33. ගැටෙන අරමුණෙන් ඉවත්වීම ධර්මානුකූල ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ගැටෙන අරමුණෙන් ඉවත්වීම ධර්මානුකූල ද?

A. දුරලීම ද එක්තරා ක්‍රමයකි - https://pitaka.lk/main/?n=18102

“මහණෙනි දුරලීමෙන් නැතිකළ යුතු කෙලෙස් කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නුවණින් සලකා නපුරු ඇතුන් දුරු කරයි. වල් අසුන් දුරුකරයි. සැර ගොනුන් දුරුකරයි. නපුරු බල්ලන් දුරුකරයි. සර්පයින්ද උල් කටු පිහිටි තැන්ද හාත්පසින් කඩා ගිය ඉවුරුද එක් පසකින් කඩාගිය ප්‍රපාතද ඉඳුල්දිය ගැප්මල ආදිය දමන ස්ථානද එබඳු කුනුමඩ ගලා බස්නා තැන්ද දුරුකරයි. යම්බඳු නුසුදුසු සෙනාසනවල හුන්නාවූද අගොචරස්ථානයන්හි හැසිරෙන්නාවූද ලාමකවූ මිත්‍රප්‍රතිරූපක අමිත්‍රයන් සේවනය කරන්නාවූද භික්ෂුව නුවණැත්තාවූ එකට මහණකම් කරන්නාවූ භික්ෂූහු පවිටු මහණකු කොට සලකන්නාහුද එබඳු අයුතු තැන් හා එබඳු අගොචර ස්ථානද, එබඳු පවිටු මිතුරන්ද නුවණින් සලකා බලා දුරු කරයි. මහණෙනි, එබඳු දේ දුරු නොකරන්නහුට වෙහෙස හා දැවිලි සහිත යම් කෙලෙස් උපදිත්ද, එබඳු දේ දුරුකරන්නහුට ඒ කෙලෙස් පහළ නොවෙත්. මහණෙනි, මේ කෙලෙස් දුරු කිරීමෙන් නැතිකළ යුත්තාහු යයි කියනු ලැබෙත්."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll