508. මනෝ ධාතු සහ මනෝ විඤ්ඤාණ ධාතු එකක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Qමනෝ ධාතු සහ මනෝ විඤ්ඤාණ ධාතු පහදා දෙන්න.

A / R. “සිත් අසූනවයෙන් චක්ඛු විඤ්ඤාණ දෙක චක්ඛු විඤ්ඤාණධාතුව ය. සෝත විඤ්ඤාණ දෙක සෝත විඤ්ඤාණධාතුව ය. ඝාන විඤ්ඤාණ දෙක ඝාන විඤ්ඤාණධාතුව ය. ජිව්හා විඤ්ඤාණ දෙක ජිව්හා විඤ්ඤාණධාතුව ය. කාය විඤ්ඤාණ දෙක කාය විඤ්ඤාණධාතුව ය. පඤ්චද්වාරාවජ්ජනය ය, සම්පටිච්ඡන දෙක ය යන මේ සිත් තුන මනෝධාතුව ය. ඉතිරි සිත් සැත්තෑසය මනෝවිඤ්ඤාණ ධාතුව ය. චෛතසික දෙපනස ය. සූක්ෂ්මරූප සොළොස ය, නිර්වාණය යන මේවා ධර්ම ධාතුව ය.” https://pitaka.lk/books/abhidharma-margaya/8-4-3.html

(“පඤ්චද්වාරාවජ්ජනය ය, සම්පටිච්ඡන දෙක ය යන මේ සිත් තුන මනෝධාතුව ය.”
“මනෝධාතුවය යි කියනු ලබන පඤ්චද්වාරාවජ්ජනය හා සම්පටිච්ඡන දෙක …”
“මනෝධාතුවය යි කියනු ලබන පඤ්චද්වාරාවජ්ජන - සම්පටිච්ඡන සිත් තුන රූපාදි අරමුණු පස අරමුණු කෙරේ.”)

(“… ඉතිරි සිත් සැත්තෑසය මනෝවිඤ්ඤාණ ධාතුව ය.”)

(“ද්විපඤ්චවිඤ්ඤාණය හා මනෝධාතුවත් හැර ඉතිරි කාමාවචර විපාක සිත් එකොළොස ය, හසිතුප්පාදය යන සිත් දොළොසින් කාමාවචර ධර්ම අරමුණු කරනු ලැබේ. “කාමාවචර ධර්මය” යි කියනුයේ කාම සිත් සිවුපනස ය, ඒවායේ යෙදෙන චෛතසිකයෝ ය, රූප විසි අටය යන මොවුන්ට ය. …”)
https://pitaka.lk/books/abhidharma-margaya/4-5.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll