Q. බිම්බිසාර රජතුමාගේ කකුල් පැලීමට හේතූවූ කරුනු සම්බන්ධ අටුවා විස්තරය ඇති කෙනෙක් ලබාදෙන්න; තෙරුවන් සරනයි. (බොහෝ දෙනෙක් එවැනි අකුසලයකින් බේරා ගැනීම සදහා)
A. "එතැන් පටන් රජුට අහරක් නැත. රජතෙමේ මගපල සුවයෙන් සක්මනින් යැපෙයි. ඔහුගේ ආත්මභාවය අතිශයින් බබලයි. කොල්ලන්, මාගේ පියා කෙසේ යැපේදැයි අසා දේවයන් වහන්ස, සක්මනින් යැපෙයි. ඔහුගේ ආත්මභාවය අතිශයින් බබලතියි අසා දැන් ඔහුගේ සක්මන නවත්වන්නෙමියි සිතා මාගේ පියාගේ පාද දැලිපිහියෙන් පළා ලුණු තෙලින් අතුල්ලා කිහිරගුරුවලින් චිටි චිටි ගා පුළුස්සවු යයි කරණවෑමියන් යැවීය. රජ ඔවුන් දැක ‘ඒකාන්තයෙන් මාගේ පුත්‍රයා කවුරුන් හෝ විසින් දන්වන ලද්දේ වන්නේය. මොවුහු මාගේ රැවුල කැපීම පිණිස පැමිණියාහු යයි සිතීය. ඔවුහු ගොස් වැඳ සිටියහ. ‘කුමක් නිසා ආවහුදැ’යි විමසන ලද්දාහු ඒ හසුන දැන්වූහ. තොපගේ රජුගේ අණ කරවු යයි කියන ලද්දාහු ‘හිඳිනු මැනවි දේවයන් වහන්සැ’යි කියා රජු වැඳ ‘දේවයන් වහන්ස, අපි රජ අණ කරමු. අපට නොකිපෙනු මැනවි. මේ නම් ඔබවහන්සේ වැනි දහම් රජුනට නුසුදුසු යැයි කියා වම් අතින් ගොස් මස ගෙන දකුණතින් දැලිපිහිය ගෙන පතුල් පළා ලුණු තෙල් ගා කිහිරි අඟුරින් චිටි චිටි යයි පිළිස්සූහ. රජතෙමේ පෙර සෑමළුවෙහි පාවහන් සහිතව ගියේය. හිඳ ගැනීම පිණිස පනවන ලද පැදුර ද නොසේදු පයින් පෑගීය. මේ එහි විපාකයයි කියත්. රජුට මහත් වේදනා උපන. හේ බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි ධර්මය ආශ්චර්යයි යනුවෙන් සිහිකරන්නේ සෑමළුවෙහි දැමූ මල්දමක් මෙන් මැලවී චාතුර්මහාරාජික දෙව්ලොව වෙසවුණුගේ පරිවාරක ජනවසඟ නම් යක්ෂයකු වී උපන්නේය. "
"තතො පට‍්ඨාය රඤ‍්ඤො ආහාරො නත්‍ථි. රාජා මග‍්ගඵලසුඛෙන චඞ‍්කමෙන යාපෙති. අතිවිය අස‍්ස අත‍්තභාවො විරොචති. සො – “කථං, මෙ භණෙ, පිතා යාපෙතී”ති පුච‍්ඡිත්‍වා “චඞ‍්කමෙන, දෙව, යාපෙති; අතිවිය චස‍්ස අත‍්තභාවො විරොචතී”ති සුත්‍වා ‘චඞ‍්කමං දානිස‍්ස හාරෙස‍්සාමී’ති චින‍්තෙත්‍වා – “මය‍්හං පිතු පාදෙ ඛුරෙන ඵාලෙත්‍වා ලොණතෙලෙන මක‍්ඛෙත්‍වා ඛදිරඞ‍්ගාරෙහි වීතච‍්චිතෙහි පචථා”ති න‍්හාපිතෙ පෙසෙසි. රාජා තෙ දිස‍්වා – “නූන මය‍්හං පුත‍්තො කෙනචි සඤ‍්ඤත‍්තො භවිස‍්සති, ඉමෙ මම මස‍්සුකරණත්‍ථායාගතා”ති චින‍්තෙසි. තෙ ගන‍්ත්‍වා වන්‍දිත්‍වා අට‍්ඨංසු. ‘කස‍්මා ආගතත්‍ථා’ති ච පුට‍්ඨා තං සාසනං ආරොචෙසුං. “තුම‍්හාකං රඤ‍්ඤො මනං කරොථා”ති ච වුත‍්තා ‘නිසීද, දෙවා’ති වත්‍වා ච රාජානං වන්‍දිත්‍වා – “දෙව, මයං රඤ‍්ඤො ආණං කරොම, මා අම‍්හාකං කුජ‍්ඣිත්‍ථ, නයිදං තුම‍්හාදිසානං ධම‍්මරාජූනං අනුච‍්ඡවික”න‍්ති වත්‍වා වාමහත්‍ථෙන ගොප‍්ඵකෙ ගහෙත්‍වා දක‍්ඛිණහත්‍ථෙන ඛුරං ගහෙත්‍වා පාදතලානි ඵාලෙත්‍වා ලොණතෙලෙන මක‍්ඛෙත්‍වා ඛදිරඞ‍්ගාරෙහි වීතච‍්චිතෙහි පචිංසු. රාජා කිර පුබ‍්බෙ චෙතියඞ‍්ගණෙ සඋපාහනො අගමාසි, නිසජ‍්ජනත්‍ථාය පඤ‍්ඤත‍්තකටසාරකඤ‍්ච අධොතෙහි පාදෙහි අක‍්කමි, තස‍්සායං නිස‍්සන්‍දොති වදන‍්ති. රඤ‍්ඤො බලවවෙදනා උප‍්පන‍්නා. සො – “අහො බුද‍්ධො, අහො ධම‍්මො, අහො සඞ‍්ඝො”ති අනුස‍්සරන‍්තොයෙව චෙතියඞ‍්ගණෙ ඛිත‍්තමාලා විය මිලායිත්‍වා චාතුමහාරාජිකදෙවලොකෙ වෙස‍්සවණස‍්ස පරිචාරකො ජනවසභො නාම යක‍්ඛො හුත්‍වා නිබ‍්බත‍්ති."