Q. පහාන සීලය, වේරමනී සීලය, චේතනා සීලය , සංවර සීලය , අවිතික්කම සීලය යනාදී වශයෙන් සීලය විග්‍රහකොට ඇති සූත්‍ර දේශනා මොනවාද? සූත්‍ර පිටකයේ කුමන ධර්ම ග්‍රන්ථකය කිනම් පරිච්චේදයක එය අඩංගු වේද?
A. "ශීලයෝ පස්දෙනෙකි: ප්‍රාණවධයාගේ ප්‍රහාණය ශීල යැ. (ප්‍රාණවධයෙන්) වෙන්වීම ශීල යැ ( ප්‍රාණවධයට ප්‍රතිපක්‍ෂ වූ) චෙතනාව ශීල යැ (ප්‍රාණවධයෙන්) වැළකීම ශීල යැ (ප්‍රාණවධයාගේ) අව්‍යතික්‍රමය ශීල යි. මෙබඳු ශීලයෝ චිත්තයාගේ නො විපිළිසර බව පිණිස පවතිත් ප්‍රාමොද්‍යය පිණිස පවතිත්, ප්‍රීතිය පිණිස පවතිත්, සන්හිඳීම පිණිස පවතිත්, සොම්නස පිණිස පවතිත්, ආසෙවනය පිණිස පවතිත්, වැඩීම පිණිස පවතිත්, බහුල කිරීම පිණිස පවතිත්, අලඞ්කාරය පිණිස පවතිත්, පරිෂ්කාරය පිණිස පවතිත්, පරිවාරය පිණිස පවතිත්, පරිපූර්‍ණභාවය පිණිස පවතිත්, එකාන්තයෙන් නිර්‍වෙදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බොධය පිණිස නිර්‍වාණය පිණිස පවතිත්."
# විශුද්ධිමාර්ගයේ සඳහන් විස්තරය.
"1. පහාණ 2. වෙරමණී, 3. චෙතනා, 4. සංවර, 5. අවීතික්කම සීල.
1. “හිරි ඔත්තප්ප කරුණා අලොභාදී ප්‍රධාන වූ යම් කුශල චිත්තොත්පාදයෙකින් ප්‍රාණඝාත ප්‍රහාණය කරනු ලැබේ ද ඒ ප්‍රාණඝාත ප්‍රහාණය ශීලනාර්ථයෙන් ප්‍රහාණ ශීල නම් වේ” අදින්නාදානාදිය පිළිබඳ වැ ද මෙසේ ය. මෙහි වනාහි ප්‍රහාණය යි ප්‍රාණඝාතාදිය නොකරැ හැරීම විනා (අමුතු) විශේෂ ධර්‍මයෙක් නැත. ප්‍රාණඝාතාදිය නො කැරැ හැරීම ඒ ඒ කුශල ධර්‍මයන්ට පිහිටවන අර්‍ථයෙන් උපධාරණ වෙයි. (ඒ එසේ මැ යි :- ප්‍රාණඝාත ප්‍රහාණය මෛත්‍රී ආදි කුශල ධර්‍මයන්ට ප්‍රතිෂ්ඨය. අදත්තාදාන ප්‍රහාණය ත්‍යාගාදි කුශල ධර්‍මයන්ට ප්‍රතිෂ්ඨායි) ප්‍රාණඝාතාදිය කිරීම චිත්තසන්තානයාගේ කම්පනයට හේතු වේ. ඒ නොකිරීම් එසේ චිත්තකම්පනය නොකරන හෙයින් සමාධාන නම් වෙයි. මෙසේ හෙයින් යට දැක්වුණු උපධාරණ - සමාධාන සංඛ්‍යාත ශීලනාර්‍ථයෙන් ප්‍රහාණය ශීලය යි කියන ලද බැව් සැලකිය යුතුයි.
2. එසේ මැ ප්‍රාණඝාතාදියෙන් වැළැක්ම වේරමණී සීල නම් වේ.
3. ප්‍රාණඝාතාදියට ප්‍රතිපක්‍ෂ වූ චේතනාව චේතනා සීල නම් වේ.
4. ප්‍රාණඝාතාදියෙන් සංවර වීම - ප්‍රාණඝාතාදිය සිද්ධ විය හැකි මාර්‍ග වසාලීම සංවරසීල නම් වේ.
5. ප්‍රාණඝාතාදීන්ගේ අව්‍යතික්‍රමණය - සමාදන් වැ ගත් ශික්‍ෂාපද බිඳැ නොලීම අවීතික්කම සීල නම් වේ. උපධාරණ සාමාධාන සංඛ්‍යාත ශීලනාර්‍ථයෙන් මේ විරමණ, චේතනා, සංවර, අවීතික්කම ද සීල වන සැටි යට කී නයෙන් දත යුතුයි."
["පඤ‍්ච සීලානි: පාණාතිපාතස‍්ස පහානං සීලං, වෙරමණී සීලං, චෙතනා සීලං, සංවරො සීලං, අවීතික‍්කමො සීලං, එවරූපානි සීලානි චිත‍්තස‍්ස අවිප‍්පටිසාරාය සංවත‍්තන‍්ති, පාමොජ‍්ජාය6 සංවත‍්තන‍්ති, පීතියා සංවත‍්තන‍්ති, පස‍්සද‍්ධියා සංවත‍්තන‍්ති, සොමනස‍්සාය සංවත‍්තන‍්ති, අසෙවනාය සංවත‍්තන‍්ති, භාවනාය සංවත‍්තන‍්ති, බහුලීකම‍්මාය සංවත‍්තන‍්ති, අලඞ‍්කාරාය සංවත‍්තන‍්ති, පරික‍්ඛාරාය සංවත‍්තන‍්ති, පරිවාරාය සංවත‍්තන‍්ති, පාරිපුරියා සවත‍්තන‍්ති, එකත‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්ති."]