564. "තැන තැන රඟ දෙති නළුවෝ"?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. තෙරුවන් සරණයි! නැටුම් ගැයුම් ආදිය සහ රංගනය සිදු කර, පුද්ගලයන්ගේ කාම ආශාව වඩවන අය පහාස නම් නිරයේ උපත ලබන බව ත්‍රිපිටකයේ සදහන් වේ. එසේ නම් කිසි යම් පුද්ගලයෙකු ඉතා ප්‍රණීත ආහාර සාදා අළෙවි කරයි නම් එම පුද්ගලයාද එසේම අන්‍යයන්ගේ දිව සහ නාසය පිනවා ඔවුන්ගේ කාමය වඩවන හෙයින් එම පුද්ගලයා ද නිරා ගාමි වන්නේද?

A. තාලපුට සූත්‍රය (https://pitaka.lk/main?n=24172) අනුව නම් පෙනීයන්නේ, දුගතියෙහි ඉපදීමට හේතුව:
1. තමා ද රාග - ද්වේෂ - මෝහ බොහෝ සේ උපදවාගනිමින්, මදයට හා ප්‍රමාදයට පත්වීම නිසා හෝ/සහ මෙරමා සිතෙහි ද රාග - ද්වේෂ - මෝහ බොහෝ සේ උපදවමින්, මදයට හා ප්‍රමාදයට පත්කිරීම නිසා දුගතියෙහි උපදින බව යි.
හා / හෝ
2. “නියත මිත්‍යා දිට්ඨිය” නිසා දුගතියෙහි උපදින බව යි.
ඒ අනුව, සූත්‍රානුසාරයෙන් දිය හැකි පිළිතුර නම්:
1. යමෙක් යම් (ඕනෑම) ක්‍රියාවක් කරන (කියන/හිතන) විට, තමා ද රාග - ද්වේෂ - මෝහ බොහෝ සේ උපදවාගනිමින්, මදයට හා ප්‍රමාදයට පත්වීම නිසා සහ මෙරමා සිතෙහි ද රාග - ද්වේෂ - මෝහ බොහෝ සේ උපදවමින්, මදයට හා ප්‍රමාදයට පත්කිරීම නිසා (ඔහු/ඇය) දුගතියෙහි උපදින බව යි.
හා / හෝ
2. යමෙක් යම් (ඕනෑම) ක්‍රියාවක් කරන (කියන/හිතන) විට, ඒ අනුසාරයෙන් “නියත මිත්‍යා දිට්ඨිය” ගෙන සිටී නම්, ඒ හේතුවෙන් (ඔහු/ඇය) දුගතියෙහි උපදින බව යි.

[එමෙන් ම අකුසල “කර්ම පථ” / අකුසල් "කර්ම" - කර්ම නිමිති - ගති නිමිති මගින් ද දුගතිගාමී වීම බොහෝ දෙන දන්නා කරුණුයි.]

{*සැ: යු: “පහාස” නම් (මහා) අපායක්/නිරයක් ද නැත; එය “අවීචිය” නමැති (මහා) අපායේ නළුවන් ලෙස හා ගායකයන් ලෙස (ජනයා මහත් සේ සතුටු කළ / සිනා ගැස්වූ) අයවලුන් (එම වේශයෙන් ම) උපදින කොටස (උස්සද/ඔසුපත් නිරය) හඳුන්වන නම යි.

"පහාසො ¶ නාම නිරයොති විසුං පහාසනාමකො නිරයො නාම නත්ථි, අවීචිස්සෙව පන එකස්මිං කොට්ඨාසෙ නච්චන්තා විය ගායන්තා විය ච නටවෙසං ගහෙත්වාව පච්චන්ති, තං සන්ධායෙතං වුත්තං."
https://tipitaka.app/?a=hd7-5-si}

T. "සඤ්ජීවකාළසුත්තසඞ්ඝාතරොරුවමහාරොරුවතාපනමහාතාපනඅවීචියො අට්ඨ මහානිරයා. එකෙකස්ස චත්තාරි ද්වාරානි, එකෙකස්මිං ද්වාරෙ චත්තාරො චත්තාරො ගූථනිරයාදයොති එවං සොළස උස්සදනිරයෙ වණ්ණයන්ති."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll