23. නාම ධර්ම යනු සිතේ ඇතිවන ප්‍රපංචයක් ම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. නාම ධර්ම යනු සිතේ ඇතිවන ප්‍රපංචයක් ම ද?

A. නාම ධර්ම තබා රූප ධර්ම ද (කිසිදු ධර්මයක්) ප්‍රපංච නොවේ. විතර්කනය මඟින් ම ප්‍රපංච ගොඩනගා ගනී. [සුප්‍රසිද්ධ 1. “මධු පිණ්ඩික සූත්‍රය” හෝ 2. ‘මාන්කඩවල සුදස්සන හිමිගේ’ ධර්ම දේශනා හෝ 3. අභිධර්මය අධ්‍යනය කරන්න.]

සැලකිය යුතුයි: ප්‍රපංචය යන්න පාළි භාෂාවෙහි යෙදෙන්නේ, තණ්හා-මාන-දිට්ඨි අනුව බැඳී පවතින/පවත්වන නොහොත් තණ්හා-මාන-දිට්ඨි කෙලෙස් නිසාවෙන් සත්ත්වයා (සත්ත්වයාගේ සිත) (සංසාරයෙන් මිඳීමට නොදී) දිගින් දිගටම සංසාරයේ ගමන් කරවන, කල් ගත කරවන, ප්‍රමාද කරවන, මත් කරවන (පාපී) අර්ථයෙනි; නොඑසේනම්, තණ්හා / මාන / දිට්ඨි යන කෙලෙස් තුන (හෝ ඉන් එකක්) හැඳින්වීම ට ය. සිංහල භාෂාවේ එය යෙදෙන්නේ, Phenomena යන ඉංග්‍රීසි පදය හා සමානව බව පෙනේ.
Phenomena = හුදු ඉන්ද්‍රිය ගෝචර දැනුම. (විචාර බුද්ධියෙන් හෝ තර්කයෙන් නොව, ඉන්ද්‍රියානුබද්ධව ලබාගන්නා දැනුම.)
[ඉන්ද්‍රිය = ඇස - කන - නාසය - දිව - ශරීරය - මනස]
[ගෝචර දැනුම = (ඇසින් දකින) රූප - ශබ්ද - ගඳ/සුවඳ - රස/නීරස - පහස - සිත්/සිතුවිලි/ධම්මාරම්මන.
"Phenomena (phenomenon) = Any state or process known through the senses rather than by intuition or reasoning."

1. https://pitaka.lk/main?n=18118
https://tipitaka.app/?a=ga2-333-si
"චක්ඛුඤ්චාවුසොතිආදීසු අයමත්ථො, ආවුසො, නිස්සයභාවෙන චක්ඛුපසාදඤ්ච ආරම්මණභාවෙන ¶ චතුසමුට්ඨානිකරූපෙ ච පටිච්ච චක්ඛුවිඤ්ඤාණං නාම උප්පජ්ජති. තිණ්ණං සඞ්ගති ඵස්සොති තෙසං තිණ්ණං සඞ්ගතියා ඵස්සො නාම උප්පජ්ජති. තං ඵස්සං පටිච්ච සහජාතාදිවසෙන ඵස්සපච්චයා වෙදනා උප්පජ්ජති. තාය වෙදනාය යං ආරම්මණං වෙදෙති, තදෙව සඤ්ඤා සඤ්ජානාති, යං සඤ්ඤා සඤ්ජානාති, තදෙව ආරම්මණං විතක්කො විතක්කෙති. යං විතක්කො විතක්කෙති, තදෙවාරම්මණං පපඤ්චො පපඤ්චෙති. තතොනිදානන්ති එතෙහි චක්ඛුරූපාදීහි කාරණෙහි. පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්තීති තං අපරිඤ්ඤාතකාරණං පුරිසං පපඤ්චකොට්ඨාසා අභිභවන්ති, තස්ස පවත්තන්තීති අත්ථො. තත්ථ ඵස්සවෙදනාසඤ්ඤා චක්ඛුවිඤ්ඤාණෙන සහජාතා හොන්ති. විතක්කො චක්ඛුවිඤ්ඤාණානන්තරාදීසු සවිතක්කචිත්තෙසු දට්ඨබ්බො. පපඤ්චසඞ්ඛා ජවනෙන සහජාතා හොන්ති. යදි එවං කස්මා අතීතානාගතග්ගහණං කතන්ති? තථා උප්පජ්ජනතො. යථෙව හි එතරහි චක්ඛුද්වාරිකො පපඤ්චො චක්ඛුඤ්ච රූපෙ ච ඵස්සවෙදනාසඤ්ඤාවිතක්කෙ ච පටිච්ච උප්පන්නො, එවමෙවං අතීතානාගතෙසුපි චක්ඛුවිඤ්ඤෙය්‍යෙසු රූපෙසු තස්සුප්පත්තිං දස්සෙන්තො එවමාහ."

2. http://sudassana.org/all-talks
R. "යං විතක්කෙති තං පපඤ්චෙති - ඒ හිතීමම මට ප්‍රපඤ්චයක් වෙනවා."

3. http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=16

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll