805. පසේ බුදුවරු ඝාතනය කළ හැකි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රහතුන් මැරීම යන ආනන්තරිය පාප කර්මයට පසේ බුදුන් මැරීමත් අයිතිද?

A. පසේ බුදුවරුන්ද අරහත්වයට පත්ව ඇති නිසා එය ආනන්තරීය පාපකර්මයක් වේ.

Q. පසේබුදුන් වහන්සේලා ඝාතනය කල හැකි ද​?

T. බුදුවරයන් ඝාතනය කළ නොහැකි බවත්, එය ධර්මතාවයක් බවත් ධර්මයේ සඳහන්... නමුත් පසේ බුදුවරයන් ගැන එසේ සඳහනක් හමු වී නොමැත... එසේ ඇත්නම් දැනුවත් කරන්න...

A / R. ... 811 ‘‘අථද්දසාසිං සම්බුද්ධං, සුනෙත්තං භාවිතින්ද්‍රියං;
නිසින්නං රුක්ඛමූලස්මිං, ඣායන්තං අකුතොභයං.
811 “ඉක්බිති වඩනාලද ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් ඇති රුක්මුල භාවනා කරමින් වැඩහුන්නාවූ බිය නැත්තාවූ සුනෙත්‍ර නම් වූ පසේ බුදුන් මම දුටුවෙමි.

812 ‘‘සාලිත්තකප්පහාරෙන, භින්දිස්සං තස්ස මත්ථකං;
තස්ස කම්මවිපාකෙන, ඉදං දුක්ඛං නිගච්ඡිසං.
812 “උන්වහන්සේගේ හිස ගල් විදුම් පහරින් පොඩි කෙළෙමි. ඒ අකුශල කර්ම විපාක හේතුවෙන් මෙබඳු දුකට පැමිණියෙමි. ...

R. 820. අථද‍්දසාසිං සම‍්බුද‍්ධං සුනෙත‍්තං භාවිතින්‍ද්‍රියං,
නිසින‍්නං රුක‍්ඛමූලස‍්මිං ඣායන‍්තමකුතොභයං.
820. වැඩූ ඉඳුරන් ඇති රුක්මුල වැඩහුන්, භාවනා කරන කිසි ලෙසෙකිනුත් බියක් නැති සුනෙත්‍ර නම් පසේබුදුන් දිටිමි.
821. සාලිත‍්තකප‍්පහාරෙන භින්‍දිස‍්සං තස‍්ස මත්‍ථකං,
තස‍්ස කම‍්මවිපාකෙන ඉදං දුක‍්ඛං නිගච‍්ඡිසං.
821. මම අතකුරු ගැසීමෙන් උන්වහන්සේගේ හිස පැළුවෙමි. ඒ පව්කම්හි විපාකයෙන් මේ දුකට පැමිණියෙමි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll