Q. කර්මය සැකසෙන අන්දම ගැන බුදදහම විස්තර කර ඇත්තේ කෙසේද?
A. "චෙතනාහං, භික්ඛවෙ, කම්මං වදාමි. චෙතයිත්වා කම්මං කරොති - කායෙන වාචාය මනසා."
"කුසලාකුසල (කුසල්-අකුසල්) ජවන් සිත්හි යෙදෙන චේතනා චෛතසිකය කර්ම යන නාමය ලබන්නේ ය."

[R. "... මෙකී ජවන් සින්හි යෙදෙන චේතනා චෛතසිකය කර්ම යන නාමය ලබන්නේය. ..." - අභිධර්මාර්ථ ප්‍රදීපිකා - I – 312 පිටුව.]
R. “>කර්මපථය< යි කියනු ලබන්නේ ප්‍රතිසන්ධිය ගෙන දෙන්නා වූ කර්මයන්ට ය. ප්‍රතිසන්ධිය ගෙන දීමේ ඒකාන්ත බවක් නැත්තා වූ කර්මයන්ට >කර්ම< යන නාමය පමණක් කියනු ලැබේ.”
[උපකාරකය: ප්‍රතිසන්ධිය = උපත.]
“කර්ම පථ” ඍජුව ම හොඳ හෝ නරක උපතක් ලබා දීමට හේතු වන අතර, “කර්ම” ඍජුව ම සැප හෝ දුක් ගෙන දීමට හේතු වේ.
එසේ නම්,
1. “අකුසල කර්ම පථ” මඟින් ඍජුව ම දුගතිගාමී වන බවත්,
2. “අකුසල කර්ම” මඟින් වක්‍රව දුගතිගාමී වන බවත්, පැහැදිලි විය යුතු ය.
එසේ ම “අකුසල කර්ම පථ” හා “අකුසල කර්ම” යන කර්ම කොටස් දෙකෙන් ම “දුක් විපාක” (දුගතිගාමී වීම හා දුකසේ ජීවත් වීම / දුක් විඳීම) ඇති කරන බව ද පැහැදිලි විය යුතු ය.
(සිතන / කියන / චර්යා) චර්යාවලින් “කර්ම” පමණක් වන චර්යා මඟින් (“කර්ම” පමණක් වන අයව / පාර්ශව) දුගතියට පමුණුවන බව අපැහැදිලි ය - එය සිදුවන්නේ මෙසේය: ඉහත (ඕනෑම) චර්යාවක් හෝ ඒ (ඕනෑම) චර්යාවක් සඳහා අදාළ වූ තමා හෝ අනුන් හෝ තමාගේ හෝ අනුන්ගේ හෝ ශරීරය, ශරීර කොටසක් (අඟ-පසඟ), ශරීර අනුකොටසක්, රූප-ශබ්දාදිය, අවස්ථා ආදිය, සිත්-සිතුවිලි ආදිය, සංසර්ගය-වින්දනය ආදී ක්‍රියා, චිත්තරූප-මනෝ සංකල්ප, උපකරණ, සිත්-සිතුවිලි ආදියෙන් (නිමිති - අනුනිමිති වලින්) කුමක් හෝ මරණාසන්න වෙලාවේ දී තමාට අරමුණු වුවහොත් (කර්ම - කර්ම නිමිති), ඒ අරමුණ උපාදානය වී ලෝභ සිත් (ලෝභ මූල) හෝ තරහ සිත් (ද්වේශ මූල) හෝ මුලා සිත් (දිට්ඨි සිත් හා පළමු මෝහ සිත) ඇතිවී, දැඩි ලෝභය (අභිධ්‍යා) හෝ දැඩි තරහව (ව්‍යාපාද) හෝ දැඩි මුලාව (මිත්‍යා දිට්ඨි) “කර්ම පථයක්” ඇති කොට එමඟින් දුගතිගාමී වේ - බොහෝ දෙනා දුගතිගාමී වීමට මෙම සංසිද්ධිය ප්‍රධාන හේතුවකි.