750. කොච්චර පිං කරත්, මැරෙන වේලාවේ දී පවක් සිහි උණොත්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මට මේ ප්‍රශ්නයට ස්වාමීන් වහන්සේ නමකගෙන් පිළිතුරක් අවශ්‍යයි...
හාමුදුරුවනෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා... කෙනෙක් මැරෙන්න යද්දී ඇති වන අවසාන සිතද උපාදානය වෙන්නේ ඊලග බවයේ උපතට?
උදාහරණයක්: එක තාත්තා කෙනෙක් / අම්මා කෙනෙක් ගොඩක් පින් කරලා එක පාරට මැරෙන්න (heart attack) යද්දී තමන්ගේ පොඩි ලමයාව මතක් වෙලා මැරෙනවා. එතකොට ඒ මනුස්සයා ඒ තමන්ගේ ලමයා පිලිබද තෘශ්නාවෙන් මැරෙනවා. එතකොට එයා කරපු පින් වලින් එයාට හොද මරනයක් නෙවෙයි නේද වෙන්නෙ? ඒක එයාට වෙන අසාධාරණයක් නෙවෙයිද? මට මේ පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍යයී.

A. “කොච්චර පිං / කුසල් කරලා තිබ්බත්, අවසාන සිතට නරක (ලෝභ / ද්වේශ / මෝහ) සිතක් ආවොත් අපායේ (දුගතියේ) යනවා නං, මෙච්චර පිං / කුසල් කරන එකේ තේරුම මොකක් ද?” වගේ ප්‍රශ්නයක් තමා ඔය අහන්නේ.

{සාමාන්‍යයෙන් අවසාන සිත උපාදානය වෙනවා කියන්න පුළුවන් [(අවසාන සිත් වැලේ, ප්‍රබල සිත් (ජවන සිත්) අනුව තමා ඊළඟ උපත]; එහෙම ගත්තා ම අවසාන සිත අනුව තමා ඊළඟ උපත.}

කොච්චර පිං / කුසල් කරලා තිබ්බත්, අවසාන සිතට නරක (ලෝභ / ද්වේශ / මෝහ) සිතක් ආවොත් අපායේ (දුගතියේ) යන්න පුළුවන් හින්දම තමයි, එක අතකින්, පුළුවන් තරං පිං / කුසල් කරන්න ම ඕන.

මොකද, බැරි වෙලාවත් අවසාන සිතට නරක (ලෝභ / ද්වේශ / මෝහ) සිතක් ආවොත් ආපයේ යන එක වලක්වන්න බැරි උණාට, අපායේ දුක් විඳින කාලය අවම කරන්න පුළුවන්. 
(මේ බව ගම්‍ය කරගන්න පුළුවන් හොඳම කතාව තමා “මල්ලිකා දේවියගේ කථාව” ("ධර්මාශෝක රජතුමාගේ කතාව"ත් = ධර්මාශෝක රජු > පිඹුරෙක් > දවස් හතක් > ...)

“මල්ලිකා දේවියගේ කථාව” වගේ සිදුවීම් හැර, ගොඩාක් පිං / කුසල් කරපු කෙනෙක්ට අවසානෙට නරක හිතක් එන සම්භාවිතාව ගොඩක් අඩුයි කියලා හිතන්නත් පුළුවන්.
පිං / කුසල් වලත් තියනවා “බර”. පොඩි-පොඩි පින් / කුසල් වගේම “බර” පිං / කුසල් කරන්නත් අමතක කරන්න හොඳ නෑ - බර අනුව තමා අවසාන සිතට පිං / පව් එන්නේ.

මාර්ග-ඵල නැත්තන් හරි ගරුක කුසල කර්ම නැත්තන් හරි තමා මේ ප්‍රශ්නේත් එන්නේ. (ඊළඟට උත්කෘෂ්ට කුශල කර්ම නැති හින්දා කියලා කියන්නත් පුළුවන්.)
කරන්නං වාලේ හෝ අනුන් කරනවාට හෝ ලෝකෙට/ලෝකයාට පේන්ඩ පිං / කුසල් නොකර, පිං / කුසල් කරන හැම වෙලාවක දී ම “කර්ම-කර්ම ඵල” විශ්වාස කරන එක තමා වටනා ම දේ.

කොටින් ම තේරෙන්න කියනවා නම්, කරන්නං වාලේ හෝ අනුන් කරනවාට හෝ ලෝකෙට/ලෝකයාට පේන්ඩ නොව, “කර්ම-කර්ම ඵල” විශ්වාස කරගෙන ම, පුළුවන් තරන් මොනවා හරි පිං / කුසල් කරන්න; “හිඟන දාන” වගේ ම “මහා දාන” ද දෙන්න; “හිඟන පිංකන්” වගේ ම “මහා පිංකම්” ද කරන්න; “බලු-කපුටු දාන” වගේ ම “සාංඝික දාන” ද දෙන්න; දාන - ශීල මෙන් ම සමථ - විදර්ශනා ද වඩන්න.

“පංච නියාම ධර්ම” වලට “සාධාරණ / අසාධාරණ” කියන වචන ගැලපෙන්නේ නැති වුණාට, ඒ කිසි ම නියාමයක් අසාධාරණ නෑ. “කර්ම නියාමය” හරිම සාධාරණයි කියලා කියන්නත් පුළුවන් - මොකද අපිට පුළුවන් අපායේ උපදින්නේ නැති තැනට ම කර්මය වෙනස් කරන්න, කර්මක්ෂය කරන්න කලින්. 

{“මල්ලිකා දේවියගේ කථාව” https://pitaka.lk/books/karma-vipaka/7-23.html

{“මහණෙනි, මේ ලෝකයෙහි ඉතා දූෂිතවූ ඇතැම් පුද්ගලයෙකුගේ සිත මම මාගේ සිතින් මෙසේ පිරිසිඳ දනිමි මෙසමයෙහි මේ පුද්ගලයා ඉදින් කලුරිය කෙළේ නම්, (අතින්) ගෙණ එන ලද්දක් බහා තබන්නාක් මෙන් හෙතෙම නරකයෙහි උපදනේය. මක්නිසාද යත්, ඔහුගේ සිත ඉතා දූෂිතවූ හෙයිනි. “මහණෙනි, සිත බොහෝ සේ කෙලසීම හේතු කොට ගෙණ ද මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු අපාය නම්වූ, දුගති නම්වූ, විනිපාත නම්වූ නරකයෙහි උපදිත්.”
https://pitaka.lk/main?n=401023&p=20}

A. පව් / අකුසල් තමා සසර දුක් ලබන්න / විඳින්න / විඳවන්න වගේම, දුගතියේ උපදින්න තියන එක ම (නොවරදින) ප්‍රධානතම මඟ.
පිං / කුසල් තමා සසර සැප ලබන්න / විඳින්න වගේම සුගතියේ උපදින්න තියන එක ම නොවරදින ප්‍රධානතම මඟ. 

A. {“කරන්නං වාලේ හෝ අනුන් කරනවාට හෝ ලෝකෙට/ලෝකයාට පේන්ඩ පිං / කුසල් නොකර, පිං / කුසල් කරන හැම වෙලාවක දී ම “කර්ම-කර්ම ඵල” විශ්වාස කරන එක තමා වටනා ම දේ. =

"කාමාවචර කුශලයෙන් කාම සුගතියෙහි ප්‍ර‍තිසන්ධිය ඇති කරනු ලැබේ. ප්‍ර‍වෘත්ති කාලයෙහි මහා විපාක අටය, අහේතුක කුශල විපාක අටය යන සිත් සොළොස ම සුදුසු පරිදි කාම-රූප ලෝක දෙක්හි ඇති කරනු ලැබේ.

ත්‍රිහේතුක කුශලය, ද්විහේතුක කුශලය කියා කාමාවචර කුශලය දෙවැදෑරුම් වේ. ඥාන සම්ප්‍ර‍යුක්ත සිත් සතර ත්‍රිහේතුක ය. ඥාන විප්‍ර‍යුක්ත සිත් සතර ද්විහේතුක ය. එයින් ත්‍රිහේතුක කුශලය බලවත් ය. ද්විහේතුක කුශලය දුබල ය. ත්‍රිහේතුක කුශලය ද උත්කෘෂ්ට - ඕමක වශයෙන් දෙ පරිදි වේ. ද්විහේතුක කුශලය ද එසේ ම දෙ පරිදි වේ.

ජනයා අතර තමා උසස් කෙනකු ලෙස පෙනී සිටීමේ බලාපොරොත්තුවෙන් හෝ අනුන් පහත් කිරීමේ අදහසින් හෝ යම් කුශලයක් කෙරේ නම්, අදහස අපිරිසිදු බැවින් ඒ කුශලය හීන වේ. කුශලය කිරීමට සමීප කාලයේ දී හා කුශලය කිරීමෙන් පසු, එයට සමීප කාලයේ දී ද අකුසල් සිත් ඇතිවුව හොත් දෙපස ඇති වූ අකුශලයන් නිසා කුශලය හීන වේ. කුශලය කොට, “මා කළේ මෝඩ කමක්ය” යනාදීන් කළ කුශලය ගැන නොසතුටක් ඇති කර ග්තතේ නම් එයින්ද කුශලය හීන වේ. ඕමක කුශලයයි කියනුයේ හීන කුශලයට ය. අත්තුක්කංසනයෙන් හෝ පරමවම්භනයෙන් හෝ පූර්වාපරභාග දෙක්හි ඇති වන කෙලෙසුන් ගෙන් හෝ කිලිටි නො වූ, කිරීමෙන් පසුත් “මා විසින් යහපතක් කරන ලද්දේය” කියා නැවත නැවත සතුට ඇති කර ගත්තා වූ කුශලය උත්කෘෂ්ට කුශලය වේ.” …}

https://pitaka.lk/books/abhidharma-margaya/6-9.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll