Q. පරමාර්ථ ධර්මයේ එන ලක්ෂන, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන යන ධර්මතාවයන්ගේ අර්ථය පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි.
A. “නාම රූපයන් ඇති සැටියට දක්නා වූ ආත්ම දෘෂ්ටිය දුරුකරන්නා වූ ඥානය දෘෂ්ටි විශුද්ධිය ය. ලක්ෂණය - රසය - ප්‍රත්‍යුපස්ථානය - පදස්ථානය යන මොවුන්ගේ වශයෙන් නාම - රූපයන් වෙන් කොට දැන ගැනීම දෘෂ්ටි විශුද්ධිය යි ද කිය යුතු ය.
ලක්ෂණය යනු ඒ ඒ පරමාර්ථ ධර්මයාගේ ස්වභාවය ය. පරමාර්ථ ධර්මයාගේ ශරීරයත් ඒ ලක්ෂණය ම ය.
එක් එක් පරමාර්ථ ධර්මයකට එයින් සිදු කරන කෘත්‍යයක් ද ඇත්තේ ය. එසේ ම ඒ ඒ කෘත්‍යය සිදුකළ හැකි ශක්තියක් ද පරමාර්ථ ධර්මයන්ට ඇත්තේ ය. ඒ ශක්තියට ‘සම්පත්තිය’ යි ද කියනු ලැබේ. ‘රසය’ යි කියනුයේ ඒ කෘත්‍ය සම්පත්ති දෙකට ය.
පරමාර්ථ ධර්මයකින් සිදු කරන කෘත්‍යය නිසා ඇති වන ඵලයක් ද ඇත්තේ ය. ඒ ඵලයට ‘ප්‍රත්‍යුපස්ථානය’ යි කියනු ලැබේ. තව ද පරමාර්ථ ධර්ම විමසන යෝගාවචරයා ගේ සිතට යම්කිසි ආකාරයකින් ඒ පරමාර්ථ ධර්ම වැටහෙන්නේ ය. ඒ වැටහෙන ආකාරය ද ‘ප්‍රත්‍යුපස්ථානය’ යි කියනු ලැබේ.
ඒ ඒ පරමාර්ථ ධර්මය ඇතිවීමේ ප්‍රධාන වූ ද, ප්‍රකට වූ ද හේතුවට ‘පදස්ථානය’ යි කියනු ලැබේ. එයට ‘සමීප හේතුවය’ යි ද කියනු ලැබේ.
මේ කරුණු සතරින් ලක්ෂණය ගින්නෙහි උෂ්ණ ස්වභාවය මෙන් දත යුතු ය. රසය ගින්නෙහි දිලිසෙන ස්වභාවය මෙන් දත යුතු ය. ප්‍රත්‍යුපස්ථානය ගින්නෙහි දුම ඇති කරන ස්වභාවය මෙන් දත යුතු ය. පදස්ථානය ගින්න ඇති කරන දර මෙන් දත යුතු ය. ගින්නේ ලක්ෂණය උෂ්ණ ස්වභාවය ය. රසය දිලිසෙන ස්වභාවය හෝ පැසවන ස්වභාවය ය. ගින්නේ ප්‍රත්‍යුපස්ථානය දුම් දැමීම ය. පදස්ථානය දරය.
ලක්ෂණාදි කරුණු සතරින් ප්‍රධාන කාරණය ලක්ෂණය ය. එය දැන ගත්තාම ඒ ඒ පරමාර්ථ ධර්මය දැන ගත්තා වන්නේ ය. රසය - ප්‍රත්‍යුපස්ථාන - පදස්ථානයන් ද දැන ගත්තාම ඒ ඒ පරමාර්ථ ධර්මය ඉතා හොඳින් දැන ගත්තා වන්නේ ය. එබැවින් අටුවාවල පරමාර්ථ ධර්ම හැඳින්වීමේ දී සැම සංස්කාරයක ම ලක්ෂණාදි කරුණු සතර දක්වා තිබේ.”
https://pitaka.lk/books/abhidharma-margaya/10-13-3.html

A. වැඩිදුර දැනුම සඳහා නෙත්තිප්‍රකරණය හා පෙටකොපදෙශ යෝජනා කරන්නෙමු.
නෙත්තිප්‍රකරණය - https://tipitaka.lk/kn-nett/sinh
පෙටකොපදෙශ - https://tipitaka.lk/kn-petk/sinh