284. තියෙන්නෙ කොහෙ ද? (VIII)

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මෙය සදහන් සුත්‍රය කුමක්ද?

https://pitaka.lk/?node=541012&coll=cs,aps

"ස්‍රොතාපත්තිමාර්‍ගයෙන් දෘෂ්ටිය හා සමග එක් වැ සිටි ක්ලෙශයන් ... සකෘදාගාමීමාර්‍ගයෙන් ඖදාරිකක්ලෙශයන් ... අනාගාමීමාර්‍ගයෙන් අණුසහගත ක්ලෙශයන් ... අර්‍හත්මාර්‍ගයෙන් සියලු ක්ලෙශයන් වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍ර‍මාර්‍ත්‍ථයෙන් ශීල යි.

ශීලයෝ පස්දෙනෙකි: ප්‍රාණවධයාගේ ප්‍ර‍හාණය ශීල යැ. (ප්‍රාණවධයෙන්) වෙන්වීම ශීල යැ ( ප්‍රාණවධයට ප්‍ර‍තිපක්‍ෂ වූ) චෙතනාව ශීල යැ (ප්‍රාණවධයෙන්) වැළකීම ශීල යැ (ප්‍රාණවධයාගේ) අව්‍යතික්‍ර‍මය ශීල යි. මෙබඳු ශීලයෝ චිත්තයාගේ නො විපිළිසර බව පිණිස පවතිත් ප්‍රාමොද්‍යය පිණිස පවතිත්, ප්‍රීතිය පිණිස පවතිත්, සන්හිඳීම පිණිස පවතිත්, සොම්නස පිණිස පවතිත්, ආසෙවනය පිණිස පවතිත්, වැඩීම පිණිස පවතිත්, බහුල කිරීම පිණිස පවතිත්, අලඞ්කාරය පිණිස පවතිත්, පරිෂ්කාරය පිණිස පවතිත්, පරිවාරය පිණිස පවතිත්, පරිපූර්‍ණභාවය පිණිස පවතිත්, එකාන්තයෙන් නිර්‍වෙදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බොධය පිණිස නිර්‍වාණය පිණිස පවතිත්."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll