Q. යෝනිසෝ මනසිකාරය යන වචනයේ තේරුම කුමක්ද?
(යෝනි යනු ...සෝ යනු ... වගේ දෙයක් අසා තිබුණා. එය දැනගැනීමට අවශ්ය.)
A. යොනි = ජාතිය ...
සො = ඔහු ...
මනසිකාර = මෙනෙහිකිරීම ..., ආදී ලෙස අරුත් තිබුණ ද,
“යොනිසොමනසිකාර” යන වචනය විසන්ධි කරන්නේ නම් පමණක් > යොනි + සො + මනසිකාර < ලෙස විසන්ධි කිරීම වැරදි ය.
(“යොනිසොමනසිකාර” යන වචනය විසන්ධි කරන්නේ නම් පමණක්) > යොනිසො + මනසිකාර < ලෙස විසන්ධි කිරීම නිවැරදි ය. එවිට,
යොනිසො = සිහි නුවණින්, ධර්මානුකූලව, ප්‍රඥාවෙන්.
මනසිකාර = (ඉතා ඕනෑකමින් / ඉතා සැලකිල්ලෙන්) විමර්ශනය, විචාරණය, මෙනෙහිකිරීම, අන්තරාවලෝකනය, ප්‍රත්‍යවේක්ෂණය.
මෙවිට > යොනිසොමනසිකාරය < යන වදනේ සැබෑ අරුත මතුකරගත හැක.
(යොනිසොමනසිකාර = යොනිසොමනසිකාරය = යෝනිසෝමනසිකාරය.)
Q. යෝනි සහ සෝ යන්නෙහි තේරුම්/ සිංහල වචන මොනවාද?
A. සරලව ම, සිංහල භාෂාවේ මෙන් පාළි භාෂාවෙහි “ඕ” (දීර්ඝ ඔ) ස්වරය දක්නට නොමැති බැවින් ද, සිංහලයාට බස හැසිරීමේදී (ලිවීමේදී හා කියවීමේදී) “ඕ” (දීර්ඝ ඔ) ස්වරය වඩාත් සුඛනම්‍ය බැවි ද, පාළි “ඔ” (කෙටි ඔ) ස්වරයෙන් අවසන් වන පද/පදය (අකුරු/අකුර) සිංහලෙන් “ඕ” (දීර්ඝ ඔ) ස්වරය ලෙස උච්චාරණය වනබව මාගේ අදහසයි.
[පාළි “ඔ” (කෙටි ඔ) ස්වරය ද නිතර ම පාහේ “ඕ” (දීර්ඝ ඔ) ස්වරය ලෙස උච්චාරණය වේ.]
(ඔබට අවශ්‍ය) උදා:
යොනි (පාළි) > යෝනි (සිංහල).
සො (පාළි) > සෝ (සිංහල).
ඔඝ (පාළි) > ඕඝ (සිංහල) ...
පාළියෙන් සිංහලට පැමිණි හෝ සුළු වෙනස්කම් සහිත (තත්සම හෝ තත්භව) වදන්වල, පාළි මුල් වදන්වල ඇති අරුත් ම ගන්නාබව පෙනේ.