242. වියදම් කරන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුල තම ආදායම කලමනාකරණය කිරීම සම්බන්දව දේශනා සඳහන් වන තැනක් සඳහන් කලහැකිද?

A / R. [5] “එහි එක් කොටසකින් සම්පත් අනුභව කරන්නේය. දෙකොටසක් කර්මාන්ත පිණිස යොදන්නේය. සතරවන කොටස විපත් පැමිණි කල්හි ප්‍රයොජන වන්නේයයි නිදන් කොට තබන්නේය.”

{මෙහි අනුභව කරන කොටසින් ම, පිං/කුසල් දහම් සඳහා ද, පැවිද්දන්, යාචකයන් සඳහා ද, දැසි-දස්සන් (වැඩකාරයන්)ගේ වේතනය (පඩි-නඩි) ගෙව්විම සඳහා ද යොදාගත යුතු බවක් අට්ට කතාවේ දැක්වෙනවා විය යුතුය.}

‘‘එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය, ද්වීහි කම්මං පයොජයෙ;
චතුත්ථඤ්ච නිධාපෙය්‍ය, ආපදාසු භවිස්සතී’’ති.

{“එකෙන භොගෙ භුඤ්‌ජෙය්‍යාති එකෙන කොට්‌ඨාසෙන භොගෙ භුඤ්‌ජෙය්‍ය. ද්‌වීහි කම්‌මං පයොජයෙති ද්‌වීහි කොට්‌ඨාසෙහි කසිවාණිජ්‌ජාදිකම්‌මං පයොජෙය්‍ය. චතුත්‌ථඤ්‌ච නිධාපෙය්‍යාති චතුත්‌ථං කොට්‌ඨාසං නිධාපෙත්‌වා ඨපෙය්‍ය. ආපදාසු භවිස්‌සතීති කුලානඤ්‌හි න සබ්‌බකාලං එකසදිසං වත්‌තති, කදාචි රාජාදිවසෙන ආපදාපි උප්‌පජ්‌ජන්‌ති, තස්‌මා එවං ආපදාසු උප්‌පන්‌නාසු භවිස්‌සතීති ‘‘එකං කොට්‌ඨාසං නිධාපෙය්‍යා’’ති ආහ . ඉමෙසු පන චතූසු කොට්‌ඨාසෙසු කතරකොට්‌ඨාසං ගහෙත්‌වා කුසලං කාතබ්‌බන්‌ති? ‘‘භොගෙ භුඤ්‌ජෙය්‍යා’’ති වුත්‌තකොට්‌ඨාසං. තතො ගණ්‌හිත්‌වා භික්‌ඛූනම්‌පි කපණද්‌ධිකාදීනම්‌පි දාතබ්‌බං, පෙසකාරන්‌හාපිතාදීනම්‌පි වෙතනං දාතබ්‌බං.”}

[අංගුත්තරනිකායේ පඤ්චක නිපාතයේ භෝග සූත්රය.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll