956. කවදාවත් වෙනස් නොවන ස්ථාන තියෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. පෘථිවියේ / විශ්වයේ කවදාවත් වෙනස් නොවන තැන් තියෙනවා ද?

A. “එසේ වුවත් දෙව්රම් වෙහෙර ගඳකිළිය පිහිටි තැන හා බුදුන් සැතපෙන ඇඳේ සතර පා පිහිටි තැන් වෙනස් නො වන්නේම ය. අචලය. එසේ වෙනස් නො වන්නා වූ ස්ථාන සතරක් වෙති. 1. මහබෝමැඩ පිහිටි තැන, 2. දම්සක් පැවතුම් සූත්‍රය දෙසූ තැන, 3. සංකස්සපුර දොරටුව දේවාවරෝහණ කාලයේ හිණිපෙළ පිහිටි තැන සහ 4. ඇඳේ පා සතර පිහිටි තැන යන හතරයි.”


"චත‍්තාරි හි අචලචෙතියට‍්ඨානානි නාම මහාබොධිපල‍්ලඞ‍්කට‍්ඨානං ඉසිපතනෙ ධම‍්මචක‍්කප‍්පවත‍්තනට‍්ඨානං සඞ‍්කස‍්සනගරද‍්වාරෙ දෙවොරොහණකාලෙ සොපානස‍්ස පතිට‍්ඨට‍්ඨානං මඤ‍්චපාදට‍්ඨානන‍්ති."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll