි.

‘‘චක්ඛුඤ්චාවුසො, පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, යං වෙදෙති තං සඤ්ජානාති , යං සඤ්ජානාති තං විතක්කෙති, යං විතක්කෙති තං පපඤ්චෙති, යං පපඤ්චෙති තතොනිදානං පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති අතීතානාගතපච්චුප්පන්නෙසු චක්ඛුවිඤ්ඤෙය්‍යෙසු රූපෙසු."

“ඇවැත්නි, ඇසනිසාද, රූපය නිසාද, චක්ඛුවිඤ්ඤාණය (රූපය දැනගන්නා සිත) උපදී. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොට ගෙන වේදනාව (විඳීම) වෙයි. යම් අරමුණක් වේදනාවෙන් විඳී ද එම අරමුණම සංඥාවෙන් අඳුනයි. යම් අරමුණක් අඳුනාද එම අරමුණම විතර්කයෙන් කල්පනා කරයි. යම් අරමුණක් විතර්කයෙන් කල්පනා කරයිද එම අරමුණම තණ්හා දිට්ඨි වශයෙන් සත්ත්වයා ප්‍රමාදකරයි. ඒ චක්ඛුරූපාදිය මුල්කාරණය කොට තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයෝ අතීත අනාගත වර්තමානවූ ඇසින් බලා දතයුතුවූ රූපයන් කෙරෙහි පුරුෂයා යටත් කරත්."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll