694. රහත් වුණේ නැත්තං නිවන් දකින්නත් බෑ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. නිවන් දකින්න රහත් වෙන්නම ඕනෙද?

A. නැත - සෝවහන් වීම ම ප්‍රමාණවත් ය.

“ලෝක්කෝත්තර මාර්ග සතරක් හා ඵල සතරක් ඇතත් එයින් යෝගාවචරයකුට පැමිණීමට, ලැබීමට දුෂ්කර දෙය නම් සෝවාන් මාර්ගය ය. සෝවාන් මාර්ගයට පැමිණි තැනැත්තා ජය අත් පත් කර ගත්තේය. ඔහුට මතු බිය විය යුත්තක් නැත. අමුතු මහන්සියක් නුවූවත් අමුතු උත්සාහයක් නො කළත් සෝවාන් පුද්ගලයා මතු මාර්ත්‍රයට ද ඒකාන්තයෙන් පැමිණ දුක් කෙළවර කරන්නේ ය. සෝවාන් මඟට පැමිණි පසු නිවනට නො ගොස් ආපසු යෑමෙක් හෝ සසර රැඳීමෙක් හෝ නො වන්නේ ය.”
https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/12-1.html

https://pitaka.lk/books/punyopadeshaya/36.html
https://pitaka.lk/books/paramitha-prakaranaya/4.html
https://pitaka.lk/books/abhidharma-margaya/8-3-7.html

https://pitaka.lk/.../patichcha-samuppada.../14-7.html
https://pitaka.lk/.../patichcha-samuppada.../14-6.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll