38. මෛත්‍රී භාවනාවටත් "මාර බාධක" තියනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මෛත්‍රී භාවනාවටත් "මාර බාධක" තියනවා ද?

A. කරණීය මෙත්ත සූත්‍රය (මෙත්ත සූත්‍රය) - http://pitaka.lk/37180/cs,aps - “නිධාන කතාව: බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන සමයක පන්සියයක් භික්ෂුන් වහන්සේලා සුදුසු කමටහන් ලබාගෙන විවේකීව බවුන් වැඩීමේ අදහසින් සුදුසු තැනක් සොයා පිටත්ව ගියහ. උන්වහන්සේලා එක්තරා ගමකට වැඩම කළ අවස්ථාවේදී එහි වාසය කළ මිනිස්සු උන්වහන්සේලාගේ අදහස දැනගෙන ගම අසල ඇති වන ලැහැබක් ඊට සුදුසු බව දන්වා සිටියහ. මේ භික්ෂූන්වහන්සේලාත් ඒ වන ලැහැබට වැඩම කර තම භාවනා කර්මය පටන් ගත්හ.මේ වනලැහැබට අරක්ගත් රුක්ෂ දේවතාවුන් සමූහය මේ සිල්වත් භික්ෂූන්වහන්සේලා බිම හිඳිද්දී තමන් උඩ හිඳීම නුසුදුසු යැයි සිතා බිමට බැස්සහ. ඊළඟ දිනයෙත් පිඬුසිඟා වැඩීමෙන් පසු උන්වහන්සේලා පැමිණීමෙන් දේවතාවුන්ට බිමට බැසීමට සිදුවිය. මේ ආකාරයට දින කිහිපයක් ගතවීමෙන් පසු දේවතාවන්ට පෙනීගියේ මේ යෝගාවචර සඟ පිරිස දිගු කලක් නැවතී සිටිනු ඇති බවය.ඔවුහු කතිකා කර භික්ෂූන්වහන්සේලා බියගන්වා එලවාදැමීමට උපක්‍රම යෙදූහ. දේවතාවුන් විසින් අමනුෂ්‍ය රූප මළකඳවල් ආදී බියජනක දෑ මවා පෙන්වීමෙන් ඒ ස්වාමීන්වහන්සේලාගේ බවුන් වැඩීමට බාධාවූ අතර එතැන තමන්ට සුදුසු තැනක් නොවන බව තේරුම්ගත් උන්වහන්සේලා පෙරළා බුදුහිමියන් වෙත පැමිණ තම අත්දැකීම සැල කළහ.
“ස්වාමීනි, මේ විදියෙ උපද්‍රව වලට මුහුණදෙන්න වුණ එතැන බවුන් වැඩීමට සුදුසු නැති බවයි පේන්නෙ .”
“නැහැ මහණෙනි, එතැනමයි සුදුසු. මේ වතාවේ නුඹලා ආයුධයක් අරගෙනයි යා යුත්තේ.”
“ස්වාමීනි, කුමක්ද ඒ ආයුධය?”
මේ ආයුධය මෙත්ත සූත්‍රය ය. එය වන ලැහැබේදී නිතර නිතර සජ්ඣායනය කිරීමට පිරිසට උපදෙස් ලැබුණු අතර මේ උපදෙස් අනුගමනය කළ ඒ භික්ෂූන්වහන්සේලාට දේවතාවුන්ගේ හිරිහැර නැති වී ගිය අතර උපකාර පවා ලැබුණු බව සඳහන් වෙයි.”

මෙත්තානිසංස සූත්‍රය - https://pitaka.lk/main?n=36115 - "මහණෙනි, නිතර සේවනය කරණ ලද්දාවූ, වඩන ලද්දාවූ, නැවත, නැවත කරණ ලද, සුදුසු යානාවක් මෙන් කරණ ලද, වත්තක් මෙන් කරණ ලද, අධිෂ්ඨාන කරණ ලද, පුරුදු කරණ ලද, මනාකොට පටන් ගන්නා ලද, මෛත්‍රි සහගත චිත්ත විමුක්තිහුගේ ආනිශංස එකොළොසක් කැමති විය යුතු වෙත්.
"කවර එකොළොසක්ද යත්, සුවසේ නිදයි. සුවසේ පුබුදියි. පවිටු සීන නොදකියි. මිනිසුන්ට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි. දේවතාවෝ රක්‍ෂා කෙරෙත්. මොහුට ගින්න හෝ, විස හෝ, ආයුධයක් හෝ නොවදියි. වහා සිත එකඟ වෙයි. මුඛ වර්‍ණය තෙම විශේෂයෙන් ප්‍රසන්න වෙයි. මුළාවට නොපැමිණියේ කළුරිය කරයි. මත්තෙහි අර්හත් මාර්‍ග ප්‍රතිවේධය නොකරන්නේ, බඹලොව උපදින්නේ වෙයි. මහණෙනි, නිතර සේවනය කරණ ලද්දාවූ, වඩන ලද්දාවූ, නැවත, නැවත කරණ ලද, සුදුසු යානාවක් මෙන් කරණ ලද, වත්තක් මෙන් කරණ ලද, අධිෂ්ඨාන කරණ ලද, පුරුදු කරණ ලද, මනාකොට පටන් ගන්නා ලද, මෛත්‍රි සහගත චිත්ත විමුක්තිහුගේ ආනිශංස එකොළොසක් කැමති විය යුතු වෙත්."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll