362. "ආර්ය උපවාදය" ත්‍රිපිටකයේ නෑ නේද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ආර්ය උපවාදය හා එහි අන්තරාය පිළිබඳව සම්බුද්ධ දේශනාව තුළ සඳහන් ද?

A / R. “බුද්ධාදී ආර්‍ය්‍යයන්ට ගර්‍හා කරන්නෝ වූහ. …. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ හෙයින් අපාය නම් වූ දුක පිහිටි තැන හෙයින් දුග්ගති නම් වූ, (නො කැමැත්තෙන් ම) පතිත වන හෙයින් විනිපාත නම් වූ නරකයට පැමිණියාහු ය.”
http://www.thripitakaya.org/tipitakaya/Index/8?s=23652

“... ආර්යයන්ට ගර්හා කළාහුය …. ඔව්හු කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ විනාශව වැටෙන්නාවූ නපුරු ගති ඇත්තාවූ නිරයෙහි උපන්නාහුය”
https://pitaka.lk/?node=541050&para=106&coll=cs,aps

“… ඒ වචනය දුරු නොකොට, ඒ සිත වෙනස් නොකොට ඒ ගැනීම දුරු නොකොට (සිටියහොත්) ඔසොවා ගෙනෙනලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය.”
https://pitaka.lk/?node=18112&para=149&coll=cs,aps

Q. නමුත් මෙතන අප බිහෝ විට පවසන ආර්‍ය උපවාදයට සමාව නෙගතහොත් සිදුවන මාර්ගඵල අන්‍තරාය ගැන සදහනක් නෑ නේද?

A. මාර්ග-ඵල ලබපු උතුමෙක් ආයෙ නිරයෙ/අපායෙ උපදින්නෙ නෑනි නේද?

(එයින් ද අදහස් වනුයේ, සමාව නොගතහොත් මාර්ග-ඵල නොලැබෙන බව නොවේද? - හොඳින් හිතන්න!)

[තවද, සමාව ගැනීමෙන් බොහෝ වැරදි නිවැරදි කරගත හැකි බවට බොහෝ කතා (ත්‍රිපිටකානුසාරෙයෙන් ද) ඇති බව නො රහසකි - සොයා බලන්න!]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll