527. ගෙදර ඉඳන් ම සිල් ගන්න පුළුවන් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1. ගෙදර ඉදන් දස සිල් සමාදන් වෙන්න පුලුවන්ද?
2. උච්චා සයන මහා සයනා සිල්පදයෙන් හැදින්වෙන විදියට ගෙදර තියන සාමාන්‍ය ඇද, පුටුත් උස් ආසන විදියට අහු වෙනවද? පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.

A / R. 1. පුළුවන්; පංසලකට යාම වඩා/ඉතා හොඳයි.

“... විහාරාදියක් නැති තැනක් වී නම් කොතැනක හෝ හිඳ තුනුරුවන් ගුණ සිහි කොට වැඳ තමා විසින් ම සිකපද කියා සමාදන් වීම ද සුදුසු ය.”
https://pitaka.lk/books/rc/Pohoya_Dinaya.htm#_Toc463783514

2. උච්චාසයන යනු කුමක් ද?
https://pitaka.lk/books/dharma-winishchaya/75.html

9. උච්චාසයන මහාසයනා වේරමණී.
පමණට වඩා උස් අසුන් හා මහ අසුන් නම් වූ අකප්පිය අසුන් පරිභෝග කිරීමෙන් වැළකීම, උච්චාසයන මහාසයනා වේරමණී නමි." 

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll