[Watch in 4K — Recommended Resolution.]


424. "මතකය" තියන තැන?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සිතක ආයුශය චිත්තක්ෂණයයි නමි අපේ මතකය කොහෙද තැම්පත් වෙලා ති⁣යෙන්නෙ?

A. “විද්‍යාව” අනුව නම් “මතකය” Limbic System (ලිම්බික් සිස්ටම්) / Hippocampus (හිපකැම්පස්) යන්නට අදාළව හෝ තවත් නොයෙක් පැහැදිලි කිරීම් ද දක්නට ලැබේ. විද්‍යාව අතරමංවන තැන් ද එමට ය. එමෙන් ම විද්‍යාවේ ප්‍රලාප ද බහුලය. විද්‍යාවේ දැනුම ද යාවත්කාලීන වේ. එබැවින්, විද්‍යාවට “බ්‍රහ්මත්වය” හෝ “ශාස්තෘත්වය” ආරූඪ කිරීම අනුවණකමකි.

අනෙක් අතට කිසිසේත් ම “අභිධර්මය” අතරමංවන තැනක් (හෝ එහි ප්‍රලාප අඩංගු) නැති අතර, අතරමංවූවන්ට ද මැනවින් ම මඟ පෙන්වයි; “අන්ධයන්ට මඟ පෙන්වීම පහසු නැතිවා” සේම, අප වැනි “මන්ද ප්‍රාඥයන්ට” අභිධර්මයේ මඟ පෙන්වීම නොපෙනීම අප‍ගේ ම (ප්‍රඥාවේ) දුර්වලකමක් අඩුවක් ම විනා අන් කවරක් ද?
(එබැවින්, අභිධර්මයට “බ්‍රහ්මත්ත්වය” හෝ “ශාස්තෘෘත්ත්වය” ආරූඪ කිරීම අනුවණකමක් නොවේ.)

# “මතකය” කොහේ හෝ තැන්පත් වී තිබිය යුතු ම නම් “කර්මය” ද කොහේ හෝ තැන්පත් වී තිබිය යුතු ම ය.

එසේ නොවන බව: "සත්ත්වයන් කරන කුශලාකුශල කර්ම සංඛ්‍යාත චේතනාදි ධර්‍ම සිත හා ඉපද සිත සමග ම නිරුද්ධ වෙනවා මිස, යම් කිසි තැනක රැස් නො වේ. ..."

https://pitaka.lk/books/dharma-winishchaya/42.html

# {(මාගේ පෞද්ගලික අදහස නම්) ‘සිත’ නිතර ම පාහේ / අවශ්‍ය වූ විට ‘මොළය’ හා සමමුහුර්ත (එකවිට) අන්තර් සබඳතා(වයක්) [synchronizing/synchronized interaction(s)] පවත්වන බව යි.}

කෙසේ වෙතත්, ඉපිද මුළුමණින් ම නිරුද්ධ වූ, අතීත අරමුණු නැවත අරමුණු කිරීම මනසේ අද්විතීය හැකියාවකි. ඒ අනුව:

මතක් වීම / මතකය යනු, එක්කෝ, අතීත රූප (ශබ්දාදිය) අරමුණු කරමින් සිතක් (සිත් / සිත් වැලක්/වැල්) ඇති/පහළ වීමය.

නැතිනම්, ඔබේ සිතේ ම පහළවන තවත් සිතක් (සිත්) හෝ චෛතිසිකයක් (චෛතසික) හෝ අරමුණු කරමින් වෙනත් සිතක් (සිත්) පහළ වීමය.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll