612 - අනාරම්මණ (අනාරම්මණා) ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සියලු රූප අනාරම්මණයි. මෙය පහදා දෙන්න.

A. “අරමුණු නො ගන්නා බැවින් අනාරම්මණ නම් වේ.”

“චිත්ත චෛතසික සංඛ්‍යාත නාම ධර්මයෝ අරමුණක් එල්බගෙණම පහළවන ධර්මයෝ යි. නමුත් රූප (හා නිර්වාණ) යන ධර්ම එවැනි අරමුණු නොගන්නා බැවින් අනාරම්මණය.”

“අනාරම්මණා ධම්මා - අරමුණු නොගැනීමේ ස්වභාව ඇත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත්තාහ”
[“සාරම්මණා ධම්මා - අරමුණ ගැනීම ස්වභාව කොට ඇත්තා වූ නිස්සත්ව නිර්ජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත්තාහ.”]

“අනාරම්මණා = අරමුණු කිරීම් රහිත වූ = අටවිසි රූපය හා නිවාණය.”
[සාරම්මණා = අරමුණු කිරීම් සහිත වූ = එකුන්අනූ චිත්තය හා දෙපනස් චෛතසික.]

{“1191. කවර ධර්මයෝ අනාලම්බන වෙති යත්:
හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්මයෝ අනාලම්බනයෝ යි.
http://www.thripitakaya.org/tipitakaya/Index/723?s=21909
http://www.thripitakaya.org/tipitakaya/Index/720?s=21671
http://www.thripitakaya.org/tipitakaya/Index/724?s=22207
8 1101. පඤ්චස්කන්ධයන් අතුරෙහි සාලම්බනයෝ කෙතෙක, අනාලම්බනයෝ කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි සාලම්බනයෝ කෙතෙක, අනාලම්බනයෝ කෙතෙක යත්:
1102. රූපස්කන්ධය අනාලම්බන යැ, (වේදනාදී) සතර ස්කන්ධයෝ සාලම්බනයෝ යි.
ආයතනයෝ දස දෙනෙක් අනාලම්බනයෝ යැ. මනායතනය සාලම්බන යැ. ධර්මායතනය සාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.
http://www.thripitakaya.org/tipitakaya/Index/742?s=24022”}

{“1192.කතමෙ ¶ ධම්මා අනාරම්මණා? සබ්බඤ්ච රූපං, අසඞ්ඛතා ච ධාතු – ඉමෙ ධම්මා අනාරම්මණා.
https://tipitaka.app/?a=2a4-231-si
1526.කතමෙ ¶ ධම්මා අනාරම්මණා? රූපඤ්ච, නිබ්බානඤ්ච – ඉමෙ ¶ ධම්මා අනාරම්මණා.
https://tipitaka.app/?a=2a5-160-si
මහන්තරදුකෙසු ආරම්මණං අග්ගහෙත්වා අප්පවත්තිතො සහ ආරම්මණෙනාති සාරම්මණා. නත්ථි එතෙසං ආරම්මණන්ති අනාරම්මණා.
https://tipitaka.app/?a=4a2-55-si
මහන්තරදුකෙසු ආරම්මණං අග්ගහෙත්වා අප්පවත්තිතො සහ ආරම්මණෙනාති සාරම්මණා, චිත්තචෙතසිකා. නත්ථි ආරම්මණමෙතෙසන්ති අනාරම්මණා, රූපනිබ්බානානි. සාරම්මණදුකං.”
https://tipitaka.app/?a=6k7-340-si
1032.පඤ්චන්නං ඛන්ධානං කති සාරම්මණා, කති අනාරම්මණා…පෙ… සත්තන්නං චිත්තානං කති සාරම්මණා, කති අනාරම්මණා?
1033.රූපක්ඛන්ධො අනාරම්මණො. චත්තාරො ඛන්ධා සාරම්මණා.
https://tipitaka.app/?a=2b17-251-si}

{"Without a basis for sense perception"
"Without an objective sensual basis"}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll