Q. පටිච්ච සමුප්පාදය තුන් කාලයට බෙදීම නිවැරදිද ?
මෙය ඇති කල්හි මෙය වේ.
මෙය උපදින කල්හි මෙය උපදී
මෙය නැති කල්හි මෙය නැත
මෙය නැති වන කල්හි මෙය නැතිවේ
මෙම ආර්‍ය න්‍යයායට අනුව පටිච්ච සමුප්පාදය කාලයට අනුව ගැලපිය නොහැකියි නේද?
A / R. "කාල තුන.
පටිච්ච සමුප්පාදාඞ්ගයන් ගෙන් අවිජ්ජා - සඞ්ඛාර යන අඞ්ග දෙක අතීත කාලයකට අයත් ය. ජාති - ජරා මරණ යන අඞ්ග දෙක අනාගත කාලයට අයත් ය. විඤ්ඤාණ - නාමරූප - සළායතන - ඵස්ස - වේදනා - තණ්හා - උපාදාන - භව යන අඞ්ග අට වර්තමාන කාලයට අයත් ය. භව වශයෙන් කියත හොත් අවිජ්ජා - සඞ්ඛාර දෙක අතීත භවයට අයත් ය. ජාති ජරාමරණ යන දෙක අනාගත භවයට අයත් ය. මැද අඞ්ග අට වර්තමාන භවයට අයත් ය.
යම් කිසිවකු මහා සාගරයෙන් වතුර ටිකක් අතට ගෙන, එයින් මුළු මහ සයුරෙහි ම ජලය ලුණු රස බව දක්වන්නාක් මෙන් තථාගතයන් වහන්සේ අවිජ්ජාපච්චයා සඞ්ඛාරා යනාදීන් වර්තමාන භවය සම්පූර්ණයෙන් දැක්වීම් වශයෙන් කොනක්නැති සකල සංසාරය ම දක්වා වදාළ සේක. එක් භවයක් සම්පූර්ණ කොට දේශනය කිරීමේ දී ඒ භවයේ හේතු ඵල දෙක ද දැක්විය යුතු ය. අවිජ්ජා - සඞ්ඛාර යන අඞ්ග දෙක පටිච්ච සමුප්පාදයට එකතු කොට ඇත්තේ වර්තමාන භවය ඇති වීමේ හේතුව දැක්වීම පිණිස ය. ජාති ජරා මරණ දෙක එකතු කර ඇත්තේ වර්තමාන භවයෙන් වන අනාගත ඵලය දැක්වීම පිණිස ය.
මෙහි තථාගතයන් වහන්සේ විසින් අතීත හේතු වදාරා ඇත්තේ, සත්ත්වයා ඉබේ ම ඇති වුණා ය යන දෘෂ්ටිය හා දෙවියන් විසින් සත්ත්වයා මැවුවාය යන දෘෂ්ටිය නැති කිරීම පිණිස ය. අනාගත ඵල දක්වා ඇත්තේ, මරණින් මතු ඉපදීමක් නැත යන දෘෂ්ටිය නැතිකිරීම පිණිස ය හේතු ඵල පරම්පරාව වදාරා ඇත්තේ, ආත්ම දෘෂ්ටිය නැති කරනු පිණිස ය."
A. “… මෙය වනාහි තොපිද මෙසේ කියව්, මමද එසේ කියමි. මෙසේ මේ හෙතුව ඇති කල්හි මේ ඵලය වෙයි. මොහුගේ උත්පත්තියෙන් මේ ඵලය උපදියි. එනම් - අවිද්‍යාව ප්‍රත්‍යය කොට සංස්කාරයෝ වෙත්. සංස්කාර ප්‍රත්‍යය කොට විඤ්ඤාණය වෙයි. …”
(“ … තුම්හෙපි එවං වදෙථ, අහම්පි එවං වදාමි - ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, යදිදං - අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං … ”)
http://pitaka.lk/18138/404/cs,aps
“ … මෙසේ මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධවේ. එනම් “නොදැනීම නැති බව හේතුකොට ගෙන සංස්කාර (කර්ම) නොවන්නේය. සංස්කාර (කර්ම) නැති බව හේතුකොටගෙන විඥාන විපාක සිත් නොවන්නේය. …”
(‘‘ඉති ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති, යදිදං - අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො …”)
http://pitaka.lk/39102/cs,aps
http://pitaka.lk/221046/cs,aps
http://pitaka.lk/221030/cs,aps
http://pitaka.lk/221029/20/cs,aps