331. කළ්‍යාණ මිත්‍රයා කවුද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ධර්ම මාර්ගයෙහි "කළ්‍යාණ මිත්‍රයා" විය යුත්තේ, සංඝයාවහන්සේ නමක් ම ද?

A / R.  “කවර පුද්ගලයෙක් ‘කල්‍යාණමිත්‍ර’ වේ ද යත්: එහි ‘කල්‍යාණ මිත්‍ර’ බව කවරේ ද: යම් ඒ පුද්ගල කෙනෙක් ශ්‍රද්ධා ඇත්තාහු ද සිල්වත්තු ද බහුශ්‍රැතයෝ ද ත්‍යාගවත්හු ද ප්‍රඥා ඇත්තාහු ද ඔවුන්ගේ යම් සේවනයෙක් ආශ්‍රයෙක් සමාශ්‍රයෙක් භජනයෙක් දෘඪභජනයෙක් භක්තියක් දෘඪභක්තියක් ඔවුනට නැමුණු බවෙක් වේ ද, මේ ‘කල්‍යාණමිත්‍රබව’ යැ යි කියනු ලැබේ. මේ කල්‍යාණමිත්‍ර බවින් සමන්වාගත පුද්ගල තෙමේ ‘කල්‍යාණමිත්‍ර’ නම් වේ.”

(“කතමො ච පුග්‌ගලො කල්‍යාණමිත්‌තො? තත්‌ථ කතමා කල්‍යාණමිත්‌තතා? යෙ තෙ පුග්‌ගලා සද්‌ධා සීලවන්‌තො බහුස්‌සුතා චාගවන්‌තො පඤ්‌ඤවන්‌තො, යා තෙසං සෙවනා නිසෙවනා සංසෙවනා භජනා සම්‌භජනා භත්‌ති සම්‌භත්‌ති සම්‌පවඞ්‌කතා – අයං වුච්‌චති කල්‍යාණමිත්‌තතා. ඉමාය කල්‍යාණමිත්‌තතාය සමන්‌නාගතො පුග්‌ගලො ‘‘කල්‍යාණමිත්‌තො’’.)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll