Q. තෙරුවන් සරණයි...!!! අධර්ම රාගය යන්න හා විශම ලෝභය යන්න පහදා දෙන්න... සැමටම තෙරුවන් සරණයි...!!!
A / R. එක් ක්‍රමයකින්,
මව, මවගේ සහෝදර-සහෝදරියන් (මාමලා / මාමණ්ඩිලා - පුංචි අම්මලා / ලොකු අම්මලා), පියා, පියාගේ සහෝදර-සහෝදරියන් (බාප්පලා - නැන්දම්මලා), අම්මගේ සහෝරයන්ගේ බිරින්දෑවරු (නැන්දලා) - අම්මගේ සහෝදරියන්ගේ ස්වාමිවරු (බාප්පලා), (තාත්තගේ (අප්පච්චිගේ) සහෝදරියන්ගේ ස්වාමිවරු (මාමණ්ඩිලා) - තාත්තගේ (අප්පච්චිගේ) සහෝරයන්ගේ බිරින්දෑවරු (පුංචිලා), (තමන්ගේ ම සහෝදර සහෝදරියෝ / තමන්ගේ ම දරු දැරියෝ / කුඩා/පොඩි දරු දැරියෝ/ළමයි / ආච්චිලා-සීයලා), ආදී (අයුතු / යුතු නොවූ / නුසුදුසු) පුද්ගලයන් කෙරෙහි ඇතිකරගන්නා ලිංගික ආශාව (හා ලිංගික ක්‍රියා/සබඳකම්) “අධර්ම රාගය” යි.
බිරිඳ (ස්වාමි පුරුෂයා) ආදී (යුතු / අයුතු නොවූ / සුදුසු) පුද්ගලයන් කෙරෙහි වුව ද ඇතිකරගන්නා, බලවත් වී උපදින (ලිංගික) ආශාව/ලෝභය “විෂම ලෝභය” යි.
තවත් ක්‍රමයකින්,
ධර්මානුකූලව ගත්කළ, (බලවත්) (ලිංගික) ආශාව/රාගය යනු ලෝභය නමැති අකුසල මූලයේ ම තවත් ස්වරූපයක් බැවින්, එය අධර්මයකි - එබැවින් යුතු අයුතු පුද්ගල/ස්ථාන භේදයක් නොසලකා එය “අධර්ම රාගය” යි.
(එකී අකුසල මූල ස්වරූපය,) සිතේ ඇතිවන විෂම (සම නොවූ) ස්වභාවයක් යන අර්ථයෙන්, (බලවත්) (ලිංගික) ආශාව/රාගය (යුතු අයුතු පුද්ගල/ස්ථාන භේදයක් නොසලකා) “විෂම ලෝභය” යි.
R. "මාතා මාතුච්ඡාතිආදිකෙ අයුත්තට්ඨානෙ රාගොති අධම්මරාගො. යුත්තට්ඨානෙපි බලවා හුත්වා උප්පන්නලොභො විසමලොභො. “රාගො විසම”න්තිආදිවචනතො (විභ· 924) වා යුත්තට්ඨානෙ වා අයුත්තට්ඨානෙ වා උප්පන්නො ඡන්දරාගො අධම්මට්ඨෙන ‘අධම්මරාගො’, විසමට්ඨෙන ‘විසමලොභො’ති වෙදිතබ්බො."
R / R. {“මාතාමාතුච්ඡාතිආදිකෙ අයුත්තට්ඨානෙ රාගොති අධම්මරාගො. යුත්තට්ඨානෙපි බලවා හුත්වා උප්පන්නො ලොභො විසමලොභො. “රාගො විසම”න්තිආදිවචනතො (විභ• 924) වා යුත්තට්ඨානෙ වා අයුත්තට්ඨානෙ වා උප්පන්නො ඡන්දරාගො අධම්මට්ඨෙන අධම්මරාගො. විසමට්ඨෙන විසමලොභොති වෙදිතබ්බො.”}
A / R. "මහණෙනි, මිනිසුන් අතර පන්සියයක් අවුරුදු ආයු ඇතිවූ කල්හි අධර්ම රාගය, (මවු පිය නැදි මයිල් ආදීවූ අයුතු තන්හි උපදින රාගය), විසම ලොභය, (බලවත් තණ්හාව / (පරිභොග කළ යුතු වස්තුවෙහිද ඉතා බලවත් ආශාව), මිථ්‍යා ධර්මය (පුරුෂයන් පුරුෂයන් කෙරෙහිත් ස්ත්‍රීන් ස්ත්‍රීන් කෙරෙහිත් උපදවන රාගය), යන තුන අතිශයින් පැතිරී ගියේය. මේ අධර්ම තුන අතිශයින්පැතිරී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයදපිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන්පිරිහෙනු ලබන්නාවූද පන්සියයක් අවුරුදු ආයුෂ ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ, ඇතැම් කෙනෙක් දෙසිය පණහක් අවුරුදු ආයුෂ ඇත්තෝද, ඇතැම් කෙනෙක් දෙසියයක්අවුරුදු ආයුෂ ඇත්තෝදවූහ.
මහණෙනි, මිනිසුන් අතර දෙසියපණසක් ආයුෂ ඇති කල්හි මව කෙරෙහි වරදවා පිළිපැදීම, පියාකෙරෙහි වරදවා පිළිපැදීම, ශ්‍රමණයන් කෙරෙහි වැරදිලෙස හැසිරීම, බ්‍රාහ්මණයන් කෙරෙහි වැරදි ලෙස හැසිරීම, සියපවුලෙහි වැඩිහිටියන්ට යටහත් නොවන බව, යන මේ වරදපස පැතිර ගියේය."
R. {"අධම්මරාගොති මාතා මාතුච්ඡා පිතුච්ඡා මාතුලානීතිආදිකෙ අයුත්තට්ඨානෙ රාගො. විසමලොභොති පරිභොගයුත්තෙසුපි ඨානෙසු අතිබලවලොභො. මිච්ඡාධම්මොති පුරිසානං පුරිසෙසු ඉත්ථීනඤ්ච ඉත්ථීසු ඡන්දරාගො."}