829. තාවකාලික පැවිද්ද හොඳ ද? නරක ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. තාවකාලික පැවිද්ද සම්බන්දව ඔබගේ අදහස කුමක්ද? එහි හොද නරක,
ස්වාමීන් වහන්සේලාට අදහස් දැකවිය හැකි නම් ඉතා අගනේය.
තෙරුවන් සරණයි...

A / R. "820. යමෙක් පෙර (පැවිද්දෙන්) එකලා වැ ලොවැ හැසිර පසු කල්හි මෙවුන්දම් සෙවුනේ නම් අදාන්ත (හස්ත්‍යශ්වාදි) යානයක් සෙයින් එ (සිවුරලු) පුහුදුනා හීන යයි කියත්.
821. පෙර මහණ බැව්හිදී ඔහුගේ යම් යශසෙක් ද කීර්තියෙක් ද වී නම්, එ යශස හා කීර්තිය පිරිහේ මැයි. මෙ යශස් කීර්ති හානිය දැක මෙවුන්දම් දුරලනු සඳහා ත්‍රිවිධශික්ෂායෙහි හික්මෙන්නේ යි.
822. කාමාදිසංකල්පයෙන් මැඩුනු එ සිවුරුලු දිළින්දකු සෙයින් සිත යි. එබඳු පුඟුල් උපාධ්‍යාදි අන්‍යයන්ගේ වදන් අසා මකු වන්නේ යි.
823. ඉක්බිති පරවාදයෙන් චෝදිත වූ හේ දුශ්චරිත නැමැති ශස්ත්‍ර‍න් කෙරෙයි, මෘෂවාදයට බැස ගණියි, එ වූකලී ඔහට මහා බන්‍ධනයෙකි.
824. පළමු ‘පණ්ඩිතයෙකැ’යි ප්‍ර‍සිද්ධ වූ එකලා වාසයෙහි පිහිටි හෙ (පස්කල්හි) මෙවුන්දම්හි නියැලියේ මූඪයකු සෙයින් කෙලෙසෙන්නේ යි.
825. මෙ සස්නෙහි මුනිතෙම පෙර මහණදම්හි සැපත් හා පසු (ගිහිකල) විපත් හා යන තෙල ආදීනව දැක එකලා වාසය දැඩි කරන්නේ ය, මෙවුන්දම් නො සෙවුනේ යි.
826. බුද්ධාදි ආර්යයන්ගේ උත්තම වූ තෙල ත්‍රිවිධවිවෙකයෙහි මැ හික්මෙන්නේ ය. ඒ විවෙකය හේතුකොට ගෙණ ‘මම ශ්‍රේෂ්ඨ යෙමි’යි ද නො හඟනේ ය. හේ ඒකාන්තයෙන් ම නිවන සමීපයෙහි වන්නේ යි.
827. කායදුශ්චරිතාදියට නිමිත්ත වූ කෙලෙසුන් කෙරෙන් සිස්  වූ හුදෙකලාව හැසිරෙන, කාමයන්හි අපේක්ෂා නැති, චතුරොඝතරණය කළ රහත් මුනිහට කාමයන්හි ගිජුවූ සත්ත්‍වයෝ කැමැති වෙත්."

A / R. "2655. මා විසින් විපස්සී බුදුරජුන්ගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සත්කාර හා බුහුමන් කරණ ලදුයේ විය. මට ආපදාවක් පැමිණියේ ය. පෙර ඤාතීන් අතර භෙදයක් ඇති විය.
2656. මම ඒ උවදුරින් සන්සිඳීම පිණිස බුදුසස්නෙහි රිසියෙන් පැවිදිව සතියක් එහි ඇලුනෙම් විසීමි.
2657. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් හෙයකින් මම් පැවිදි වූයෙම් ද (ඒ පැවිදි වීම හෙතු කොට ගෙණ) දුගතියක් නො දනිමි. පැවිද්දෙහි මේ විපාක යි.
2658. මෙයින් සත්සැටවනු කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති සුනික්ඛම නම් වූ සත් සක්විති රජකෙනෙක් වූහ.
2659. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමොක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තාහපබ්බජිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි."

{T / R. සීරළු ප්‍ර‍ශ්නය
“මහරජානෙනි, එතෙකුදු වුවත් යම් අඥානකෙනෙක් සිවුරු හැර ගෘහස්ථභාවයට පැමිණෙද් ද, ඒ සිවුරුහළ ජනයෝ සර්වඥ ශාසනයාගේ අසදෘශ වූ පඤ්චවිධ වූ ගුණයක් දක්වති. ඒ පඤ්චවිධ වූ ගුණය කවරේ ද? යත්- ප්‍ර‍ව්‍ර‍ජ්‍යාභූමියෙහි මහත්බව දක්වති. ප්‍ර‍ව්‍ර‍ජ්‍යාවෙහි පරිසුද්ධවිමලභාවය දක්වති. පාපයන් හා අසංවාසිභාවය දක්වති. දුෂ්ප්‍ර‍තිවෙධභාවය දක්වති. බොහෝ වූ සංවර රක්ෂා කරණබව දක්වති. ..."}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll