419. ජුරාසික් යුගය, හිමයුගය, (අයිස්යුගය) මුසාවක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමින රස පොලව කා වර්තමාන තත්වයට මිනිසා පැමිනි බව සූත්‍ර දේශනාවක දැක්වේ. ශාක්ශි සහිත (දැවැන්ත ඇටසැකිලි) පවතින ජුරාසික් යුගය, හිමයුගය, මුසාවක් ද?
ඊතලයේ පිලිතුර හැර පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

A / R. ජුරාසික් යුගය හෝ හිම යුගය හෝ වෙනත් සාක්ෂි සහිතව ඔප්පුකළ හැකි යුගයක් “මුසාවක්” කියල බුදු දහමේ කෙහෙවත් කියවෙනවා ද?
අග්ගඤ්ඤ සූත්‍රයෙහි පෘථිවිය හා මිනිසාගේ ප්‍රභවය හා විකාශය ගැන ම අවධාරණයෙන් කතා කරන්නේ ඇයි?

බුදුදහම මානව කේන්ද්‍රීය දහමක් බැවින්, අග්ගඤ්ඤ සූත්‍රයෙහි පෘථිවිය හා මිනිසාගේ ප්‍රභවය හා විකාශය ගෙන හැර දක්වන්නේ ද බොහෝ දාර්ශනික හේතුවලට මඟ පෑදීමක් වශයෙනි.

(අවශ්‍ය නම් කියවා බලන්න - https://pitaka.lk/main?n=17131)

බුදුදහම මානව කේන්ද්‍රීය දහමකි; එමෙන් ම චතුරාර්ය සත්‍ය කේන්ද්‍රීය දහමකි. පුරා විද්‍යාවේ හෝ අනෙකුත් ලෞකික විද්‍යාවන්හි කාර්යය භාර්යය බුදු දහම වැනි ලෝකෝත්තර විද්‍යාවක් තුළින් බලාපොරොත්තු වීම ද විහිළුවකි. උපමාවකින් දක්වන්නේ නම් ...

බුදුදහම තුළ ලෞකික විද්‍යාවන් අඩංගු නොවන බව මින් නො ගත යුතුය; ඒ ද ලෝකෝත්තර විද්‍යාවනට අනුග්‍රහය පිණිස (ම) ය.

එසේ ම, ඊතලයේ කතාව කෙසේ වෙතත්, ඒ ඒ විද්‍යාවට අනන්‍ය විෂය ක්ෂේත්‍රයක් ඇතිබව පිළිගත යුතු ම ය.

අනෙක් අතට, බුදුදහමේ ලෝකයේත් සත්වයාගේත් “සැබෑ ම ප්‍රභවය හා විකාශය” දක්වන්නේ “පටිච්චසමුප්පාදය” (“සූවිසි ප්‍රත්‍ය”) වැනි (බැලූ බැල්මට සරල වූත්ත්, කටපාඩම් කරගැනීමට පහසු වූත් එහෙත්) අතිශයින් ම දාර්ශනික හා ගැඹුරු ම පදනමක සිට ය.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll