“... නමුත් මෙතැන තියෙන භයජනකකම තමයි ආර්ය උපවාදය කියන එක කෙනෙක් නො දැන වුණත් වෙන්නට පුළුවන් දෙයක් .... එහෙම හිතුණත්, හිතුණු පමණකින් ම ආර්ය උපවාදය වෙනවා ..."
(උපුටා ගැනීම අවසන්.)
- අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේගේ "නිවන වෙතටම 1" ග්‍රන්ථය (5 පිටුව) ඇසුරෙන් - උන්වහ්සේගේ ධර්මඥානය ඉදිරියේ, අපි ‘හිරු දුටු කල, කණාමැදිරියෝ සේ’ වෙමු. එබැවින් එය පිළිගත යුතුව ඇත.
# උන්වහන්සේ පමණක්ම නොව: 👉 https://youtu.be/sTbizLGjzXM ...
# මාගේ අදහස:- එය එසේ සිදුවිය හැක්කේ, ආර්යයන් වහන්සේලාගේ ගුණ මහත්වය නිසා උන්වහන්සේලා අරමුණුකොට උපදවාගන්නා ද්වේෂ සහගත සිත් මහා සාවද්‍ය වන බැවින් බවයි. (ධර්මයේ තවත් සියුම් හා ගැඹුරු තැන් තිබිය හැක.)
එසේ නොවන්නට, මෙය විශේෂ අවස්තාවක් ලෙස නොසලකා, සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් න්‍යාය මත හිඳ, “උපවාදය නොහොත් දෝෂාරෝපණය හෝ නින්දා/පරිභව කිරීම යනු ‘වචී කර්මයකි’; වාචික කර්මයක් යනු චෛතසික කර්මයක් නොවන බැවින් (චේතනා කර්මයකි) සිතින් සිතා මුවින් පිටකළ යුතුය” යන තර්කය ඉදිපත්කළ හැකිය.
කෙසේ වෙතත් වැඩිදුර විමසීම උන්වහ්සේගෙන්ම/උන්වහ්න්සේලාගෙන්ම හා ධර්මයෙන් ම (ත්‍රිපිටකයෙන්ම) කළයුතුබව මාගේ යෝජනාවයි.
# ‘අක්කොසක සූත්‍රය’ තුළ ආර්යූපවාදයේ විපාක දැක්වේ.
https://pitaka.lk/main?n=30311
# එදා මෙදාතුර (අනාගතයේදී පවා) “කාලම සූත්‍රය” ‘උඩින් පල්ලෙන්’ හෝ කොටසක් හෝ මුල් කොටස හෝ ආදී වශයෙන් කියවා හෝ ‘වැරදි කොණෙන් අල්වාගෙන’ නොයෙක් දෙනා නොයෙක් අදහස් ගෙනහැර දක්වති. http://pitaka.lk/28165/cs,aps
# අනෙක් අතට, තර්කානුකූලව හෝ සහේතුක බව විමසා බැලීම හා අතාර්කිකව හා අහේතුකව සිතීම අතර විශාල වෙනසකි. http://pitaka.lk/18147/cs,aps
# එසේම අපි කොතැනදී වුවත් සිතන්නේ (කියන්නේ, කරන්නේ) පවා අපේ දැනුම්/ඥාන පරාසය තුළය; අපි නොදන්නා කරුණු වැඩි බැවින්, එය සාවද්‍ය වීමේ ඉඩකඩ වැඩිය. එබැවින් නිතරම ධර්මයට ම ගලපා බැලිය යුතුය.
Q. ඒවගේම සොවාන් මාර්ග ඵල ලැබූ ගිහි ගෙයි වෙසෙන අයෙකුත් මාර්ග පල ලාභීබව නොදැන අකුසල් සිත් පහළ කරගතහොත් එයිනුත් ආර්ය උපවාදය සිදුවනවා නේද?
A. ‘සොවහන් මාර්ගස්ථ පුද්ගලයාගේ” සිට ඉහළට ‘ආර්ය පුද්ගලයන්’ ලෙස සැලකේ. එබැවින් පිළිතුර “ඔව්” කිව යුතුය.

එහෙත්, යම් ‘භික්ෂුවක්’ විසින් ආර්යයන් වහන්සේලාට හෝ සබ්‍රහ්මචාරීන් (තමා හා එකට ශාසන ප්‍රතිපදාව පුරණ භික්ෂුන්) වහන්සේලාට හෝ දෝෂාරෝපණය හෝ නින්දා/පරිභව කිරීම තුළින් එක හා සමාන විපාක පහක් ලැබෙන බවයි (පෙර සඳහන් කළ http://pitaka.lk/30311/cs,aps) අක්කොසක සූත්‍රය තුළ නම් දැක්වෙන්නේ.
‘භික්ඛු’ යන පදයටද අර්ථ රාශියකි.
A. "... රහතන් වහන්සේ නමකට තබා සෝවාන් වූ ගෘහස්ථ ආර්‍ය්‍ය පුද්ගලයකුට වුව ද දුෂ්ඨ සිතින් චෝදනාවක් එල්ල කිරීම බරපතල පවෙකි. එයට කියනුයේ ‘ආර්යොපවාද’ අකුශල කර්මය කියා ය. ..."