Q. කෙනෙකු මිය ගිය දිනයටම දානමාන පිංකම් කරන විට එම පුද්ගලයා එම දිනයට පිං බලාපරොතුවෙන් ආත්මයකට නොයා බලාසිට්නවායැයි පවත්නා මතයෙහි සත්තයක් පවතීද? නියමිත දිනය වෙනස්කර පිං ලබා දිය යුතුද?
A / R. "අන්තරා භව වාදය
තථාගත පරිනිර්වාණයෙන් පසු පුබ්බසේලිය, සම්මිතිය යන නිකායවල භික්ෂූහු “අන්තරාපරිනිබ්බායි” යන සූත්‍ර පදය වරදවා තේරුම් ගෙන අන්තරා භවයක් ඇති බව පැවසූහ. මැරෙන සත්ත්වයෝ ඉපදීමට තැනක් බලාපොරොත්තුවෙන් සතියක් හෝ එයට අධික කාලයක් හෝ අන්තරාභවයෙහි සිටිතිය යනු ඔවුන් ගේ පිළිගැනීම ය. මළවුන් උදෙසා සත් වන දිනයේ දන්දීම පුරුදු වී ඇත්තේ ඒ වාදය නිසා ය යි සිතිය හැකි ය. තුන්වන ධර්මසංගායනාවේ දී මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් කථාවස්තුප්‍රකරණය දේශනය කිරීමේ දී ඒ වාදය නිරාකරණය කරනු පිණිස අන්තරාභව කථාවක් දේශනය කර ඇත්තේ ය. ඇතැම් වර්තමාන පඬිවරුන් අන්තරා භවයක් ඇති බව කියතත් “අන්තරාභව” යන වචනයවත් සඳහන් වන සූත්‍රයක් සූත්‍රපිටකයෙහි දක්නට නැත.
සච්චං සත්තෝ පටිසන්ධි පච්චයාකාරමෙව ච
දුද්දසා චතුරො ධම්මා දෙසෙතුං ච සුදුක්කරා.
මේ බුදුගොස් හිමියන් අටුවා ලිවිමට ද පෙර ලෝකයෙහි විසූ මහා ධර්මධරයන් වහන්සේලා ගේ ප්‍රකාශනයෙකි. එහි තේරුම මෙසේ ය. “චතුස්සත්‍යය, සත්ත්වයා ගේ තත්ත්වය, සත්ත්වයන් ගේ ප්‍රතිසන්ධිය, පටිච්චසමුප්පාදය යන කරුණු සතර ගැඹුරු ය. තේරුම් ගැනීම දුෂ්කර ය. තේරුම් ගෙන ඇතියකුට වුව ද අන්‍යයන්ට අවබෝධ වන පරිදි කියාදීමට දුෂ්කරය” යනුයි."
A / R. "1 තිරොකුට්ටෙසු තිට්ඨන්ති, සන්ධිසිඞ්ඝාටකෙසු ච;
ද්වාරබාහාසු තිට්ඨන්ති, ආගන්ත්වාන සකං ඝරං.
1
“ඤාති ප්‍රේතයෝ තමන් ගෙය කරා අවුත් බිත්තියෙන් පිටත්හිද සන්ධිස්ථාන වලද තුන්මංසන්ධි වලද දොර සමීපයෙහිද සිටිත්.
2
පහූතෙ අන්නපානම්හි, ඛජ්ජභොජ්ජෙ උපට්ඨිතෙ;
න තෙසං කොචි සරති, සත්තානං කම්මපච්චයා.
2
“බොහෝ ආහාරපානද කෑම්බීම්ද පිළියෙලව සිටි කල්හි ඒ සත්වයන්ගේ කර්ම හේතුවෙන් කිසිම නෑදෑයෙක් සිහි නොකරයි.
3
එවං දදන්ති ඤාතීනං, යෙ හොන්ති අනුකම්පකා;
සුචිං පණීතං කාලෙන, කප්පියං පානභොජනං;
ඉදං වො ඤාතීනං හොතු, සුඛිතා හොන්තු ඤාතයො.
3
“යම් කෙනෙක් ඒ ප්‍රේත නෑයන්ට අනුකම්පා කරන්නෝ වෙත්ද, ඔව්හු ශුද්ධවූ ප්‍රණීතවූ කැපවූ ආහාර පාන වර්ග සුදුසු කාලයෙහි මෙසේ (මතු දැක්වෙන පරිද්දෙන්) පමුණවත්.
“මේ පින නෑයනට වේවා. නෑයෝ සුවපත් වෙත්වා කියා’යි.
4
තෙ ච තත්ථ සමාගන්ත්වා, ඤාතිපෙතා සමාගතා;
පහූතෙ අන්නපානම්හි, සක්කච්චං අනුමොදරෙ.
4
ඒ ඤාති ප්‍රේතයෝද එතැන්හි අවුත් එක්රැස්වූවාහු. ඒ බොහෝ ආහාර පාන තමන් උදෙසා දෙනකල ඒ සකසා අනුමෝදන් කොට ගණිත්.
5
චිරං ජීවන්තු නො ඤාතී, යෙසං හෙතු ලභාමසෙ;
අම්හාකඤ්ච කතා පූජා, දායකා ච අනිප්ඵලා.
5
යම් කෙනෙකුත් හේතුකොටගෙණ මේ අවස්ථාවෙහි සම්පත් ලබමෝද ඒ අපේ නෑයෝ බොහෝ කල් ජීවත්වෙත්වා. ඔවුන් විසින් අපටද පූජා කරණ ලදී. දායකවූ ඔව්හුද ඒ දානමය පිනෙහි ඵල නොලබන්නෝ නොවෙත්’ (යයි කියා ඒ දන්දී පින් දුන් නෑයන්ට ප්‍රශංසා කරත්)
6
න හි තත්ථ කසි (කසී (සී.)) අත්ථි, ගොරක්ඛෙත්ථ න විජ්ජති;
වණිජ්ජා තාදිසී නත්ථි, හිරඤ්ඤෙන කයොකයං (කයාක්කයං (සී.), කයා කයං (ස්‍යා.));
ඉතො දින්නෙන යාපෙන්ති, පෙතා කාලඞ්කතා (කාලකතා (සී. ස්‍යා. කං.)) තහිං.
6
ඒ ප්‍රේත ලෝකයෙහි සීසෑමක් නොමැත. එහි ගව පාලනයෙක්ද නැත.
රන් රිදීයෙන් ගනුදෙනුවෙක් නැත. එබඳුවූ අන් වෙළඳාමෙක්ද නැත. මළප්‍රේතවූ ඔව්හු මෙයින් දුන් දැයෙකින් (පිනෙන්) එහි යැපෙත්.
7
උන්නමෙ උදකං වුට්ඨං, යථා නින්නං පවත්තති;
එවමෙව ඉතො දින්නං, පෙතානං උපකප්පති.
7
“උස්බිම වට වැසිදිය මිටිතෙනට යම්සේ ගලා බසීද, එසේම මෙයින් දුන්දේ ප්‍රේතයනට පැමිණේ.
8
යථා වාරිවහා පූරා, පරිපූරෙන්ති සාගරං;
එවමෙව ඉතො දින්නං, පෙතානං උපකප්පති.
8
”මහා නදීහු පිරුණාහු යම්සේ සාගරය පුරාලත්ද එසේම එසේම මෙයින් දුන් පින ප්‍රේතයනට පැමිණේ.
9
අදාසි මෙ අකාසි මෙ, ඤාතිමිත්තා (ඤාති මිත්තො (?)) සඛා ච මෙ;
පෙතානං දක්ඛිණං දජ්ජා, පුබ්බෙ කතමනුස්සරං.
9
“මට මෙනම් දේ දුන්නේය, මගේ මෙනම් වැඩ කෙළේය. මගේ නෑයෙක, මගේ මිත්‍රයෙක, මගේ යහළුවෙකැයි ඔවුන්
පෙරකළ උපකාර සිහිකරන්නේ ප්‍රේතයනට දක්ෂිණාව දෙන්නේය.
10
න හි රුණ්ණං වා සොකො වා, යා චඤ්ඤා පරිදෙවනා;
න තං පෙතානමත්ථාය, එවං තිට්ඨන්ති ඤාතයො.
10
“හැඬීම හෝ ශෝකය හෝ යම් අන් විලාපයක් හෝ ඒ ප්‍රේතයන්ට වැඩ පිණිස නොවේ. ඒ ඤාතිප්‍රේතයෝ එහි ඒ උපන් පරිදිම සිටිත්.
11
අයඤ්ච ඛො දක්ඛිණා දින්නා, සඞ්ඝම්හි සුප්පතිට්ඨිතා;
දීඝරත්තං හිතායස්ස, ඨානසො උපකප්පති.
11
“දෙන ලද මේ දක්ෂිණාව වනාහි සංඝයා කෙරෙහි මොනවට පිහිටියා ඒ ප්‍රේත ජනයාට දිගුකලක්ම හිත පිණිස එකෙණෙහිම පැමිණේ. හෙවත් එයින් සැප විපාක ලැබේ.
12
සො ඤාතිධම්මො ච අයං නිදස්සිතො, පෙතාන පූජා ච කතා උළාරා;
බලඤ්ච භික්ඛූනමනුප්පදින්නං (... මනුප්පදින්නවා (ක.)), තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකන්ති.
12
“ජීවත්ව සිටිනවුන් විසින් කළයුතුවූ ඒ මේ ඤාති ධර්මය දක්වන ලදී. ප්‍රේතයනට මහත් පූජාවෙක්ද කරණ ලදී. භික්‍ෂූනට ශක්තිජනක ආහාරපාන දීම් වශයෙන් බලයද දෙන ලදී. මෙසේ තොප විසින් මහත් පින් රැස් කරණ ලදී.”
{R. "පත්තිං දදෙය්‍යාති අත්තනා පසුතං පුඤ්ඤං තාසං දෙවතානං අනුප්පදජ්ජෙය්‍ය. “පූජිතා”තිආදීසු තදෙව පත්තිදානං පූජා, අනාගතෙ එව උපද්දවෙ ආරක්ඛසංවිධානං පටිපූජා. “යෙභුය්‍යෙන ඤාතිමනුස්සා ඤාතිපෙතානං පත්තිදානාදිනා පූජනමානනාදීනි කරොන්ති ඉමෙ පන අඤ්ඤාතකාපි සමානා තථා කරොන්ති, තස්මා නෙසං සක්කච්චං ආරක්ඛා සංවිධාතබ්බා”ති අඤ්ඤමඤ්ඤං සම්පවාරෙත්වා දෙවතා තත්ථ උස්සුක්කං ආපජ්ජන්තීති දස්සෙන්තො “ඉමෙ”තිආදිමාහ. බලිකම්මකරණං මානනං, සම්පති උප්පන්නපරිස්සයහරණං පටිමානන්ති දස්සෙතුං “එතෙ”තිආදි වුත්තං."}