251. නිරයගාමී ද නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අපි සිතින්, කයින් සහ වචනයෙන් කරන අකුසල් නිරයගාමී සහ නිරයේ නොයන ලෙස බෙදීමක් තිබේද? නිරයගාමී අකුසල් මොනවාද ? තෙරුවන් සරණයි!

A. සරලව ම, ආනන්තර්ය පාප කර්ම පහෙන් එකක් හෝ කළා නම්, නිසැකවම දෙවන/ඊළඟ ජාතියේ දී අපායේ උපදවන බව කිව යුතු ම ය.

A / R. මිත්‍යා දෘෂ්ටි(ය) ද, දස අකුසල ද දෙවන/ඊළඟ භවයේ දී ම දුගතිගාමි විය හැකි බරපතල අකුසල කර්ම(යක්) බව කිව යුතුය. [මේවායේ විරුද්ධ (කුසල) කර්ම(ය) නිසාවෙන් සුගතිගාමී වන වබ කිව යුතුය.]
http://pitaka.lk/28215/cs,aps
http://pitaka.lk/401226/cs,aps
http://pitaka.lk/20117/cs,aps
http://pitaka.lk/29164/cs,aps
http://pitaka.lk/352610/cs,aps
http://pitaka.lk/19122/cs,aps ...
https://dhammawiki.com/index.php/62_kinds_of_wrong_view ...

A / R.“පුණ්ණය, මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරනලද්දාවූ මේ කර්ම සතරක් වෙත්. කවර සතරක්දයත්, පුණ්ණය, කෘෂ්ණවූ (දස අකුසල් කර්ම පථවූ) කෘෂ්ණ විපාක ඇති (අපායෙහි උපදින හෙයින් කළුවූ විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, ශුක්ලවූ (දසකුසල කර්ම පථයවූ) ශුක්ල විපාක ඇති (ස්වර්ගයෙහි උපදින හෙයින් සුදුවූ විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, කෘෂ්ණවූද, ශුක්ලවූද (මිශ්‍රක කර්මයවූ) කෘෂ්ණවූද, ශුක්ලවූද විපාක ඇති (සැපවූද දුක්වූද විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, කෘෂ්ණ නොවූ, ශුක්ලනොවූ, කෘෂ්ණ ශුක්ලනොවූ විපාක ඇති (යම්) කර්මයක් කර්මක්ෂය කිරීම පිණිස පවතීද (එබඳුවූ) කර්මයක්ද ඇත්තේය.” … http://pitaka.lk/19107/81/cs,aps

{“…දුගතිගාමි විය හැකි … ”
https://www.facebook.com/.../permalink/1493056124335147/...}

A / R.<<< “ගාමණිය, යමක් යමක් බහුලකොට කරමින් වාසය කෙරේද, ඒ ඒ දෙයින් යන්නේ නම් එසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්‍රයාගේ වචනය පරිදි කිසිවෙක් අපායට නොයන්නේය. නිරයට නොයන්නේය. ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද?” >>> http://pitaka.lk/24178/cs,aps

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll