295. "ගල් පිළිමය හා බොල් පිළිමය"?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මෑතකදී facebook එකේ පිරිසක් කියන්න උත්සහ දරනවා බුද්ධ පූජාව යනු ගල් පිලිම වන්දනාවක්ය, පිනක් රැස් නොවන ක්‍රියාවක්ය කියා, නිශ්ඵල ක්‍රියාවක්ය කියන්න.
ඔහොම නොවෙයි බිම පෙරලි පෙරලි කීවත් මම නම් බුද්ධ පූජාව තියනවා.
නමුත් මේ සම්බන්දව ත්‍රිපිටකයහි හෝ අටුවාවේ/ටීකා කුමක් කේසේ ලියවී ඇත්දැයි දැන ගන්න කැමතියි.

Ps: පෞද්ගලීක මත අනවශ්‍යයයි. පිලිගත හැකි පොතකින් හෝ ත්‍රිපිටක / අටුවාවෙන් හෝ පිලිතුරු සපයන්න දක්ෂ වන්න.

A / R. එහෙත් බුදුපියාණෝ “ආනන්දය, මාගේ ඇවෑමෙන් පසු අපගේ ශාස්තෘන් වහන්සේ දැන් නැතැයි නොසිතිය යුතුය. මා විසින් දේශනා කරන ලද ධර්ම විනය මාගේ ඇවෑමෙන් ඔබට අනුශාසනා කරන ශාස්තෘ කෙනෙකි” යයි වදාළහ. එම නිසා පිරිනිවියාවු බුදුපියාණන්ට කරන පුද සත්කාරයෝ වඳ නොවෙති. මෙසේ බුදුපියාණන් කෙරෙහි, ධර්මය කෙරෙහි අචල භක්තිය ඇත්තෝ පුද සත්කාර පවත්වා කුසල ධර්ම වඩා ගනිති. දෙව් මිනිස් සැප ලබති. නිවනට ළඟා වෙති.

(https://pitaka.lk/books/milinda-prashnaya/35.html)

A / R. “බුදු පිළිමවලට වඳින්න ඕනෑ නැත, අජීවමාන බුදුනට මල් පහන් ආහාරාදිය පුදන්නට ඕනෑ නැත යනාදි මිථ්‍යා අදහස් ඇති වන්නේ ද මේ ධර්මය නො දන්නා නිසා ය.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll