333. ආයතන සමුදය කුමක්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සළායතනයන්හි යම් ආයතනයක, උදාහරණයක් ලෙස චක්ඛායතනයේ සමුදය කුමක්ද?

A / R. “සළායතන කුමක් නිදාන කොට පවතීද, කුමක් සමුදය කොට පවතීද කුමක් ජාතිකොට පවතීද, කුමක් ප්‍රභවකොට පවතීදැයි මෙසේ සෙවීම් අර්ථයෙන් සත්‍යය සළායතනය නාම රූප නිදානකොට පවතී. නාම රූප සමුදය කොට පවතී. නාම රූප ජාතිකොට පවතී. නාම රූප ප්‍රභව කොට පවතීයයි මෙසේ අයත් කිරීම් අර්ථයෙන් සත්‍යය සළායතනය දනියි. සළායතන සමුදයද දනියි. සළායතන නිරෝධයද දනියි. සළායතන නිරොධ ගාමිනී ප්‍රතිපදාවද දනියි. මෙසේ අවබොධ කිරීම අර්ථයෙන් සත්‍යය.”
(“සළායතනං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවන්ති - එවං එසනට්ඨෙන සච්චං. සළායතනං නාමරූපනිදානං, නාමරූපසමුදයං, නාමරූපජාතිකං, නාමරූපප්පභවන්ති - එවං පරිග්ගහට්ඨෙන සච්චං. සළායතනඤ්ච පජානාති, සළායතනසමුදයඤ්ච පජානාති, සළායතනනිරොධඤ්ච පජානාති, සළායතනනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති - එවං පටිවෙධට්ඨෙන සච්චං.”)

“ඇවැත්නි, සය ආයතනය කවරේද? සය ආයතනයන්ගේ හටගැන්ම කවරේද? සය ආයතනයන්ගේ නැතිකිරීම කවරේද? සය ආයතනයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ ආයතන සයක් වෙත්. චක්ඛු ආයතනය සොත ආයතනය, ඝාණ ආයතනය, ජිව්හා ආයතනය, කාය ආයතනය, මනො ආයතනය (යන හයයි.) නාමරූපයන්ගේ (රූප, වෙදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහේ) හටගැන්මෙන් සය ආයතනයන්ගේ හටගැන්ම වේ.”
(“කතමං පනාවුසො, සළායතනං, කතමො සළායතනසමුදයො, කතමො සළායතනනිරොධො, කතමා සළායතනනිරොධගාමිනී පටිපදා ? ඡයිමානි, ආවුසො, ආයතනානි - චක්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං. නාමරූපසමුදයා සළායතනසමුදයො,”)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll