944. ආනන්තර්ය පාප කර්මයන් අදාළ, මිනිසුන්ට පමණ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ආනන්තර්ය පාප කර්මයන් (ආනන්තර්‍ය්‍ය / ආනන්තරීය කර්ම) මිනිසුන්ට පමනක් අදාල වන්නෙද...? සතුන්ට නැතිද? සතෙක් තමා උපත දුන් මව මැරුවොත්?

A. >>> (තෙමේ) තිරිසන්වූයේ තිරිසන්වූම මවක හෝ පියෙකු ජීවිතයෙන් තොර කරයිද ඔහුගේ කර්‍මය ආනන්තර්ය නොවෙයි. බැරෑරුම් නම් වෙයි. ආනන්තර්යයට ගැටී සිටී. <<<

“එහි කර්‍මවශයෙන් වනාහි, නොපෙරලුණු ලිංග ඇති මිනිස් මවක හෝ පියෙකු ජීවිතයෙන් තොර කරන්නාවූ මිනිසෙකුගේම කර්‍මය ආනන්තර්ය වෙයි. ඔහුගේ විපාකය වළක්වන්නෙමැයි සියලු සක්වළ මහා සෑය පමණවූ ස්වර්‍ණමය ස්තූපයන්ගෙන් පුරවාද සියලු සක්වල පුරවා හුන්නාවූ බික් සඟනට මහදන් දීද භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ සඟළ සිවුරු කොණ නොමුදමින් හැසිරීද කය බිඳීමෙන් නි‍රයෙහිම උපදියි. යමෙක් වනාහි තෙමේ මිනිසෙක්වූයේ තිරිසන්වූ මවක හෝ පියෙකු, තෙමේ තිරිසන්වූයේ මිනිස් මවක හෝ පියෙකු, >>> (තෙමේ) තිරිසන්වූයේ තිරිසන්වූම මවක හෝ පියෙකු ජීවිතයෙන් තොර කරයිද ඔහුගේ කර්‍මය ආනන්තර්ය නොවෙයි. බැරෑරුම් නම් වෙයි. ආනන්තර්යයට ගැටී සිටී. <<< මනුෂ්‍ය ජාතිකයන්ගේ වශයෙන්ම මේ ප්‍රශ්නය කියනලදී.”]


(“තිරච‍්ඡානභූතොයෙව වා තිරච‍්ඡානභූතං ජීවිතා වොරොපෙති, තස‍්ස කම‍්මං ආනන‍්තරියං න හොති, භාරියං පන හොති, ආනන‍්තරියං ආහච‍්චෙව තිට‍්ඨති.”)

"තත්‍ථ කම‍්මතො තාව – එත්‍ථ හි මනුස‍්සභූතස‍්සෙව මනුස‍්සභූතං මාතරං වා පිතරං වා අපි පරිවත‍්තලිඞ‍්ගං ජීවිතා වොරොපෙන‍්තස‍්ස කම‍්මං ආනන‍්තරියං හොති, තස‍්ස විපාකං පටිබාහිස‍්සාමීති සකලචක‍්කවාළං මහාචෙතියප‍්පමාණෙහිපි කඤ‍්චනථූපෙහි පූරෙත්‍වාපි සකලචක‍්කවාළං පූරෙත්‍වා නිසින‍්නස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වාපි බුද‍්ධස‍්ස භගවතො සඞ‍්ඝාටිකණ‍්ණං අමුඤ‍්චන‍්තො විචරිත්‍වාපි කායස‍්ස භෙදා නිරයමෙව උපපජ‍්ජති. යො පන සයං මනුස‍්සො තිරච‍්ඡානභූතං මාතරං වා පිතරං වා, සයං වා තිරච‍්ඡානභූතො මනුස‍්සභූතං, තිරච‍්ඡානභූතොයෙව වා තිරච‍්ඡානභූතං ජීවිතා වොරොපෙති, තස‍්ස කම‍්මං ආනන‍්තරියං න හොති, භාරියං පන හොති, ආනන‍්තරියං ආහච‍්චෙව තිට‍්ඨති. මනුස‍්සජාතිකානංව පන වසෙන අයං පඤ‍්හො කථිතො."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll