760. පස් මහ බැලුම් - පංච මහා විලෝකන යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. බුදුරජාණන් වහන්සේ කෙනෙක් බුදු වෙන්න පස් මහ බැළුම් බලනවා කියන්නෙ මොකක්ද?

A. “බෝසතුන් තුසිත භවනයෙහි වසද්දී බුද්ධකෝලාහල නම් කෝලාහලයක් ඇතිවිය. ලොව වනාහි තුන් කෝලාහලයක් උපදී. ඒ මෙසේයි. කල්ප කෝලාහලය බුද්ධ කෝලාහලය චක්‍රවර්ති කෝලාහලය කියායි. එහි වසර ලක්‍ෂයක් ඇවෑමෙන් කල්ප විනාශය වන්නේ යයි, ලෝකබ්‍යුහ නම් කාමාවචර දෙවියෝ කෙස් මුදාගෙන කෙස් විසුරුවා ගෙන හැඬූ මුහුණින් අතින් කඳුළු පිසිමින් රතුපිළි හැඳ අතිශයින් විරූපවෙස් ඇතිව මිනිස් පියෙස්හි ගැවසෙමින් මෙසේ දැනුම් දෙති. නිදුක්වරුනි, නිදුක්වරුනි, මෙයින් වසර ලක්‍ෂයක් ඇවෑමෙන් කප නැගීම වෙයි. මේ ලෝකය වැනසෙයි. මහමුහුදත් වියලෙයි. මේ මහපොළවත් මහාමෙරු පර්වත රාජයාත් දැවෙයි. වැනසෙයි. බඹලොව දක්වා ලෝක විනාශය වෙයි. නිදුක්වරුනි, මෙත් වඩව්. කරුණාව, මුදිතාව, උපේක්‍ෂාව වඩව්. මවට, පියාට උපස්ථාන කරව්. කුලදෙව්වන් පුදන්නෝ වව් කියායි. මෙය කල්ප කෝලාහලයයි. 

වර්ෂ ලක්‍ෂයක් ඇවෑමෙන් සර්වඥ බුදුකෙනෙක් ලොව උපදනාහයි ලෝකපාල දේවතාවෝ නිදුක්වරුනි, මෙයින් වසර ලක්‍ෂයක් ගිය කල බුදුකෙනෙක් ලොව උපදනාහයි උද්ඝෝෂණය කරමින් ඇවිදිති. මෙය බුද්ධ කෝලාහල නමි. 

වසර සියයක් ගෙවීමෙන් සක්විති රජෙක් උපදනේ යයි දේවතාවෝ නිදුක්වරුනි, මෙයින් වසර සියයක් ගෙවීමෙන් සක්විති රජෙක් උපදනේ යයි ඝෝෂා කරමින් ඇවිදිති. මෙය චක්‍රවර්ති කෝලාහලය නමි. 

එයින් බුද්ධ කෝලාහලය අසා සියලු දසදහසක් සක්වළ දේවතාවෝ එකට රැස්ව අසවල් නම් සත්ත්‍වයා බුදුවන්නේ යයි දැන වෙත පැමිණ ආයාචනා කරති. ආයාචනා කරන්නාහු උන්වහන්සේගේ පෙරනිමිති උපන්කල්හි ආයාචනා කරති. එකල්හි වනාහි ඒ සියලුම එක් එක් සක්වළ චතුම්මහාරාජ ශක්‍ර සුයාම සන්තුසිත වසවර්ති මහාබ්‍රහ්මයන් සමග එක් සක්වළෙක රැස්ව තුසිත භවනයෙහි උපන් චුතිනිමිති ඇති බෝසතුන් වෙත ගොස් නිදුකාණනි, ඔබවහන්සේ විසින් දසපැරුම් පුරන ලදි. පුරද්දී ශක්‍ර බ්‍රහ්ම ආදි සම්පතක් පතමින් නොපුරන ලදි. ලෝකයා එතෙර කරනු පිණිසම බුද්ධත්‍වය පතාගෙන සපුරන ලදි. බුදුබව පිණිස - 

මහාවීරයාණනි, මේ ඔබට කාලයයි. මවුකුස උපදිනු මැනවි. දෙවියන් සහිත ලෝකයා තරණය කරමින් අමාපදය අවබෝධ කරනු මැනවි. 

කියා ආයාචනා කළහ. 

මෙසේ දෙවියන් විසින් අයදිනු ලබන්නාහු දෙවියන්ට ප්‍රතිඥාවක් නොදීම, 1. කාල, 2. දීප, 3. දේස, 4. කුල, 5. මවගේ ආයු පරිච්ඡේදය, වශයෙන් පස්මහබැලුම් බැලූහ. 

1. එහි වර්ෂ ලක්‍ෂයකින් වැඩි ආයු කාලය කාලනම් නොවෙයි. කුමක් නිසාද? එකල සත්ත්‍වයන්ගේ ජාති ජරා මරණ ප්‍රකට නොවෙයි. බුදුවරුන්ගේ ධර්මදේශනා තිලකුණෙන් මිදුණේ නම් නොවෙයි. අනිච්ච දුක්‍ඛං අනත්තායි කියන ඔවුන්ට මේ කුමක් නම් කියන්නේදැයි ඇසිය යුත්තක් කොට ඇදහිය යුත්තක් කොට නොහඟිති. එසේ ඇතිකල සසුන අනෛර්යානික වෙයි. එබැවින් එය අකාලයයි. වසර සියයෙන් අඩු ආයු කාලය ද කාලය නොවෙයි. කුමක් නිසාද? එකල සත්ත්‍වයෝ උත්සන්න කෙලෙස් ඇත්තෝ වෙති. උත්සන්න කෙලෙස් ඇත්තවුන්ට දුන් අවවාදය අවවාද ස්ථානයෙහි නොසිටී. දියෙහි ඇඳි රේඛාව මෙන් වහා මැකී යයි. එබැවින් එයද අකාලයයි. වර්ෂ ලක්‍ෂයෙහි පටන් යට වර්ෂ සියයෙහි පටන් උඩ ආයු කාලය කාල නමි. එකල වනාහි සියවස් ආයුකාලය විය. එවිට මහසත්හු ඉපදිය යුතු කාලයයි දුටහ. 

2. ඉක්බිති ද්වීපය බලන්නාහු පිරිවර සහිත සතර දිවයින් බලා තුන් දිවයිනක බුදුවරු නූපදිති. දඹදිවම උපදිතියි ද්වීපය දුටහ. 

3. ඉක්බිති දඹදිව නම් දසදහස් යොදුන් පමණ විශාලය. කවර නම් පෙදෙසක බුදුවරු උපදිත්දැයි අවකාශ බලන්නාහු මධ්‍යමදේශය දුටහ. කපිලවත්‍ථු නගරයයි, මා එහි ඉපදිය යුතුයයි නිෂ්ටාවට පැමිණියහ. 

4. ඉක්බිති කුලය බලන්නාහු බුදුවරු නම් වෛශ්‍ය කුලයෙහි හෝ ශුද්‍ර කුලයෙහි හෝ නූපදිති. ලෝක සම්මත කැත් කුලයෙහි හෝ බමුණු කුලයෙහි උපදිති. මෙකල කැත් කුලය ලෝකසම්මතය. එහි උපදිමි. සුද්ධෝදන නම් රජ මාගේ පියා වෙතියි කියා කුලය දුටහ. 

5. අනතුරුව මෑණියන් බලන්නාහු බුද්ධමාතාව නම්, ලොල් සුරාසොඬ නොවන්නීය. කප්ලක්‍ෂයක් පුරන ලද පාරමී ඇති උපතෙහි පටන් නොකඩ පන්සිල් ඇත්තී වෙයි. මේ මහාමායා දේවිය නම් එබඳුය. ඕ මාගේ මෑණියෝ වෙති. ඇගේ ආයු කොපමණදැයි බලන්නාහු දසමසින් මතු සත්දිනකැයි දුටහ. 

මෙසේ මේ පස්මහ බැලුම් බලා නිදුක්වරුනි, මට බුදුබව සඳහා කාලයයි දෙවියන්ට ප්‍රතිඥා දී තෙපි යව් කියා ඒ දෙවිවරුන් පිටත්කොට තුසිත දෙවිවරුන් පිරිවරන ලද්දාහු තුසීපුර නන්‍දන වනයට පිවිසියහ. සියලු දිව්‍යලෝකවල නන්‍දන වනය ඇත්තේය. එහි උන්වහන්සේට දෙවිවරු මෙයින් චුතව සුගතියට යවයි කියා පෙර කළ කුශල කර්මයන් සිහි කරවමින් ඇවිදිති. මෙසේ කුසලකර්ම සිහි ගන්වන දෙවියන් පිරිවරන ලද උන්වහන්සේ එහි හැසිරෙන්නාහු එයින් චුතව උතුරුසල නැකතින් මහාමායා දේවිය කුස පිළිසිඳ ගත්හ. මහසත්හු පිළිසිඳ ගත් සැණින් එකපැහැර දසසහස්‍රී ලෝකධාතුව කම්පා විය. දෙතිස් පෙරනිමිති පහළ විය. 

මෙසේ පිළිසිඳ ගත් බෝසතුන්ට ද බෝසත් මෑණියන්ට ද උවදුරු වළකනු පිණිස කඩු ගත් අත් ඇති දෙවිවරු සතර දෙන අරක් ගත්හ. බෝසතුන්ගේ මෑණියන්ට පුරුෂයන් කෙරෙහි රාග සිතක් නොවීය. ඕ ලාභයෙන් අගතැන්පත්ද වූවාය. සුවඇත්තී, ක්ලාන්ත ශරීර ඇත්තී නුවූවාය. සිය කුස පත් බෝසතුන් ද පසන් මිණිරුවනක අවුනන ලද පඬුවන් සූත්‍රයක් මෙන් දක්නීය. යම් හෙයකින් බෝසතුන් විසූකුස සෑගැබක් මෙන් වන්නේ ද එහෙයින් අන් සත්ත්‍වයන්ගේ වාසයට හෝ පරිභෝගයට නොහැකි වන්නේය. එබැවින් බෝසත් මාතාව බෝසතුන් උපන් සත්දිනකින් කළුරිය කොට තුසිතපුරයෙහි උපදී. යම්සේ වෙනත් ස්ත්‍රීහු දසමස නොපැමිණ ද ඉක්මවාද හිඳගෙන ද වැදහෙව ද වදත් ද බෝසත් මාතාව එසේ නොවෙයි. ඕතොමෝ බෝසතුන් දසමස් කුසින් දරා හිටගෙනම ප්‍රසූත කරයි. මෙය බෝධිසත්‍ව මාතෘධර්මතාවයි.”


"තුසිතපුරෙ ¶ ¶ වසමානෙයෙව පන බොධිසත්තෙ බුද්ධකොලාහලං නාම උදපාදි. ලොකස්මිඤ්හි තීණි කොලාහලානි උප්පජ්ජන්ති. සෙය්‍යථිදං – කප්පකොලාහලං, බුද්ධකොලාහලං, චක්කවත්තිකොලාහලන්ති. තත්ථ “වස්සසතසහස්සස්ස අච්චයෙන කප්පුට්ඨානං භවිස්සතී”ති ලොකබ්‍යූහා නාම කාමාවචරදෙවා මුත්තසිරා විකිණ්ණකෙසා රුදමුඛා අස්සූනි හත්ථෙහි පුඤ්ඡමානා රත්තවත්ථනිවත්ථා අතිවිය විරූපවෙසධාරිනො හුත්වා මනුස්සපථෙ විචරන්තා එවං ආරොචෙන්ති – “මාරිසා, මාරිසා, ඉතො වස්සසතසහස්සස්ස අච්චයෙන කප්පුට්ඨානං භවිස්සති, අයං ලොකො විනස්සිස්සති, මහාසමුද්දොපි උස්සුස්සිස්සති, අයඤ්ච මහාපථවී සිනෙරු ච පබ්බතරාජා උඩ්ඩය්හිස්සන්ති විනස්සිස්සන්ති, යාව බ්‍රහ්මලොකා ලොකවිනාසො භවිස්සති, මෙත්තං, මාරිසා, භාවෙථ, කරුණං මුදිතං උපෙක්ඛං, මාරිසා, භාවෙථ, මාතරං පිතරං උපට්ඨහථ, කුලෙ ජෙට්ඨාපචායිනො හොථා”ති. ඉදං කප්පකොලාහලං නාම.

“වස්සසහස්සස්ස අච්චයෙන පන සබ්බඤ්ඤුබුද්ධො ලොකෙ උපජ්ජිස්සතී”ති ලොකපාලදෙවතා – “ඉතො, මාරිසා, වස්සසහස්සස්ස අච්චයෙන බුද්ධො ලොකෙ උප්පජ්ජිස්සතී”ති උග්ඝොසෙන්තියො ආහිණ්ඩන්ති. ඉදං බුද්ධකොලාහලං නාම.

“වස්සසතස්ස අච්චයෙන චක්කවත්තිරාජා උප්පජ්ජිස්සතී”ති දෙවතා – “ඉතො, මාරිසා, වස්සසතස්ස අච්චයෙන චක්කවත්තිරාජා උප්පජ්ජිස්සතී”ති උග්ඝොසෙන්තියො ආහිණ්ඩන්ති. ඉදං චක්කවත්තිකොලාහලං නාම (ඛු· පා· අට්ඨ· 5.මඞ්ගලපඤ්හසමුට්ඨානකථා; අප· අට්ඨ· 1.අවිදූරෙනිදානකථා; ජා· අට්ඨ· 1.අවිදූරෙනිදානකථා).

තෙසු බුද්ධකොලාහලසද්දං සුත්වා සකලදසසහස්සචක්කවාළදෙවතා එකතො සන්නිපතිත්වා – “අසුකො නාම සත්තො බුද්ධො භවිස්සතී”ති ඤත්වා උපසඞ්කමිත්වා ආයාචන්ති, ආයාචමානා ච තස්ස පුබ්බනිමිත්තෙසු උප්පන්නෙසු ආයාචන්ති. තදා පන සබ්බාපි තා එකෙකචක්කවාළෙ චතුමහාරාජ-සක්ක-සුයාම-සන්තුසිත-සුනිම්මිත-වසවත්ති-මහාබ්‍රහ්මෙහි සද්ධිං එකචක්කවාළෙ සන්නිපතිත්වා තුසිතභවනෙ උප්පන්නචුතිනිමිත්තස්ස බොධිසත්තස්ස සන්තිකං ගන්ත්වා – “මාරිස, තුම්හෙහි දස පාරමියො පූරිතා, පූරෙන්තෙහි ¶ ච න සක්කබ්‍රහ්මසම්පත්තිආදිකං සම්පත්තිං පත්ථෙන්තෙහි පූරිතා, ලොකනිත්ථරණත්ථාය පන වො සබ්බඤ්ඤුතං පත්ථෙන්තෙහි පරිපූරිතා බුද්ධත්තාය –

“කාලො ¶ ¶ ඛො තෙ මහාවීර, උප්පජ්ජ මාතුකුච්ඡියං;

සදෙවකං තාරයන්තො, බුජ්ඣස්සු අමතං පද”න්ති. (බු· වං· 1.67) –

යාචිංසු.

අථ මහාසත්තො දෙවතාහි එවං ආයාචියමානො දෙවතානං පටිඤ්ඤං අදත්වාව කාල-දීප-දෙස-කුල-ජනෙත්තිආයුපරිච්ඡෙදවසෙන පඤ්ච මහාවිලොකනානි විලොකෙසි. තත්ථ “කාලො නු ඛො, න කාලො”ති පඨමං කාලං විලොකෙසි. තත්ථ වස්සසතසහස්සතො උද්ධං වඩ්ඪිතආයුකාලො කාලො නාම න හොති. කස්මා? තදා හි සත්තානං ජාතිජරාමරණානි න පඤ්ඤායන්ති, බුද්ධානඤ්ච ධම්මදෙසනා තිලක්ඛණමුත්තා නාම නත්ථි, තෙසං “අනිච්චං දුක්ඛමනත්තා”ති කථෙන්තානං “කිං නාමෙතං කථෙන්තී”ති නෙව සොතබ්බං න සද්ධාතබ්බං මඤ්ඤන්ති, තතො අභිසමයො න හොති, තස්මිං අසති අනිය්‍යානිකං සාසනං හොති. තස්මා සො අකාලො. වස්සසතතො ඌනආයුකාලොපි කාලො න හොති. කස්මා? තදා සත්තා උස්සන්නකිලෙසා හොන්ති, උස්සන්නකිලෙසානඤ්ච දින්නොවාදො ඔවාදට්ඨානෙ න තිට්ඨති, උදකෙ දණ්ඩරාජි විය ඛිප්පං විගච්ඡති. තස්මා සොපි අකාලො. වස්සසතසහස්සතො පන පට්ඨාය හෙට්ඨා වස්සසතතො පට්ඨාය උද්ධං ආයුකාලො කාලො නාම. තදා පන වස්සසතකාලො අහොසි. අථ මහාසත්තො “නිබ්බත්තිතබ්බකාලො”ති කාලං පස්සි.

තතො දීපං ඔලොකෙන්තො සපරිවාරෙ චත්තාරො මහාදීපෙ ඔලොකෙත්වා – “තීසු දීපෙසු බුද්ධා න නිබ්බත්තන්ති, ජම්බුදීපෙයෙව නිබ්බත්තන්තී”ති දීපං පස්සි.

තතො “ජම්බුදීපො නාම මහා, දසයොජනසහස්සපරිමාණො. කතරස්මිං නු ඛො පදෙසෙ බුද්ධා නිබ්බත්තන්තී”ති ඔකාසං ඔලොකෙන්තො මජ්ඣිමදෙසං පස්සි. “කපිලවත්ථු නාම නගරං, තත්ථ මයා නිබ්බත්තිතබ්බ”න්ති නිට්ඨමගමාසි.

තතො ¶ කුලං විලොකෙන්තො – “බුද්ධා නාම වෙස්සකුලෙ වා සුද්දකුලෙ වා න නිබ්බත්තන්ති. ලොකසම්මතෙ පන ඛත්තියකුලෙ වා බ්‍රාහ්මණකුලෙ වා නිබ්බත්තන්ති, එතරහි ඛත්තියකුලං ලොකසම්මතං, තත්ථ නිබ්බත්තිස්සාමි සුද්ධොදනො නාම රාජා පිතා මෙ භවිස්සතී”ති කුලං පස්සි.

තතො මාතරං විලොකෙන්තො – “බුද්ධමාතා නාම ලොලා සුරාධුත්තා න හොති, කප්පසතසහස්සං පන ¶ පූරිතපාරමී ජාතිතො පට්ඨාය අඛණ්ඩපඤ්චසීලායෙව හොති. අයඤ්ච මහාමායා නාම දෙවී එදිසී, අයං මෙ මාතා භවිස්සති, කිත්තකං පනස්සා ආයූති, දසන්නං මාසානං උපරි සත්ත දිවසානී”ති පස්සි.

ඉති ඉමං පඤ්චවිධං මහාවිලොකනං විලොකෙත්වා – “කාලො මෙ, මාරිසා, බුද්ධභාවායා”ති දෙවානං පටිඤ්ඤං දත්වා – “ගච්ඡථ තුම්හෙ”ති තා දෙවතා උය්‍යොජෙත්වා තුසිතදෙවතාහි පරිවුතො තුසිතපුරෙ නන්දනවනං පාවිසි. සබ්බදෙවලොකෙසු හි නන්දනවනං අත්ථියෙව. තත්‍ර නං දෙවතා – “ඉතො චුතො සුගතිං ගච්ඡා”ති පුබ්බෙ කතකුසලකම්මොකාසං ¶ සාරයමානා විචරන්ති. සො එවං තාහි දෙවතාහි කුසලං සාරයමානාහි පරිවුතො තත්‍ර විචරන්තොව චවිත්වා මහාමායාය දෙවියා කුච්ඡිස්මිං උත්තරාසාළ්හනක්ඛත්තෙන පටිසන්ධිං ගණ්හි. මහාපුරිසස්ස පන මාතු කුච්ඡිස්මිං පටිසන්ධිග්ගණ්හනක්ඛණෙ එකප්පහාරෙනෙව සකලදසසහස්සිලොකධාතු සඞ්කම්පි. ද්වත්තිංස පුබ්බනිමිත්තානි පාතුරහෙසුං.

එවං ගහිතපටිසන්ධිකස්ස බොධිසත්තස්ස චෙව බොධිසත්තමාතුයා ච උපද්දවනිවාරණත්ථං ඛග්ගහත්ථා චත්තාරො දෙවපුත්තා ආරක්ඛං ගණ්හිංසු. බොධිසත්තස්ස මාතු පුරිසෙසු රාගචිත්තං නුප්පජ්ජි, ලාභග්ගයසග්ගප්පත්තා ච සා අහොසි සුඛිනී අකිලන්තකායා. බොධිසත්තඤ්ච අත්තනො කුච්ඡිගතං විප්පසන්නෙ මණිරතනෙ ආවුතපණ්ඩුසුත්තං විය පස්සති. යස්මා බොධිසත්තෙන වසිතකුච්ඡි නාම චෙතියගබ්භසදිසා හොති, න සක්කා අඤ්ඤෙන සත්තෙන ආවසිතුං වා පරිභුඤ්ජිතුං වා, තස්මා බොධිසත්තමාතා සත්තාහජාතෙ බොධිසත්තෙ කාලං කත්වා තුසිතපුරෙ නිබ්බත්ති. යථා පන අඤ්ඤා ඉත්ථියො දස මාසෙ අප්පත්වාපි අතික්කමිත්වාපි නිසින්නාපි නිපන්නාපි විජායන්ති, න එවං බොධිසත්තමාතා. බොධිසත්තමාතා පන බොධිසත්තං දස මාසෙ කුච්ඡිනා පරිහරිත්වා ඨිතාව විජායති. අයං බොධිසත්තමාතු ධම්මතා."


A / S. "... විපස්සී බෝධිසත්ත්වයෝද ඒ පෙරනිමිති දැක දැන් අනතුරු ආත්මභාවයෙහි බුදුවන්නෙමියි බිය වූයේ නැත. ඉක්බිති ඔහුට ඒ නිමිති පහළ වූ කල්හි දසදහසක් දෙව්ලොවවල දෙවියෝ රැස්වී, ස්වාමීනි, දසපාරමිතාවන් පුරන්නා වූ ඔබවහන්සේ විසින් ශක්‍ර සම්පත්තිය හෝ මාර සම්පත්තිය හෝ බ්‍රහ්ම සම්පත්තිය හෝ චක්‍රවර්ති සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් පුරණ ලද්දේ නොවේ. ලෝක සත්ත්වයාව සසරින් එතෙර කිරීමේ අදහසින් බුදුබවම ප්‍රාර්ථනා කළ සේක. උතුමාණනි! මේ දැන් එයට සුදුසු කාලයයි. උතුමාණෙනි, එයට දැන් කාලයයි.

ඉක්බිති මහා සත්ත්වයන් වහන්සේ ඒ දෙවියන්ට පොරොන්දුවක් නොදීම 1කාලය, 2දීපය, 3දේශය, 4කුලය, 5මාතාව (5)මාතාවගේ ආයු කාලය (1කාල2දීප3දෙස4කුල5ජනෙත‍්තිආයුපරිච‍්ඡෙද) වශයෙන් පස්මහ බැලුම් බැලුයේය. එහිදී සුදුසු 1කාලය ද නැද්ද කියා පළමුව කාලය බැලුවේය. එහි වර්ෂ ශත සහස්‍රයක් දක්වා වැඩුනු ආයු කාලය කාලය නම් නොවේ. කුමක් නිසාද? එකල්හි වනාහි සත්ත්වයන්ට ජාති, ජරා, මරණ නොවැටහෙයි. බුදුවරයන්ගේ ධර්මය වනාහි ත්‍රි ලක්‍ෂණයෙන් යුක්ත වූයේය. ඒ ජනයාට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යැයි බණ දෙසනවිට මේ කුමක් කියන්නේ දැයි අසන්නට හෝ විශ්වාස කරන්නට නො සිතත්. එයින් ධර්මාවබෝධයක් සිදුවන්නේ නැත. එසේ ඇතිකල්හි ශාසනය නෛර්යාණික නොවේ. ඒ නිසා එය නුසුදුසු කාලයයි. වර්ෂ සියයකට අඩු ආයු කාලයද කාලය නොවේ. කුමක් නිසාද? එකල්හි සත්ත්වයෝ උත්සන්න වූ කෙලෙස් ඇත්තෝ වෙත්. උත්සන්න වූ කෙලෙස් ඇත්තන්ට දෙන ලද අවවාදය අවවාදයක් ලෙස නොපිහිටයි. ජලයෙහි දඬු සමූහයක් මෙන් වහා ඉවත්ව යයි. ඒ නිසා එයද අකාලයයි. ශතසහස්‍රයේ පටන් යටත්පිරිසෙයින් වර්ෂ සියයේ පටන් ඉහළ ආයු කාලය කාල නම් වේ. එකල්හිද මනුෂ්‍යයෝ අසූදහසක් ආයු ඇත්තෝය. ඉක්බිති මහාසත්ත්වයෝ ඉපදිය යුතු කාලය බැලීය.

අනතුරුව 2දීපය (රට) බලන්නේ සපිරිවරින් දිවයින් සතර බලා එයින් දිවයින් තුනක බුදුවරු නූපදිත්. දඹදිව ම උපදින්නාහයි දීපය බැලීය.

ඉක්බිති දීපය නම් විශාලය. යොදුන් දසදහසක ප්‍රමාණයයි. කවරනම් ප්‍රදේශයක බුදුවරු උපදිත්දැයි 3දේශය ගැන බලන්නේ මධ්‍යදේශය බැලීය. මැදුම් දේශය වනාහි පූර්වදිශාවෙන් කජංගල නම් නියම්ගමය යනාදී ලෙස විනයෙහි කියන ලදි. එම ප්‍රදේශය දිගින් යොදුන් තුන්සියයකි. පළලින් යොදුන් දෙසියපනහකි. හාත්පසින් යොදුන් නවසියයකි. මේ ප්‍රදේශයේ වනාහි බුදුවරු, පසේබුදුවරු, අගසව්වෝ, අසූමහා ශ්‍රාවකයෝ, සක්විති රජ ද අන්‍ය වූ මහේශාක්‍ය ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, මහාසාල ඇත්තෝ උපදිත්. මෙහි වනාහි බන්‍ධුමතී නම් නගරයයි. මා එහි ඉපදිය යුතු යයි තීරණය කළේය.

අනතුරුව 4කුලය ගැන බලන්නේ, බුදුවරු වනාහි ලෝකසම්මත කුලයක උපදින්නාහ. දැන් ද ක්‍ෂත්‍රිය කුලය ලෝක සම්මතය. එහි උපදින්නෙමි. බන්‍ධුමා නම් රජු මාගේ පියා වන්නේ යැයි කුලය බැලීය.

ඉක්බිති 5මව ගැන බලන්නේ, බුද්ධ මාතාව නම් ලොල්බැවින් සුරාවට ගිජු වූ කෙනෙක් නොවේ. කල්ප ශත සහස්‍රයක පටන් පුරන ලද පාරමී ඇත්තී උපතේ පටන් නොසිඳි සිල් ඇත්තීය. මේ බන්‍ධුමතී නම් දේවිය ද මෙබඳුය. මැය මාගේ මව වන්නීය. (5)ඇගේ වයස කොපමණ වන්නේ දැයි ආවර්ජනා කොට බලන්නේ මාස දහයකුත් දවස් සතක් බව දුටුවේය. ..."

[පින්තූරයේ ඇතැම් තැන් සදොස් යැ.]
"විපස‍්සී බොධිසත‍්තොපි තානි පුබ‍්බනිමිත‍්තානි දිස‍්වා “ඉදානි අනන‍්තරෙ අත‍්තභාවෙ බුද‍්ධො භවිස‍්සාමී”ති න භායති. අථස‍්ස තෙසු නිමිත‍්තෙසු පාතුභූතෙසු දසසහස‍්සචක‍්කවාළදෙවතා සන‍්නිපතිත්‍වා – “මාරිස, තුම‍්හෙහි දස පාරමියො පූරෙන‍්තෙහි න සක‍්කසම‍්පත‍්තිං, න මාරසම‍්පත‍්තිං, න බ්‍රහ‍්මසම‍්පත‍්තිං, න චක‍්කවත‍්තිසම‍්පත‍්තිං පත්‍ථෙන‍්තෙහි පූරිතා, ලොකනිත්‍ථරණත්‍ථාය පන බුද‍්ධත‍්තං පත්‍ථයමානෙහි පූරිතා. සො වො, ඉදානි කාලො, මාරිස, බුද‍්ධත‍්තාය, සමයො, මාරිස, බුද‍්ධත‍්තායා”ති යාචන‍්ති.

අථ මහාසත‍්තො තාසං දෙවතානං පටිඤ‍්ඤං අදත්‍වාව කාලදීපදෙසකුලජනෙත‍්තිආයුපරිච‍්ඡෙදවසෙන පඤ‍්චමහාවිලොකනං නාම විලොකෙසි. තත්‍ථ “කාලො නු ඛො, න කාලො”ති පඨමං 1කාලං විලොකෙසි. තත්‍ථ වස‍්සසතසහස‍්සතො උද‍්ධං වඩ‍්ඪිතආයුකාලො කාලො නාම න හොති. කස‍්මා? තදා හි සත‍්තානං ජාතිජරාමරණානි න පඤ‍්ඤායන‍්ති, බුද‍්ධානඤ‍්ච ධම‍්මදෙසනා නාම තිලක‍්ඛණමුත‍්තා නත්‍ථි. තෙ තෙසං – “අනිච‍්චං දුක‍්ඛමනත‍්තා”ති කථෙන‍්තානං – “කිං නාමෙතං කථෙන‍්තී”ති නෙව සොතුං, න සද‍්දහිතුං මඤ‍්ඤන‍්ති, තතො අභිසමයො න හොති, තස‍්මිං අසති අනිය්‍යානිකං සාසනං හොති. තස‍්මා සො අකාලො. වස‍්සසතතො ඌනආයුකාලොපි කාලො න හොති. කස‍්මා? තදා හි සත‍්තා උස‍්සන‍්නකිලෙසා හොන‍්ති, උස‍්සන‍්නකිලෙසානඤ‍්ච දින‍්නො ඔවාදො ඔවාදට‍්ඨානෙ න තිට‍්ඨති, උදකෙ දණ‍්ඩරාජි විය ඛිප‍්පං විගච‍්ඡති. තස‍්මා සොපි අකාලොව. වස‍්සසතසහස‍්සතො පට‍්ඨාය හෙට‍්ඨා, වස‍්සසතතො පට‍්ඨාය උද‍්ධං ආයුකාලො කාලො නාම, තදා ච අසීතිවස‍්සසහස‍්සායුකා මනුස‍්සා. අථ මහාසත‍්තො – “නිබ‍්බත‍්තිතබ‍්බකාලො”ති කාලං පස‍්සි.

තතො 2දීපං විලොකෙන‍්තො සපරිවාරෙ චත‍්තාරො දීපෙ ඔලොකෙත්‍වා – “තීසු දීපෙසු බුද‍්ධා න නිබ‍්බත‍්තන‍්ති, ජම‍්බුදීපෙයෙව නිබ‍්බත‍්තන‍්තී”ති දීපං පස‍්සි.

තතො – “ජම‍්බුදීපො නාම මහා, දසයොජනසහස‍්සපරිමාණො, කතරස‍්මිං නු ඛො පදෙසෙ බුද‍්ධා නිබ‍්බත‍්තන‍්තී”ති 3දෙසං විලොකෙන‍්තො මජ‍්ඣිමදෙසං පස‍්සි. මජ‍්ඣිමදෙසො නාම – “පුරත්‍ථිමාය දිසාය ගජඞ‍්ගලං නාම නිගමො”තිආදිනා (මහාව· 259) නයෙන විනයෙ වුත‍්තොව. සො ආයාමතො තීණි යොජනසතානි, විත්‍ථාරතො අඩ‍්ඪතෙය්‍යානි, පරික‍්ඛෙපතො නවයොජනසතානීති. එතස‍්මිඤ‍්හි පදෙසෙ බුද‍්ධා පච‍්චෙකබුද‍්ධා අග‍්ගසාවකා අසීති මහාසාවකා චක‍්කවත‍්තිරාජානො අඤ‍්ඤෙ ච මහෙසක‍්ඛා ඛත‍්තියබ්‍රාහ‍්මණගහපතිමහාසාලා උප‍්පජ‍්ජන‍්ති. ඉදඤ‍්චෙත්‍ථ බන්‍ධුමතී නාම නගරං, තත්‍ථ මයා නිබ‍්බත‍්තිතබ‍්බන‍්ති නිට‍්ඨං අගමාසි.

තතො 4කුලං විලොකෙන‍්තො – “බුද‍්ධා නාම ලොකසම‍්මතෙ කුලෙ නිබ‍්බත‍්තන‍්ති. ඉදානි ච ඛත‍්තියකුලං ලොකසම‍්මතං, තත්‍ථ නිබ‍්බත‍්තිස‍්සාමි, බන්‍ධුමා නාම මෙ රාජා පිතා භවිස‍්සතී”ති කුලං පස‍්සි.
තතො 5මාතරං විලොකෙන‍්තො – “බුද‍්ධමාතා නාම ලොලා සුරාධුත‍්තා න හොති, කප‍්පසතසහස‍්සං පූරිතපාරමී, ජාතිතො පට‍්ඨාය අඛණ‍්ඩපඤ‍්චසීලා හොති, අයඤ‍්ච බන්‍ධුමතී නාම දෙවී ඊදිසා, අයං මෙ මාතා භවිස‍්සති, (5)“කිත‍්තකං පනස‍්සා ආයූ”ති ආවජ‍්ජන‍්තො “දසන‍්නං මාසානං උපරි සත‍්ත දිවසානී”ති පස‍්සි."


A. "එකල බෝසත් තෙමේ දෙවියන්ට පිළිතුරක් නොදී කාලය දීපය දේශය කුලය මව ආයුෂ පිරිසිඳීම් වශයෙන් පස්මහබැලුම් බැලීය. එහි කාලය ද නොකාලය දැයි පළමුව කාලය බැලීය. එහි අවුරුදු ලක්‍ෂයකින් මතු වැඩෙන ආයුෂ කාලය කාලය නම් නොවෙයි. කුමක්හෙයින් ද? ඒ කාලයෙහි සත්වයන්ගේ ජාති ජරා මරණයෝ නොපෙනෙත්. බුදුවරුන්ගේ ධර්ම දේශනා නම් ත්‍රිලක්‍ෂණයන්ගෙන් මිදීමක් නම් නැත. ඔවුන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම යැයි කිව්වත් මේ කුමක් කියන්නේදැයි ඇසීමට ඇදහීමට නොසිතත්. එහෙයින් අවබෝධ නොවෙත්. එය නැති කල්හි ශාසනය අනිර්යානික වෙයි. එහෙයින් එය අකාලයයි. අවුරුදු සීයෙන් අඩු කාලය ද කාලය නොවෙයි. කුමක් හෙයින් ද? එකල සත්ත්වයෝ උස් කෙලෙස් ඇත්තාහු වෙත්. උස් කෙලෙස් ඇති අයට දෙන ලද අවවාද නිසි තැන නොසිටියි. දියෙහි ඇඳි ඉරක් මෙන් වහා පහවෙයි. ඒ නිසා එය ද කාලය නොවෙයි. ලක්‍ෂයෙහි පටන් යට සියයේ පටන් උඩ ආයු කාලය අකාලය නම් වෙයි. එකල්හි අවුරුදු සියයේ කාලය වෙයි. එකල බෝසත් තෙමේ ඉපදිය යුතු කාලය යැයි දැක්කේය.

ඉක්බිතිව දීපය බලන්නේ පිරිවර සහිතව සතර දීපයන් බලා දීප තුනක බුදුවරු නූපදිති. දඹදිව ම උපදිතියි දීපය දැක්කේය.

එයින් දඹදිව නම් යොදුන් දස දහසක් පමණ මහත්ය. කවර ප්‍රදේශයක බුදුවරු උපදිත් දැයි දේශය බලන්නේ මධ්‍යම ප්‍රදේශය දැක්කේය. මධ්‍යම ප්‍රදේශය නම් බටහිර දිශාවෙන් කජංගල නම් නියම් ගමය ආදී ක්‍රමයෙන් විනයෙහි කියන ලද්දේය. එය දිගින් යොදුන් තුන්සියයකි. පළලින් දෙකහමාරකි. වටින් යොදුන් නවසියයකි. මේ ප්‍රදේශයෙහි බුදුවරු, පසේබුදුවරු, අග්‍රශ්‍රාවකයන්, අසූ මහාශ්‍රාවකයන්. සක්විති රජවරුන්. අනෙත් මහේශාක්‍ය ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති මහාසාලයෝ උපදිති. මෙහි මේ කිඹුල්වත් නම් නුවර මා ඉපදිය යුතුයැයි නිෂ්ටාවට ගියේය.

ඉක්බිතිව කුලය බලන්නේ බුදුවරු නම් ලෝක සම්මත කුලයෙහි උපදිත්. දැන් ක්‍ෂත්‍රිය කුලය ලෝක සම්මතයි. එහි උපදින්නෙමි. සුද්ධෝදන නම් රජු මාගේ පියා වන්නේ යැයි කුලය දැක්කේය.
ඉක්බිතිව මව බලන්නේ බුද්ධමාතාව නම් ලොල් වූ සුරා ධුර්තයෙක් නොවෙයි. කල්ප ලක්‍ෂයක් පුරන ලද පාරමිතා ඇති ජාතියේ පටන් පන්සිල් නොකඩන ලද්දී වෙයි. මේ මහාමායා දේවිය නම් මෙබඳුය. මැය මාගේ මව වන්නීය. ඇයට ආයුෂ කොපමණක් ද? මාස දහයක් හා සත් දවසක් දැක්කේය."


"අථ මහාසත‍්තො දෙවතානං පටිඤ‍්ඤං අදත්‍වාව කාලදීපදෙසකුලජනෙත‍්තිආයුපරිච‍්ඡෙදවසෙන පඤ‍්චමහාවිලොකනං නාම විලොකෙසි. තත්‍ථ “කාලො නු ඛො, න කාලො”ති පඨමං කාලං විලොකෙසි. තත්‍ථ වස‍්සසතසහස‍්සතො උද‍්ධං වඩ‍්ඪිතආයුකාලො කාලො නාම න හොති. කස‍්මා? තදා හි සත‍්තානං ජාතිජරාමරණානි න පඤ‍්ඤායන‍්ති, බුද‍්ධානඤ‍්ච ධම‍්මදෙසනා නාම තිලක‍්ඛණමුත‍්තා නත්‍ථි, තෙසං අනිච‍්චං දුක‍්ඛං අනත‍්තාති කථෙන‍්තානං “කිං නාමෙතං කථෙන‍්තී”ති නෙව සොතුං න සද‍්ධාතුං මඤ‍්ඤන‍්ති, තතො අභිසමයො න හොති, තස‍්මිං අසති අනිය්‍යානිකං සාසනං හොති. තස‍්මා සො අකාලො. වස‍්සසතතො ඌනආයුකාලොපි කාලො නාම න හොති. කස‍්මා? තදා හි සත‍්තා උස‍්සන‍්නකිලෙසා හොන‍්ති, උස‍්සන‍්නකිලෙසානඤ‍්ච දින‍්නොවාදො ඔවාදට‍්ඨානෙ න තිට‍්ඨති. උදකෙ දණ‍්ඩරාජි විය ඛිප‍්පං විගච‍්ඡති. තස‍්මා සොපි අකාලො. සතසහස‍්සතො පන පට‍්ඨාය හෙට‍්ඨා වස‍්සසතතො පට‍්ඨාය උද‍්ධං ආයුකාලො කාලො නාම. තදා ච වස‍්සසතකාලො හොති. අථ මහාසත‍්තො “නිබ‍්බත‍්තිතබ‍්බකාලො”ති කාලං පස‍්සි.

තතො දීපං විලොකෙන‍්තො සපරිවාරෙ චත‍්තාරො දීපෙ ඔලොකෙත්‍වා – “තීසු දීපෙසු බුද‍්ධා න නිබ‍්බත‍්තන‍්ති, ජම‍්බුදීපෙයෙව නිබ‍්බත‍්තන‍්තී”ති දීපං පස‍්සි.

තතො – “ජම‍්බුදීපො නාම මහා, දසයොජනසහස‍්සපරිමාණො, කතරස‍්මිං නු ඛො පදෙසෙ බුද‍්ධා නිබ‍්බත‍්තන‍්තී”ති දෙසං විලොකෙන‍්තො මජ‍්ඣිමදෙසං පස‍්සි. මජ‍්ඣිමදෙසො නාම “පුරත්‍ථිමාය දිසාය ගජඞ‍්ගලං නාම නිගමො”තිආදිනා නයෙන විනයෙ (මහාව· 259) වුත‍්තොව. සො පන ආයාමතො තීණි යොජනසතානි. විත්‍ථාරතො අඩ‍්ඪතියානි, පරික‍්ඛෙපතො නවයොජනසතානීති. එතස‍්මිඤ‍්හි පදෙසෙ චත‍්තාරි අට‍්ඨ සොළස වා අසඞ‍්ඛ්‍යෙය්‍යානි, කප‍්පසතසහස‍්සඤ‍්ච පාරමියො පූරෙත්‍වා සම‍්මාසම‍්බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති. ද‍්වෙ අසඞ‍්ඛ්‍යෙය්‍යානි, කප‍්පසතසහස‍්සඤ‍්ච පාරමියො පූරෙත්‍වා පච‍්චෙකබුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, එකං අසඞ‍්ඛ්‍යෙය්‍යං, කප‍්පසතසහස‍්සඤ‍්ච පාරමියො පූරෙත්‍වා සාරිපුත‍්තමොග‍්ගල‍්ලානාදයො මහාසාවකා උප‍්පජ‍්ජන‍්ති, චතුන‍්නං මහාදීපානං ද‍්විසහස‍්සානං පරිත‍්තදීපානඤ‍්ච ඉස‍්සරියාධිපච‍්චකාරකචක‍්කවත‍්තිරාජානො උප‍්පජ‍්ජන‍්ති, අඤ‍්ඤෙ ච මහෙසක‍්ඛා ඛත‍්තියබ්‍රාහ‍්මණගහපතිමහාසාලා උප‍්පජ‍්ජන‍්ති. ඉදඤ‍්චෙත්‍ථ කපිලවත්‍ථු නාම නගරං, තත්‍ථ මයා නිබ‍්බත‍්තිතබ‍්බන‍්ති නිට‍්ඨමගමාසි.

තතො කුලං විලොකෙන‍්තො – “බුද‍්ධා නාම ලොකසම‍්මතෙ කුලෙ නිබ‍්බත‍්තන‍්ති, ඉදානි ච ඛත‍්තියකුලං ලොකසම‍්මතං, තත්‍ථ නිබ‍්බත‍්තිස‍්සාමි, සුද‍්ධොදනො නාම රාජා මෙ පිතා භවිස‍්සතී”ති කුලං පස‍්සි.
තතො මාතරං විලොකෙන‍්තො – “බුද‍්ධමාතා නාම ලොලා සුරාධුත‍්තා න හොති, කප‍්පසතසහස‍්සං පූරිතපාරමී ජාතිතො පට‍්ඨාය අඛණ‍්ඩපඤ‍්චසීලා හොති, අයඤ‍්ච මහාමායා නාම දෙවී එදිසා. අයං මෙ මාතා භවිස‍්සති. කිත‍්තකං පනස‍්සා ආයූ”ති ආවජ‍්ජන‍්තො – “දසන‍්නං මාසානං උපරි සත‍්ත දිවසානී”ති පස‍්සි.
ඉති ඉමං පඤ‍්චමහාවිලොකනං විලොකෙත්‍වා – “කාලො මෙ මාරිසා බුද‍්ධභාවායා”ති දෙවතානං සඞ‍්ගහං කරොන‍්තො පටිඤ‍්ඤං දත්‍වා “ගච‍්ඡථ තුම‍්හෙ”ති තා දෙවතා උය්‍යොජෙත්‍වා තුසිතදෙවතාහි පරිවුතො තුසිතපුරෙ නන්‍දනවනං පාවිසි. සබ‍්බදෙවලොකෙසු හි නන්‍දනවනං අත්‍ථියෙව. තත්‍ථ නං දෙවතා – “ඉතො චුතො සුගතිං ගච‍්ඡ, ඉතො චුතො සුගතිං ගච‍්ඡා”ති පුබ‍්බෙකතකුසලකම‍්මොකාසං සාරයමානා විචරන‍්ති. සො එවං දෙවතාහි කුසලං සාරයමානාහි පරිවුතො තත්‍ථ විචරන‍්තොව චවි."

T. "... කාලදීපදෙසකුලජනෙත්තිආයුපරිච්ඡෙදවසෙන පඤ්චමහාවිලොකනං නාම විලොකෙසි. ..."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll