187. අනිත්‍ය භාවනාව වඩන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අනිත්‍ය භාවනාව වඩන ආයුරු කෙටියෙන් පහදා දෙන්න පුලුවන්ද?

[මෙය ද  | මෙය ද | මෙය ද | මෙය දමෙය ද කියවන්න!]

A. # "ත්‍රිලක්ෂණය.

අනිත්‍ය ලක්ෂණය, දුඃඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියා සංසාරයන් ගේ ලක්ෂණ තුනක් ඇත්තේය.

ඉපදීමෙන් පසු ස්ථිරව නො පවත්නා බව - බිඳී යන බව සංස්කාරයන් ගේ අනිත්‍ය ලක්ෂණය ය. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත වන බැවින් සංස්කාරයේ අනිත්‍යයෝ ය.

ස්ථිර නො වන ඒකාන්තයෙන් ම බිඳෙන සංස්කාර සමූහයක් මමය කියා සලකා ගෙන මාගේ ය කියා ඒවාට ඇලුම් කර ගෙන සිටින්නහුට ඒ සංස්කාරයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද, බිඳී යන ඒවා වෙනුවට අලුත් සංස්කාර ඇති කර ගැනීම සම්බන්ධයෙන් ද බොහෝ වෙහෙසෙන්නට සිදු වේ. සංස්කාරයන් බිඳී යාම ගැන ඔහුට නිතර බියක් ද ඇති වේ. බියක් වෙහෙසක් ඇති කර දීම සංස්කාරයන් ගේ ස්වභාවය ය. එය සංස්කාරයන් ගේ දුඃඛ ලක්ෂණය ය. දුඃඛ ලක්ෂණයෙන් යුක්ත වන බැවින් සංස්කාරයේ දුඃඛයෝ ය.

ආත්මයක්ය කියා සලකත හොත් සැලකිය යුත්තේ ස්ථිර සාර දෙයක්ය. දිර දිරා බිඳි බිඳී යන සංස්කාරයන්හි ඒ ස්ථිර සාර ස්වභාවය නැත. ඒවායේ ඇත්තේ ස්ථිර සාර ස්වභාවයට විරුද්ධ ස්වභාවයෙකි. ස්ථිර සාර ස්වභාවයක් නැති බව සංස්කාරයන් ගේ අනාත්ම ලක්ෂණය ය. අනාත්ම ලක්ෂනයෙන් යුක්ත වන බැවින් සංස්කාරයේ අනාත්මයෝ ය.

අනුපස්සනා තුන.

“අනිච්චානුපස්සනා - දුක්ඛානුපස්සනා - අනත්තානුපස්සනා” යි අනුපස්සනා තුනෙකි. අනුපස්සනා යනු භාවනාව ය.

රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය යනාදීන් නාම - රූපයන් හා ඒවායේ අනිත්‍යතාව නැවත නැවත සිත සිතා නුවණින් බැලීම අනිච්චානුපස්සනාව ය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් අනිත්‍ය භාවනාව ය.

රූපය දුකෙකි. වේදනාව දුකෙකි යනාදීන් නාමරූපයන් හා ඒවායේ දුඃඛ ලක්ෂණය නැවත නැවත සිතා බැලීම දුක්ඛානුපස්සනාව ය.

රූපය අනාත්මය, වේදනාව අනාත්මය යි නාම - රූපයන් හා ඒවායේ අනාත්ම ලක්ෂණය නැවත නැවත සිතා බැලීම අනත්තානුපස්සනාව ය."

# "අනිච්චානුපස්සනා යනු සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය බැලීම ය."

අනුපස්සීති. තත්ථ කතමා අනුපස්සනා? යා පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභබ්‍යා චින්තා උපපරික්ඛා භූරීමෙධා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි – අයං වුච්චති “අනුපස්සනා”. ඉමාය අනුපස්සනාය උපෙතො හොති සමුපෙතො උපාගතො සමුපාගතො උපපන්නො සම්පන්නො සමන්නාගතො. තෙන වුච්චති “අනුපස්සී”ති.
අනුපස්සතීති - නැවත නැවත බැලීම අනුපස්සනා නමි."

මේ අනුපස්සනා සතළිසෙන් අනිත්‍යයෝ ය, පළුදු වන්නෝ ය, සෙලවෙන්නෝ ය, බිඳවන්නෝ ය, අස්ථිරයෝ ය, පෙරළෙන ස්වභාවයෝ ය, අසාරයෝ ය, විභවයෝ ය, සංඛතයෝ ය, මැරෙන ස්වභාවයෝ ය යන අනුපස්සනා දශය අනිච්චානු පස්සනාවෝ ය. පාලි පාඨයන්ගේ වශයෙන් කියතහොත් අනිච්චා, පලොකා, චලා, පභංගු, අද්ධුවා, විපරිණාම ධම්මා, අසාරකා, විභවා, සංඛතා, මරණධම්මා යන මේ අනුපස්සනාවෝ අනිච්චානුපස්සනාවෝ ය. පරයෝ ය, රිත්තයෝ ය, තුච්ඡයෝ ය, ශුන්‍යයෝ ය, අනාත්මයෝ ය යන අනුපස්සනා පස අනත්තානුපස්සනාවෝ ය. ඉතිරි අනුපස්සනා පස්විස්ස දුක්ඛානුපස්සනාවෝ ය.

http://pitaka.lk/2410161/cs,aps
http://pitaka.lk/241053/43/cs,aps

# ["කුච්ඡිතානං කෙසාදීනං ආයොති කායො, සරීරං, අස්සාසපස්සාසානං වා සමූහො කායො ¶, තස්ස අනුපස්සනා පරිකම්මවසෙන, විපස්සනාවසෙන ච සරණං කායානුපස්සනා. දුක්ඛදුක්ඛවිපරිණාමදුක්ඛසඞ්ඛාරදුක්ඛභූතානං වෙදනානං වසෙන අනුපස්සනා වෙදනානුපස්සනා. තථා සරාගමහග්ගතාදිවසෙන සම්පයොගභූමිභෙදෙන භින්නස්සෙව චිත්තස්ස අනුපස්සනා චිත්තානුපස්සනා. සඤ්ඤාසඞ්ඛාරානං ධම්මානං භින්නලක්ඛණානමෙව අනුපස්සනා ධම්මානුපස්සනා."]

# "එත්‌ථ ච අනිච්‌චං අනිච්‌චලක්‌ඛණං, දුක්‌ඛං දුක්‌ඛලක්‌ඛණං, අනත්‌තා අනත්‌තලක්‌ඛණන්‌ති අයං විභාගො වෙදිතබ්‌බො. තත්‌ථ අනිච්‌චන්‌ති ඛන්‌ධපඤ්‌චකං. කස්‌මා? උප්‌පාදවයඤ්‌ඤථත්‌තභාවා, හුත්‌වා අභාවතො වා; උප්‌පාදවයඤ්‌ඤථත්‌තං අනිච්‌චලක්‌ඛණං, හුත්‌වා අභාවසඞ්‌ඛාතො ආකාරවිකාරො වා. ‘‘යදනිච්‌චං තං දුක්‌ඛ’’න්‌ති වචනතො පන තදෙව ඛන්‌ධපඤ්‌චකං දුක්‌ඛං. කස්‌මා? අභිණ්‌හසම්‌පටිපීළනතො; අභිණ්‌හසම්‌පටිපීළනාකාරො දුක්‌ඛලක්‌ඛණං. ‘‘යං දුක්‌ඛං තං අනත්‌තා’’ති පන වචනතො තදෙව ඛන්‌ධපඤ්‌චකං අනත්‌තා. කස්‌මා? අවසවත්‌තනතො; අවසවත්‌තනාකාරො අනත්‌තලක්‌ඛණං. ඉති අඤ්‌ඤදෙව අනිච්‌චං දුක්‌ඛං අනත්‌තා, අඤ්‌ඤානි අනිච්‌චදුක්‌ඛානත්‌තලක්‌ඛණානි. පඤ්‌චක්‌ඛන්‌ධා, ද්‌වාදසායතනානි, අට්‌ඨාරස ධාතුයොති ඉදඤ්‌හි සබ්‌බම්‌පි අනිච්‌චං දුක්‌ඛං අනත්‌තා නාම. වුත්‌තප්‌පකාරාකාරවිකාරා අනිච්‌චදුක්‌ඛානත්‌තලක්‌ඛණානීති."

"චතුත්ථචතුක්කෙ පන අනිච්චානුපස්සීති එත්ථ තාව අනිච්චං වෙදිතබ්බං, අනිච්චතා වෙදිතබ්බා, අනිච්චානුපස්සනා වෙදිතබ්බා, අනිච්චානුපස්සී වෙදිතබ්බො. තත්ථ අනිච්චන්ති පඤ්චක්ඛන්ධා. කස්මා? උප්පාදවයඤ්ඤථත්තභාවා. අනිච්චතාති තෙසංයෙව උප්පාදවයඤ්ඤථත්තං, හුත්වා අභාවො වා, නිබ්බත්තානං තෙනෙවාකාරෙන අට්ඨත්වා ඛණභඞ්ගෙන භෙදොති ¶ අත්ථො. අනිච්චානුපස්සනාති තස්සා අනිච්චතාය වසෙන රූපාදීසු “අනිච්ච”න්ති අනුපස්සනා. අනිච්චානුපස්සීති තාය අනුපස්සනාය සමන්නාගතො. තස්මා එවංභූතො අස්සසන්තො ච පස්සසන්තො ච ඉධ “අනිච්චානුපස්සී අස්සසිස්සාමි පස්සසිස්සාමීති සික්ඛතී”ති වෙදිතබ්බො."

"අනිච්චානුපස්සීති එත්ථ අනිච්චං වෙදිතබ්බං, අනිච්චානුපස්සනා වෙදිතබ්බා, අනිච්චානුපස්සී වෙදිතබ්බො. තත්ථ අනිච්චන්ති පඤ්චක්ඛන්ධා, තෙ හි උප්පාදවයට්ඨෙන අනිච්චා. අනිච්චානුපස්සනාති පඤ්චක්ඛන්ධානං ඛයතො වයතො දස්සනඤාණං. අනිච්චානුපස්සීති තෙන ඤාණෙන සමන්නාගතො පුග්ගලො ¶. තස්මා “අනිච්චානුපස්සී විහරතී”ති අනිච්චතො අනුපස්සන්තො විහරතීති අයමෙත්ථ අත්ථො."

"අනිච්චන්ති අනුපස්සී, අනිච්චස්ස වා අනුපස්සනසීලො අනිච්චානුපස්සීති එත්ථ කිං පන තං අනිච්චං, කථං වා අනිච්චං, කා වා අනිච්චානුපස්සනා, කස්ස වා අනිච්චානුපස්සනාති චතුක්කං විභාවෙතබ්බන්ති තං දස්සෙන්තො “අනිච්චං වෙදිතබ්බ”න්තිආදිමාහ. තත්ථ නිච්චං නාම ධුවං සස්සතං යථා තං නිබ්බානං, න නිච්චන්ති අනිච්චං, උදයබ්බයවන්තං, අත්ථතො සඞ්ඛතා ධම්මාති ආහ අනිච්චන්ති පඤ්චක්ඛන්ධා. කස්මා? උප්පාදවයඤ්ඤථත්තභාවාති, උප්පාදවයඤ්ඤථත්තසබ්භාවාති අත්ථො. තත්ථ සඞ්ඛතධම්මානං හෙතුපච්චයෙහි උප්පජ්ජනං අහුත්වා සම්භවො අත්තලාභො උප්පාදො, උප්පන්නානං තෙසං ඛණනිරොධො විනාසො වයො, ජරාය අඤ්ඤථාභාවො අඤ්ඤථත්තං. යථා හි උප්පාදාවත්ථාය භින්නාය භඞ්ගාවත්ථායං වත්ථුභෙදො නත්ථි, එවං ඨිතිසඞ්ඛාතායං භඞ්ගාභිමුඛාවත්ථායම්පි වත්ථුභෙදො නත්ථි. යත්ථ ජරාවොහාරො, තස්මා එකස්සපි ධම්මස්ස ජරා යුජ්ජති, යා ඛණිකජරාති ¶ වුච්චති. එකංසෙන ච උප්පාදභඞ්ගාවත්ථාසු වත්ථුනො අභෙදො ඉච්ඡිතබ්බො, අඤ්ඤථා “අඤ්ඤො උප්පජ්ජති, අඤ්ඤො භිජ්ජතී”ති ආපජ්ජෙය්‍ය. තයිදං ඛණිකජරං සන්ධායාහ “අඤ්ඤථත්ත”න්ති.
යස්ස ලක්ඛණත්තයස්ස භාවා ඛන්ධෙසු අනිච්චසමඤ්ඤා, තස්මිං ලක්ඛණත්තයෙ අනිච්චතා සමඤ්ඤාති “අනිච්චතාති තෙසංයෙව උප්පාදවයඤ්ඤථත්ත”න්ති වත්වා විසෙසතො ධම්මානං ඛණිකනිරොධෙ අනිච්චතාවොහාරොති දස්සෙන්තො “හුත්වා අභාවො වා”තිආදිමාහ. තත්ථ උප්පාදපුබ්බකත්තා අභාවස්ස හුත්වා-ගහණං. තෙන පාකටභාවපුබ්බකත්තං විනාසභාවස්ස දස්සෙති. තෙනෙවාකාරෙනාති නිබ්බත්තනාකාරෙන. ඛණභඞ්ගෙනාති ඛණිකනිරොධෙන. තස්සා අනිච්චතායාති ඛණිකභඞ්ගසඞ්ඛාතාය අනිච්චතාය. තාය අනුපස්සනායාති යථාවුත්තාය අනිච්චානුපස්සනාය. සමන්නාගතොති සමඞ්ගිභූතො යොගාවචරො."

# {අනිච්චසඤ්ඤං - https://tipitaka.app/?a=ia18-95-si
අනිච්චසඤ්ඤන්ති අනිච්චානුපස්සනායසහජාතසඤ්ඤං - https://tipitaka.app/?a=gb1-53-si
අනිච්චසඤ්ඤන්ති මග්ගස්ස අනන්තරපච්චයභාවෙනසිඛාපත්තබලවවිපස්සනං.
- https://tipitaka.app/?a=ii1-21-si
අනිච්චසඤ්ඤන්ති එත්ථ අනිච්චං ඛන්ධපඤ්චකංඋප්පාදවයඤ්ඤථත්තභාවතො, හුත්වා අභාවතො වා, තස්මිං අනිච්චෙ ඛන්ධපඤ්චකෙ අනිච්චන්ති උප්පජ්ජමානාඅනිච්චලක්ඛණපරිග්ගාහිකා සඤ්ඤා අනිච්චසඤ්ඤා. - https://tipitaka.app/?a=na18-126-si}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll