666 - ගංජා / ගන්ජා / කංසා / කන්සා බොමු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කංසා පානයෙන් සුරාමේරය ශික්ශා පදය කැඩුවා වෙනවද?

A. (පහත “පචිති” යන වචනය වෙනුවට “සුරාමේරය සිකපදය කැඩීම” යොදාගන්න.)

“පිට්ඨසුරාය පූවසුරාය ඔදනසරාය කිණ්ණපක්ඛිත්තසුරාය සම්භාරසංයුත්තසුරාය යි සුරා පස්වර්ගයෙකි. ධාන්‍යපිටි බඳුනෙහි ලා පමණට ජලය යොදා මැඩ සාදන සුරාව පිට්ඨසුරා නමි. පිටියෙන් තැනූ පාං ආප්ප පිට්ටු ආදි කෑමවර්ග බඳුනෙහි ලා පමණට ජලය බහා මැඩ සාදන සුරාව පූවසුරා නමි. බත් දියෙහි ලා සාදන සුරාව ඕදනසුරාව නමි. කිණ්ණපක්ඛිත්ත සුරා යනු සුරාබීජයන් බහා කරන සුරාවය යි ද, ධාන්‍යයන්ගේ අංකුරයන් ජලයෙහි ලා කර සුරාවය යි ද කියනු ලැබේ. නෙල්ලි අබ ආදි ද්‍ර‍ව්‍යයන් දියෙහි ලා කරන සුරාව සම්භාරසංයුත්ත සුරා නම් වේ. මෙසේ සුරා පස්වර්ගයක් විනය පාළියෙහි දක්වා ඇත්තේය.

පුප්ඵාසවය ඵලාසවය මධ්වාසවය ගුලාසවය සම්භාරසංයුත්තය යි මේරය වර්ග ද පසෙකි. පල් කරන ලද තල් පොල් ආදි මල්වල රසය පුප්ඵාසව නමි. පල් කරන ලද වැල වරකා ආදි ඵලවල රසය ඵලාසව නමි. පල් කළ මිදිරසය මධ්වාසව නමි. මී පැණියෙන් කරන පානය ද මධ්වාසවය යි කියනු ලැබේ. උක්පැණියෙන් කරන පානය ගුලාසව නමි. පල් කරන ලද නානා ද්‍ර‍ව්‍යයන්ගේ රසය සම්භාරසංයුත්ත නම් වේ.

පඤ්චප්‍ර‍කාර සුරාය පඤ්චප්‍ර‍කාර මේරයය යන මේ දශවර්ගය මත්කරන බැවින් මද්‍යය යි ද කියනු ලැබේ. සුරාවර්ගයක් හෝ මේරය වර්ගයක් හෝ තණපතක අගට එන පමණ වුව ද පානය කෙළේ නම් “පචිති” වේ.

විනය පොත්වල දැක්වෙන්නේ අතීතයේ විසූ මිනිසුන් සාදා පාවිච්චි කළ මද්‍යවර්ගයන්ය. මෙකල අතීතයේ නො තුබූ නානාප්‍ර‍කාර මද්‍යවර්ග ඇත්තේය. තථාගතයන් වහන්සේ විසින් අකැපය යි වදාළ දෙයට සමාන යමක් ඇති නම් ඒවා ද අකැප බව වදාරා ඇති බැවින් මත්කරන ස්වභාවයෙන් ඉහත දැක් වූ සුරාමේරය දෙවර්ගයට සමාන කන බොන ජාති සියල්ල ම අකැපය. සුරා මේරයවලට අයත්ය. එබැවින් මත්කරන කිනම් පානයක් වුව ද කිනම් ද්‍ර‍ව්‍යයක් වුව ද කෑමෙන් බීමෙන් “පචිති” වන බව කිය යුතුය.”
https://pitaka.lk/books/upasampada-sheelaya/42-4.html

“මත්කොට මනුෂ්‍යයාගේ ප්‍ර‍කෘති ස්වභාවය නැති කරන්නා වූ රා අරක්කු ආදි පාන වර්ග බීම ද, දුම්වර්ග බීම ද, කෑම වර්ග කෑම ද යන මේ සියල්ල සුරාපානකර්මයට අයත් ය.”
https://pitaka.lk/books/bauddhayage-athpotha/9-11.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll