320. දෙවියන් පිදීම නිෂ්ඵල ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සත්වයා කර්ම ය ස්වකීය දායාදය කොට ඇත්තේ නම් දෙවියන් ඇදහීම යැදීම පින්දීම පින් ඇයදීම නිශ්ඵල දෙයක් නොවේ ද?

A / R. “නැවතද අනිකක් කියමි. මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීම් ඇති, ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, නැගී සිට උත්සාහයෙන් ලබන ලද සම්පත් වලින් යම් ඒ පූජා පිළිගන්නාවූ දෙවි කෙනෙක් වෙද්ද, ඔවුන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, සත්කාර කරණ ලද, ගරු කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද, පූජා පිළිගන්නාවූ දෙවියෝ යහපත් සිතින්, 'බොහෝ කලක් ජීවත් වෙව. දීර්‍ඝායුෂය පාලනය කරව’ යි ඔහුට අනුග්‍රහ කෙරෙත්. මහානාමය, දේවතාවන් විසින් අනුග්‍රහ කරණ ලද කුලපුත්‍රයාගේ වැඩීමම කැමති විය යුතුයි, පිරිහීම නොකැමැති විය යුතුයි.”

[‘‘පුන චපරං, මහානාම, කුලපුත්තො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි යාවතා බලිපටිග්ගාහිකා දෙවතා සක්කරොති ගරුං කරොති මානෙති පූජෙති. තමෙනං බලිපටිග්ගාහිකා දෙවතා සක්කතා ගරුකතා මානිතා පූජිතා කල්‍යාණෙන මනසා අනුකම්පන්ති - ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති. දෙවතානුකම්පිතස්ස, මහානාම, කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි.”]
https://pitaka.lk/?node=30158&coll=cs,aps

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll