917. විකාලය නිවැරදි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. විකාලය කියල බුදුරාජාණන් වහන්සේ පනවා වදාලේ ඉර බැස ගියාට පසු විය නොහැකිද?
[මන් එහෙම අහන්න ප්‍රධාන හේතුව දල වශයෙන් උදේ 5 සිට දවල් 12 දක්වා පැය 7ක් ආහාර ලබා ගැනීමටත් දවසේ ඉතුරු (පැය 17ක කාලය ආහාර නොවළඳා සීටීමටත්) ලෙස තිබීමයි.]

{S. "එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කළහ. “මහණෙනි, මම රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරමි. ඒ රාත්‍රි භෝජනයෙන් වෙන්ව අනුභව කරන්නාවූ මම ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කාය බලයද, සැප විහරණයද ඇති බව දනිමි. මහණෙනි, තොපිද එව, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරව්, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරන්නාවූ තොපිද ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කායබලයද, සැපවිහරණයද දන්නාහුය.”}

A. "යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්ථයෙහිලා අදහස් කරන ලද භික්ෂු යි.
විකාල නම්: මද්දහන ඉක්මැ ගිය කල්හි අරුණ නැගීම දක්වා.
ඛාදනීය නම්: පස් බොජුන් ද යාමකාලිකය ද සප්තාහ කාලිකය ද යාවජීවිකය ද තබා සෙසු දෑ ඛාදනීය නම් වේ.
භොජනීය නම්: බත් යැ, කොමු යැ, අත්සුණු යැ, දියමස් යැ, ගොඩමස් යැ යන පස් බොජුනි. කන්නෙමි වළඳන්නෙමැයි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
විකාලයෙහි විකාලසංඥා ඇතියේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. විකාලයෙහි විමති ඇති යේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. විකාලයෙහි කාලසංඥා ඇතියේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වේ.
යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය අහර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.
කාලයෙහි විකාලසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කාලයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. කාලයෙහි කාලසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය කරුණක් ඇති කල්හි වළඳා නම්, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති."

"යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.
විකාලො නාම: මජ‍්ඣන‍්හිකෙ වීතිවත‍්තෙ යාව අරුණුග‍්ගමනා.
ඛාදනීයං නාම: පඤ‍්චභොජනානි යාමකාලිකං සත‍්තාහකාලිකං යාවජීවිකං ඨපෙත්‍වා අවසෙසං ඛාදනීයං නාම.
භොජනීයං නාම: පඤ‍්ච භොජනානි ඔදනො කුම‍්මාසො සත‍්තු මච‍්ඡො මංසං. ඛාදිස‍්සාමි භුඤ‍්ජිස‍්සාමීති පතිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
විකාලෙ විකාලසඤ‍්ඤී ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ‍්ජති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. විකාලෙ වෙමතිකො ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ‍්ජති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. විකාලෙ කාලසඤ‍්ඤී ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ‍්ජති වා, ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
යාමකාලිකං සත‍්තාහකාලිකං යාවජීවිකං ආහාරත්‍ථාය පතිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති දුක‍්කටස‍්ස.
කාලෙ විකාලසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. කාලෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. කාලෙ කාලසඤ‍්ඤී අනාපත‍්ති.
අනාපත‍්ති: යාමකාලිකං සත‍්තාහකාලිකං යාවජීවිකං සතිපච‍්චයෙ පරිභුඤ‍්ජති, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති."



"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll