Q. මෙි ප්‍රශ්නය වැරදි නමි නිවරදි කරල පිලිතුරක් දෙන ලෙස මම ඉල්ලනව. මට තේරෙන විදියට මම ප්‍රශ්නය අහන්නමි. කෙනෙක් මැරෙන ක්‍රම ගැන කතා කරද්දී කර්මය ඉවරවෙලා මැරෙනවා . ආයුස ඉවරවෙලා මැරෙනවා. කර්මය ආයුස දෙකම ඉවරවෙලා මැරෙනවා.තව ඍතු බීජ වගේ දේවලුත් නිසා මැරෙනවා. එතකොට මට දැනගන්න ඔිනැ කර්මය ආයුසයි දෙකම දෙකම තියෙද්දි කෙනෙක් මැරෙන්න පුළුවන්ද කියලයි. (මට මෙි ප්‍රශ්නය ඇති උනේ මෙි වයිරස් ප්‍රශ්නනෙදි සමහරු කියනවා කොහොම පරිස්සම් උනත් මැරෙන්න තියෙනවා නමි මැරෙනවා කියල. ඒක නිසයි) තෙරුවන් සරණයි!
A. “රෝගාදි අන්තරායයන් ඇති කොට සිදු කරන මරණය උපච්ඡේදක මරණ නම් වේ.”
(ආයුෂයත් තිබිය දී කර්ම බලයත් තිබිය දී අතීත භවවල දී කළ ප්‍රාණඝාතාදි කර්මයකින් හෝ වර්තමානභවයේ කළ පාප කර්මයකින් ම හෝ “රෝගාදි අන්තරායයන් ඇති කොට සිදු කරන මරණය උපච්ඡේදක මරණ නම් වේ.”)
["උපච්ඡේදක මරණය
ආයුෂයත් තිබිය දී කර්ම බලයත් තිබිය දී අතීත භවවල දී කළ ප්‍රාණඝාතාදි කර්මයකින් හෝ වර්තමානභවයේ කළ පාප කර්මයකින් ම හෝ රෝගාදි අන්තරායයන් ඇති කොට සිදු කරන මරණය උපච්ඡේදක මරණ නම් වේ.
උපච්ඡේදක මරණය අකාල මරණය ය. එය කර්මයෙන් පමණක් නො ව, තවත් බොහෝ හේතූන් ගෙන් ද සිදු වන්නකි. ජීවිතය ඉතා දුබල එකකි. කර්මයත් දුබල එකකි. ආහාර පානාදියේ උපකාරය නො ලද හොත්, ආරක්ෂාව නො සැලසුන හොත්, කර්ම ශක්තියට පමණක් ජීවිතය පැවැත්විය හැකි නොවේ. ජීවිතය පවත්නේ ද අන්තරාය මධ්‍යයේ ය. ශරීරය ඇතුළේ ම ද බොහෝ ජීවිත නාශක හේතු ඇත්තේ ය. ශරීරයෙන් පිටත සත්ත්වයා වටේටත් ජීවිත නාශක හේතු පිරී ඇත්තේ ය. ඒ සෑම එකකින්මත් අකාල මරණය සිදු විය හැකි ය."
නාගසේන මහ රහතන් වහන්සේ විසින් මිළිඳු රජුට අකාල මරණ හේතු අටක් වදාරා තිබේ. වාතයෙන් හට ගන්නා ආබාධය, පිතින් හට ගන්නා ආබාධය, සෙමෙන් හට ගන්නා ආබාධය, සන්නිපාතයෙන් වන ආබාධය, සෘතු විපර්‍ය්‍යාසය, ශරීරය නො මනා කොට පරිහරණය කිරීම, උපක්‍රම කිරීම, කර්ම විපාකය යනු ඒ කරුණු අටය ය.
සන්නිපාතයෙන් වන ආබාධය යනු දොස් දෙකකින් හෝ තුනෙන් ම හට ගන්නා ආබාධය ය.
සෘතු විපර්යාසය යනු ශීතෝෂ්ණ දෙක්හි අඩු වැඩි වීම ය. මහ වැසි වැස, ගම් නියම් ගම් යට කොට ගලා යන වතුරට හසු වී වන මරණත්, වැසි නැති වීමෙන් නොයෙක් රෝග හට ගැනීමෙන් හා බත් පැන් නැති වී යෑමෙන් සිදු වන මරණත් සෘතු විපර්‍ය්‍යාසයෙන් වන මරණයෝ ය.
පරෙස්සම් නො වීම නිසා රථ වාහනවලට යටවීම්, ගින්නට හසු වීම්, දියෙහි වැටීම් ආදියෙන් සිදු වන මරණය ශරීරය නො මනා කොට පරිහරණයෙන් වන මරණ ය.
උපක්‍රමයෙන් වන මරණය තමාගේ උපක්‍රමයෙන් හා අනුන්ගේ උපක්‍රමයෙන් ද යන දෙයාකාරයෙන් ම සිදු වේ. ඇතැම්හු විෂ පානය කිරීම්, බෙල්ලේ වැල ලා ගැනීම්, දියට පැනීම්, දුම්රියට බෙල්ල තැබීම් ආදිය කොට මිය යති. ඒ මරණය තමාගේ උපක්‍රමයෙන් සිදු වන මරණය ය. සර්පයන් ගෙන් ද, චණ්ඩ මෘගයන් ගෙන් ද, අමනුෂ්‍යයන් ගෙන් ද, යුද්ධයෙන් ද, සොරුන්ගෙන් ද, සතුරන් ගෙන් ද, රජුන් ගෙන් ද, වන මරණ පරෝපක්‍රමයෙන් වන මරණයෝ ය.
අතීත භවවලදී කළ ප්‍රාණඝාතාදි කර්ම නිසාත්, වර්තමාන භවයේ ම කළ කර්ම නිසාත් ඇතැම්හු මැරෙති. එය කර්ම විපාකයෙන් වන මරණය ය. සියල්ල කර්මයෙන් ම වන්නේය යි ගැනීම මිථ්‍යා දෘෂ්ටියකි. කර්මයෙන් මරණය සිදු කරන්නේ ද වාතකෝපාදිය ඇති කිරීමෙනි. එබැවින් අකාලයේ කෙනකු මළ හොත් එය කර්මයකින් වූවක් ද අනික් හේතුවකින් ම වූවක් ද කියා නො දත හැකිය."]
https://pitaka.lk/books/abhidharma-margaya/6-10.html
A. "... ජීවිතින්‍ද්‍රියොපච්ඡේද මරණය යි කියනු ලැබේ. ඒ හැරැ සමුචේඡද මරණය, ක්‍ෂණික මරණය, සම්මුති මරණය යි, තවද මරණ තුනෙක් ඇත්තේ ය. සමුචේඡද මරණ නම් රහතන් වහන්සේගේ සියලු සසර දුකින් මිදීම සංඛ්‍යාත මරණය යි. ක්‍ෂණික මරණ නම් සංස්කාරයන්ගේ ක්‍ෂණ භඞ්ගය යි. සම්මුති මරණ නම් “ගස මැරුණේ ය. ලෝභය මැරුණේ ය” යනාදි වශයෙන් පවත්නා ලෝක සම්මත මරණය යි. මේ ත්‍රිවිධ මරණ මෙහි අදහස් නො කරන ලද බව ද මුල දැක්වුනු ජීවිතෙන්‍ද්‍රියොපච්ඡේද මරණය ම අදහස් කරන ලද බව ද දත යුතු යි.
ඒ ජීවිතෙන්‍ද්‍රියෝපච්ඡේද මරණය ද වනාහි කාල මරණය, අකාල මරණය යි යළි දෙවැදෑරුම් වේ. කාල මරණය පුණ්‍යක්‍ෂයයෙන් හෝ ආයුඃක්‍ෂයයෙන් වන්නේ ය. අකාල මරණය උපචේඡදක කර්‍මයෙන් වන්නේ ය.
එහි විස්තරය මෙසේ ය:- උපන් භවයෙහි ආයුසන්තතිය පැවැතීමට හේතු වූ ආහාරාදි ප්‍රත්‍යය සම්පත් ඇත ද ප්‍රතිසන්‍ධි ජනක කර්‍මය විපාක දී අවසන් වීමෙන් යමෙකුගේ මරණය වේ ද, ඒ පුණ්‍යක්‍ෂය මරණය යි. කාල ආහාරාදි සිම්පත් නැති වීමෙන් මෙ කල මිනිසුන්ට ශතවර්‍ෂ ප්‍රමාණ ආයුෂ ක්‍ෂය වීමෙන් සිදුවන මරණය මෙන් යමකුගේ මරණය වේද, එය ආයුඃක්‍ෂය මරණය යි. අකාල මරණය තත් ක්‍ෂණික වශයෙන් ද පූර්‍වකෘත වශයෙන් දැ යි දෙ ආකාරයෙකින් සිදු වේ. දූසීමාරකලාබු රාජාදීන්ට මෙන් ඒ ඇසිල්ලෙහි කළ බලවත් වූ අකුශල කර්‍මයෙන් උන්තැනින් චුතවීම් වශයෙන් සිදුවන මරණය තත් ක්‍ෂණික අකාල මරණය යි. පූර්‍ව ජාතික උපච්ඡේද කර්‍මයෙන් අවියෙන් පැහැර සිය දිවි නසා ගැනීම් ආදි වශයෙන් සිදුවන මරණය පූර්‍වකෘත අකාල මරණය යි.
පුණ්‍යක්‍ෂය මරණය, ආයුඃක්‍ෂය මරණය, උපක්‍රම මරණය යන මේ ත්‍රිවිධ මරණය ම යට කී ජීවිතේන්‍ද්‍රියොපච්ඡේද මරණයෙහි ඇතුළත් බව දත යුතු යි. ඒ මරණය පිළිබඳ වූ අනුස්මෘතිය මරණානුස්මෘතිය යි. (මෙහි පුණ්‍යක්‍ෂය මරණය යි කීයේ ප්‍රස්තුත වශයෙනි. පාපාක්‍ෂයයෙන් ද මරණය සිදු වේ. එ බැවින් එය කර්‍මක්‍ෂය මරණය යි ද කියනු ලැබේ. උපන් ලෝකයට නියමිත ආයුෂ තව ශේෂ වැ තිබියදීත් ප්‍රතිසන්‍ධි දුන් කර්‍මයේ ශක්තිය අවසන් වීමෙන් සිදුවන මරණය කර්‍මක්‍ෂය මරණය යි ද ප්‍රතිසන්‍ධි දුන් කර්‍මයේ ශක්තිය තව ශේෂ වැ තිබියදීත් උපන් ලෝකයට නියමිත ආයුෂය අවසන් වීමෙන් සිදුවන මරණය ආයුඃක්‍ෂය මරණය යි ද, කර්‍ම-ආයු යන දෙක්හි ම ශක්තිය තව ශේෂ වැ තිබියදීත් දෘෂ්ටධර්‍ම වශයෙන් හෝ අපරාපරිය වශයෙන් හෝ කළ බලවත් ම අන්‍ය කර්‍මයෙක ශක්තියෙන් සිදුවන මරණය උපච්ඡේදක මරණය යි ද කී නියා දත යුතුයි. මෙයින් මුල් දෙක කාල මරණය යි ද තෙ වැන්න අකාල මරණය යි ද කියනු ලැබේ. කර්‍ම-ආයු දෙක්හි ම ශක්තිය එකවිට අවසන් සිදුවන උභයක්‍ෂය මරණය ද කාල මරණයෙහි ම ඇතුළති.)"
https://pitaka.lk/books/vishuddhi-margaya/10-1.html