415. ඔබ දුකින් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කෙනෙකුගේ ලගම මරණයකදී (තමන්ගේ දරුවන් දෙමාපියන් වැනි) දුක අඩුකර ගැනීම සදහා අපි සිතිය යුත්තේ කෙසේද ⁣ඒ සමිබන්ද දෙශනාවක් හෝ තිබෙිනමි ලබාදෙන්න.

A. තවත් බොහෝ හේතු ද තිබිය හැකිය. කෙසේ වෙතත් ප්‍රශ්නයක “මූල හේතු” කල්පනා කිරීම, එය විසඳීමේ එක් ප්‍රබල ක්‍රමයක් බැවින් පහත කාරණා ගැන මදක් ගැඹුරින් සිතා බලන්න.

1. ඔබ දුක සිතන්නේ (අඬන්නේ / අඬන්නේ ආදිය) මැරුණු පුද්ගලයාගේ රුව / ක්‍රියාකාරකම් .... ඔහු / ඇය සමඟ ගත්කල දිවිය / අවස්ථා / සොඳුරු අත්දැකීම් ... ආදිය නැවත මතකයට නඟා ගැනීමෙන් ද විය හැකිය.

2. ඔබ දුක සිතන්නේ (අඬන්නේ ආදිය) “මරණය” සම්බන්ධයෙන් ඔබේ සසර අත්දැකීම් හෝ මෙලොව (මළගෙයක) අත්දැකීම් අනුසාරයෙන් විය හැකිය.

3. ඔබ දුක සිතන්නේ (අඬන්නේ ආදිය) වෙනත් අයගේ එවැනි ක්‍රියා අනුව-යෑම නිසා ද විය හැකිය.

කුමන අයුරකින් බැලුවත් ඔබ දුක සිතන්නේ ඔබ ම දුක උපද්දවාගෙන ය - එනම්, ඔබේ ම මනසේ සිතුවිලි හා දුක එන අයුරින් නැවත නැවත සිතීමෙන් / හැසිරීමෙන් ය - එබැවින් යථාර්ථවාදී වීම හා ඔබේ ම මනසට නොරැවටී සිටීමෙන් (මනෝ විතර්ක වෙනස් කිරීමෙන්) දුක පාලනය කළ හැක / දුකින් මිදිය හැක.

මෙමෙ සුත්‍රය අනුස්සාරයෙන් ඔබට අවශ්‍ය පරිදි මනෝ විතර්ක වෙනස් කරන ක්‍රම හුරුකරන්න - https://pitaka.lk/main?n=181110&p=216

(එසේ ම, මනෝ විතර්ක වෙනස්කිරීමට හෝ හකුළුවා ගැනීමට තවත් නොයෙක් බොහෝ ගැඹුරු ක්‍රම බුදු දහමෙහි අඩංගුය.)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll