Q. යම් අයෙකු මිත්‍යා දෘශ්ටියෙන් ගලවා සම්‍යදෘශ්ටියට ගෙන ඒමට උත්සහ දැරීමේ හා එම උත්සහය යම් කිසි අයුරකින් හෝ සාර්තක කර ගැනීමේ විපාක පහදන්න.
A. “මහණෙනි, මම දෙදෙනකුට ප්‍රත්‍යුපකාර කිරීම පහසු යයි නො වදාරමි. කවර දෙදෙනකුට ද යත්? මවය පියාය යන දෙදෙනාට ය. සිය වසක් ආයු ඇත්තා වූ සිය වසක් ජීවත් වන්නා වූ දරුවෙක් එක් උරහිසකින් මව ද එක් උරහිසකින් පියා ද උසුලා සිටින්නේ ද හෙතෙමේ ම ඔවුනට සුවඳ ගැල්වීමෙන් ද ඇඟ පිරිමැදීමෙන් ද නෑවීමෙන් ද අත් පා මිරිකීමෙන් ද උපස්ථාන කරන්නේ ද ඔවුහු එහි ම මල මුත්‍ර කරන්නාහු ද මහණෙනි, එතෙකින් ද මාපියනට උපකාර කළේ හෝ නො වන්නේ ය. ප්‍රත්‍යුපකාර කළේ හෝ නොවන්නේ ය. මහණෙනි, යමෙක් බොහෝ සත්රුවන් ඇත්තා වූ මේ මහපොළොවට අධිපති වූ සක්විති රජයෙහි මාපියන් පිහිටවා ද එතෙකින් ද මා පියන්ට උපකාර කළේ හෝ නොවන්නේ ය. ප්‍රත්‍යුපකාර කළේ හෝ නො වන්නේ ය. කුමක් හෙයින් ද යත්? මහණෙනි, මාපියෝ දරුවනට බොහෝ උපකාර ඇත්තෝ ය. දරුවන්ගේ දිවි පවත්වන්නෝ ය. දරුවන් පෝෂණය කරන්නෝ ය. දරුවන්ට මේ ලෝකය දක්වන්නෝ ය.
T. “මහණෙනි, යම් දරුවෙක් අශ්‍රද්ධාවත් මාපියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි සමාදන් කරවා ද ඇතුළත් කරවා ද පිහිටවා ද දුශ්ශීල වූ මාපියන් ශීල සම්පත්තියෙහි මසුරු වූ මාපියන් ත්‍යාග සම්පත්තියෙහි ප්‍රඥා විරහිත මාපියන් ප්‍රඥාසම්පත්තියෙහි සමාදන් කරවාද ඇතුළත් කරවා ද පිහිටවා ද, එතෙකින් මාපියනට උපකාර කෙළේ ද ප්‍රත්‍යපුකාර කෙළේ ද අධික කොට උපකාර කෙළේ ද වේය”