Q. දැන දැන මත්පැන් මිශ්‍ර කොට සාදන ලද අතුරැපස හෝ චොකොලට් වර්ග ආදිය ආහාරයට පානයට ගැනීමෙන් පංච සීලය බිදේද?
මෙතනදී මත් වීමට නම් කිසිදු උවමනාවක් නොමැත, නමුත් රහට නම් තෘෂ්නාව ඇත.
මෙබදු ආහාර ආදිය ගැනීමේදී මත් වීමක් නම් සිදු වන්නේ නැත. (මොකද බොහොම සුලු alcohol ප්‍රමානයකින් පමනක් මෙබදු ආහාර ආදිය සාදා ඇති නිසා). නමුත් ආහාරයේ ප්‍රනීතබව නම් ඇත.
[If I am knowingly consuming Dessert or chocolates that contain alcohol would I be breaking the 5th precept?
Especially if I am eating certain chocolates that contain alcoholic centers in the middle.]
A. “සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි”
මෙතනදී මත් වීමට නම් කිසිදු උවමනාවක් නොමැත, නමුත් රහට නම් තෘෂ්නාව ඇත.
මෙබදු ආහාර ආදිය ගැනීමේදී මත් වීමක් නම් සිදු වන්නේ නැත. (මොකද බොහොම සුලු alcohol ප්‍රමානයකින් පමනක් මෙබදු ආහාර ආදිය සාදා ඇති නිසා). නමුත් ආහාරයේ ප්‍රනීතබව නම් ඇත.
[If I am knowingly consuming Dessert or chocolates that contain alcohol would I be breaking the 5th precept?
Especially if I am eating certain chocolates that contain alcoholic centers in the middle.]
A. “සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි”
තේරුම:- මදයට හා ප්‍රමාදයට හේතුවන සුරාමේරය පානයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.
විස්තරය :- මෙහි මදය යි කියනුයේ ක්ලාන්තය නොව සිතේ ප්‍රකෘතිය වෙනස්වීම ය. දුම්කොළ, පුවක් ආදිය නිසා වන මතක් ද ඇත. එය ශරීරය දුබල වීමකි. එයින් සිතෙහි විපර්‍ය්‍යාශයක් නොවේ. ඒ දුබලකම ඇතිකරන දුම්කොළ පුවක් ආදිය පාවිච්චි කිරීමෙන් මේ සිකපදය නො බිඳේ. මෙය බිඳෙන්නේ මිනිසාගේ සිතේ ප්‍රකෘතිය වෙනස් කරන රා අරක්කු කසිප්පු අබිං කංසා ආදිය පාවිච්චි කිරීමෙනි. ඇතැම් බෙහෙත්වලට මද්‍යවර්ග ගන්නේ ය. ඒ බෙහෙත් පමණට වඩා ගත හොත් මත් වේ. මද්‍ය රසය මද්‍යගන්ධය නැති එබඳු බෙහෙත් පමණට ගැනීමෙන් සිකපදය නො බිඳේ.
සුරාපානයේ අංග සතර: මත්වන දෙයක් වීම, පානය කිරීමට කැමැත්ත, බීමට උත්සාහ කිරීම, මත්ද්‍රව්‍යය උගුරෙන් ඔබ්බට ඇතුළුවීම යන මේ අංග සතරින් සුරාපාන සිකපදය බිඳේ.”
A. "... උදරයෙහි වාතාබාධයක් පැවති භික්ෂුවක් ලෝණසෝවීරකය පානය කොට රෝගය සුව කර ගත්තේ ය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි ගිලනුන්ට ලෝණසෝවීරකය පානය කිරීමටත් නො ගිලනුන්ට දිය හා මිශ්‍ර කොට පානයක් වශයෙන් කාලයෙහිත් විකාලයෙහිත් වැළඳීමටත් අනුදැන වදාළ සේක. ඒ අනුව සියලු ම අරිෂ්ටාසවයන් හා ස්වල්ප වශයෙන් අබිං ආදි මද්‍ය ද්‍රව්‍ය මිශ්‍ර බෙහෙත් ද කැප බව කිය යුතුය."
A. "5. සුරාමේරයමජ්ජපමාදට්ඨානා වේරමණී.
මදයට හා ප්‍රමාදයට හේතු වන මද්‍යපානයෙන් වැළකීම “සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී” නම් වේ. මදයට හා ප්‍රමාදයට හේතු වන මද්‍යවර්ගයක් වීම ය, එය පානය කිරීමේ දඅහස ය, පානය කිරීමට උත්සාහ කිරීම ය, මද්‍ය ශරීරගත වීම ය යන චතුරංගයෙන් යුක්ත සුරාපානයෙන් මේ සික පදය බිඳේ.
මෙහි “මදය” යි කියනුයේ බලවත් මෝහයෙන් යුක්ත වන උඩඟුකමට ය. “ප්‍රමාදය” යි කියනුයේ කාය දුශ්චරිත වාක් දුශ්චරිත මනෝ දුශ්චරිතයන්හි හා පස්කම් සුවයෙහි ද සිත අලවා වාසය කිරීමට ය. ප්‍රමාදය ඇති වන්නේ මදය, ඇති වීම නිසා ය. මද ප්‍රමාද දෙකට හේතුවන රා අරක්කු ආදි බීම වර්ගයකින් පිනි බිඳක් පමණ වුව ද පානය කිරීමෙන් මේ සිකපදය බිඳේ. මදයට හා ප්‍රමාදයට හේතු වන කංසා ආදි ද්‍රව්‍ය කෑම ද සුරාපානයට අයත් ය. නොදැන වුවද සුරාපානය කිරීමෙන් උපසම්පන්න භික්ෂූන්ට පචිති ඇවැත් වේ. සාමණේර ශීලය බිඳෙන්නේ සුරාවක් බව දැන සුරාපානය කිරීමේ අදහසින් ම සුරාව පානය කළහොත් ය. පුවක් - දුම්කොළ ආදියෙහි ද මත් කරවන ස්වභාවයක් ඇත්තේ ය. ඒවායින් වන මත ශරීරය ක්ලාන්ත වීම පමණෙකි. ඉහත කී මදය හා ප්‍රමාදය ඒවායින් ඇති නොවේ. එබැවින් ඒවා වැළඳීමෙන් මේ සිකපදය නො බිඳේ. මද්‍ය ගන්ධය - රසය නැති මද්‍ය මිශ්‍ර බෙහෙත් පාවිච්චියෙන් ද මේ සිකපදය නො බිඳේ. රෝග සුවය පිණිස වළඳන මද ප්‍රමාදයන්ට හේතු නො වන මද්‍ය ගන්ධය ඇති අරිෂ්ට ආසවයන් වැළඳීමෙන් ද වරද නො වේ."