283. නිවන (නිර්වාණය) කොයි වගේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. නිවනෙහි ලක්ෂණ හතරක් තිබෙන බව මම අසා ඇත.
ඒ ගැන විස්තරයක් දන්නා කෙනෙක් මෙහි පල කරන්නේ නම් ඔහුට පිං සිදු වේවි.

A / R. “1. නිස්සරණට්ඨය
එහි “නිස්සරණට්ඨය” යනු ක්ලේශයන් කෙරෙන් හා දුඃඛයන් කෙරෙන් මිදුන බව ය. …

2. විවේකට්ඨය
ක්ලේශයන්ගෙන් හා දුඃඛයන්ගෙන් සිස් බව විවේකට්ඨ නමි. …

3. අසංඛතට්ඨය
පැවතීමට අනුබල දිය යුතු බවක් හෝ ආරක්ෂා කර ගත යුතු බවක් හෝ නැවත නැවත උපදවා ගත යුතු බවක් හෝ නැති බව අසංඛතට්ඨය නමි. …

4. අමතට්ඨය
බිඳී අතුරුදහන් වීමක් නොමැතිව සෑම කල්හිම පවත්නා බව අමතට්ඨ නමි. …

යම්කිසි ධර්මයක නිස්සරණට්ඨය යි කියන ලද දුකින් මිදුන ස්වභාවය ද, විවේකට්ඨය යි කියන ලද දුක් නැති දුක් හා අමිශ්‍ර‍ ස්වභාවය ද, අසංඛතට්ඨය යි කියන ලද නැවත නැවත අලුත් කළ යුතු බවක් නැති බව ද, අමතට්ඨය යි කියන ලද කිසි කලෙක නො බිදෙන නො නැසෙන ස්වභාවය ද ඇත්තේ නම් ඒ ධර්මය සත්‍ය වූ දුඃඛ නිරෝධය හෙවත් දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය වන්නේ ය. ඒ ස්වභාව සතරින් යුක්ත වූ එක ම ධර්මය නම් නිර්වාණ ධාතුව යි. එබැවින් සත්‍යවේදී වූ තථාගතයන් වහන්සේ නිර්වාණය දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය යි වදාළ සේක."

{"නිරොධයාගේ නිදහස්වීම් අර්ථය වෙන්වීම් අර්ථය නොහටගැනීම් අර්ථය නොමැරීම් අර්ථය යථාස්වභාවාර්ථය = නිරොධස්ස නිස්සරණට්ඨො, විවෙකට්ඨො, අසඞ්ඛතට්ඨො, අමතට්ඨො තථට්ඨො;"
https://pitaka.lk/?node=541113&coll=cs,aps}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll