431. ධම්මාරම්මණයක් නොවන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පැටලිලි සහගත තැනක් හමු වූවා. පැහැදිලි කර දිය හැකිද?
1. ඇසෙහි ගැටෙනුයේ රූපාරම්මණද? නැතිනම් වර්ණ රූපද? මේ දෙකෙහි වෙනසත් පැහැදිලි කර දිය හැකිද?
2. අතීත හෝ අනාගත වර්ණ රූපය ධම්මාරම්මණයක් නොවන්නේ ඇයි දැයි පැහැදිලි කර දිය හැකිද?

A. 1. වර්ණ රූපය යි - සතරමහා ධාතු නිසා පෙනෙන වර්ණ රූපයට ම, වර්ණ රූප සටහනට ම, වර්ණාලෝක සටහනට ම “රූපාරම්‌මණය” යැයි ද කියනු ලැබේ.

2. මෙහි අර්ථ දෙකකි.

I. අතීත හෝ අනාගත වර්ණ රූපය ඇසෙහි ම (චක්ඛු ප්‍රසාදහි ම) ගැටුණු / ගැටෙන බැවින් “රූපාරම්‌මණයක් ම” වේ [එවිට එය වර්තමාන වර්ණ රූපය යි - ඇසෙහි ගැටෙන්නේ "වර්තමාන ආරම්මණ" (“වත්තමානාරම්මණ”) ම පමණි.].

II. අතීත (ඉක්මගිය) හෝ අනාගත (නූපන් / නොපැමිණි) වර්ණ රූපය, මනසට ම (මනොද්වාරයට පමණක් ම) හසුවන / දැනෙන බැවින් “ධම්මාරම්මණයක් ම” වේ.

["මනෝද්වාරික චිත්තයන්ට වනාහි කාලත්‍ර‍යට ම අයත් වන රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍ය යන ෂඩාලම්බනය හා කාලවිමුක්ත වූ නිර්වාණ - ප්‍ර‍ඥප්තීහු ද අරමුණු වෙති."]

{“ඒ රූපායතනරූපය කවරෙ යත්:
යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්‍ශන සප්‍රතිඝ වූ - නිල් ය - කහවනැ ලේපැහැ ය සුදු ය කළු ය මදටවනැ සම්වනැ නිල්තණපැහැ ය අඹදළුපැහැ ය උස් ය මිටි ය කුදු ය මහතැ වට ය පිරිමඬුලු ය සිවුරැසැ සඇසැ අටැසැ සොළොසැසැ වළ ය ගොඩ ය සෙවණ ය අව් ය එළි ය අඳුරැ වලා ය හිම ය දුම් ය රජසැ සඳමඬලෙහි පැහැ ය හිරමඬලෙහි පැහැය තරුපැහැ ය කැටපත්මඬලෙහි පැහැ ය මිණි සක් මුතු වෙරළුමණිපැහැ ය රන් රිදීපැහැ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහනැ යි කියන ලද සනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රූපයෙක් ඇද්ද, සනිදර්‍ශන සප්‍රතිඝ වූ යම් රූපයෙක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ඇසෙහි ගැටුණේ හෝ ගැටෙයි හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ රූප නුමුදු වෙයි, තෙලෙ රූපායතන නමුදු වෙයි, තෙල රූපධාතු නමුදු වේ. මේ ඒ රූපායතන රූප යි.”

{“කතමං තං රූපං රූපායතනං? යං රූපං චතුන්‌නං මහාභූතානං උපාදාය වණ්‌ණනිභා සනිදස්‌සනං සප්‌පටිඝං නීලං පීතකං ලොහිතකං ඔදාතං කාළකං මඤ්‌ජිට්‌ඨකං හරි හරිවණ්‌ණං අම්‌බඞ්‌කුරවණ්‌ණං දීඝං රස්‌සං අණුං ථූලං වට්‌ටං පරිමණ්‌ඩලං චතුරංසං ඡළංසං අට්‌ඨංසං සොළසංසං නින්‌නං ථලං ඡායා ආතපො ආලොකො අන්‌ධකාරො අබ්‌භා මහිකා ධූමො රජො චන්‌දමණ්‌ඩලස්‌ස වණ්‌ණනිභා සූරියමණ්‌ඩලස්‌ස වණ්‌ණනිභා තාරකරූපානං වණ්‌ණනිභා ආදාසමණ්‌ඩලස්‌ස වණ්‌ණනිභා මණිසඞ්‌ඛමුත්‌තාවෙළුරියස්‌ස වණ්‌ණනිභා ජාතරූපරජතස්‌ස වණ්‌ණනිභා, යං වා පනඤ්‌ඤම්‌පි අත්‌ථි රූපං චතුන්‌නං මහාභූතානං උපාදාය වණ්‌ණනිභා සනිදස්‌සනං සප්‌පටිඝං, යම්‌හි රූපම්‌හි සනිදස්‌සනම්‌හි සප්‌පටිඝම්‌හි චක්‌ඛුං අනිදස්‌සනං සප්‌පටිඝං පටිහඤ්‌ඤි වා පටිහඤ්‌ඤති වා පටිහඤ්‌ඤිස්‌සති වා පටිහඤ්‌ඤෙ වා, රූපං පෙතං රූපායතනං පෙතං රූපධාතු පෙසා – ඉදං තං රූපං රූපායතනං.}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll